මෙවර ගංවතුරට කවදාවත් නොමැතිව ගම්පහ නගරය ජලයෙන් යටවුණේ කාන්තාවක විසින් කෲඩනියා සෙලනිකා ශාකය ඉවත් කිරීමට ඉඩ නොදුන් බවට අමාත්‍යවරයකු කළ ප්‍රකාශය මෝඩ එකක් බවත්, ඒවැනි මෝඩ ගොන් කතා කියන ඇමැතිවරු ආණ්ඩුවේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහාතා කීය.
මෙවර ගම්පහ යට වුණේ කිසිදු සැලැසුමකින් තොරව සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් බවත්, අද කණු මතින් යන බව කී අධිවේගී මාර්ගය ගම්පහ ප්‍රදේශයේදී පස් පුරවා සිදු කරන බවත්, ගංවතුරට හේතුව එය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඊයේ දින අධිවේගී මාර්ගයට මුල්ගල් තැබීමේ උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කියා සිටියේ ගම්පහ කාන්තාවක් ගසක් සම්බන්ධයෙන්සා මතුකළ ප්‍රශ්නයක් නිසා මෙවර ගම්පහට ගංවතුරක් පැමිණි බවකි.










