ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂක සම්පත් ගනේපොළ ආරච්චිගේ වැඩ තහනම් කිරීමට එහි ඉහළ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. Sri Lanka Latest News
බිලියන 1.8ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ඉකුත් 11 වැනිදා එම තීරණය ඔහු වෙත දන්වා තිබෙන බවයි සඳහන්.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ගිණුමට මූලාශ්‍ර නොමැතිව කෝටි දෙසීයකට ආසන්න මුදලක් බැරවී තිබෙන අතර එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ මුදල් වාර්තා තබා නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.
ඊට අමතරව එම මුදල් අක්‍රමවත් ලෙස භාවිත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙන බවයි එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කළේ.
මේ අනූව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ පාලනාධිකාරිය තීරණය කර තිබෙන්නේ.
පසු ගිය මැයි 28 වැනිදා කළ විගණන වාර්තාවට අනුව මෙම වැඩ තහනම් කිරීමට හේතු වූ මුදල රුපියල් 1,828,538,560ක් බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.










