• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී….! මෙහෙමත් තාත්තලා මේ රටේ ඉන්නවා…! Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී….! මෙහෙමත් තාත්තලා මේ රටේ ඉන්නවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අපි දන්නවා අපේ තාත්තලා අම්මලා අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කළාද පුංචි කාලේ අපිව උස් මහත් කරන්න කියලා. බහුතරයක් මවුපියන් දරුවන් වෙනුවෙන් තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටුකරන්නේ තමන්ගේ ජීවිතත් පරදුවට තියලා. ඒ, දරුවන්ගේ ජීවිතවලට සතුට දෙන්න තියෙන වුවමනාව නිසයි. පියවරු තමන්ට ඇඳුමක්වත් ගන්නේ අවුරුදු කීයකට සැරයක්ද?සෙරෙප්පු ගෙවෙන කල් හිඩැස් එනකල් දානවා. කලිසම් දිරාපත් වෙනකල් අඳිනවා. අලුතෙන් ඇඳුමක් සෙරෙප්පුවක් ගන්නේ නෑ. ඒ මුදල් පවා ඉතිරි කරලා දරුවන් වෙනුවෙන් යොදවනවා. ඒ වුණත් තමන්ගේ ආදරණීයයන්ට ආදරය දෙන්න බැරි වුණොත් ඔවුන්ගේ ජීවිතවලට අසරණභාවයක් දැනෙනවා. එහෙම හීනවලට ආදරය කරන කතාවක් අපේ හදවත සසල කරන්නට වුණා. Sri Lanka Latest News

අසරණ පියෙකු ජීවත් වෙන්න වෙර දරන වෑයම පිළිබඳ පසුගිය සතියේ සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී තිබුණා. මේ අනුව බොහෝ දෙනෙකු එම විඩියෝව දැක බොහොම සංවේදීව අදහස් දක්වා තිබුණා. මේ පියා තමන්ගේ වයසවත් නොතකා, පාදවල ඇති ආබාධ තත්ත්වය ගැනද නොතකමින් ආර්ථිකය සරිකරගන්න පාපැදියෙන් ගමන් කළේ මුළුතැන්ගෙට වගේම නිවසට අවශ්‍ය ප්ලාස්ටික් උපකරණ අලෙවි කිරීම සඳහායි. ඔහු පාපැදියේ ලෑලි පෙට්ටියක් බැඳගෙන එහි කොසු, බාත්රුම් කොසු ආදී විවිධ කොසුවර්ගද පුරවාගෙන රට පුරා විවිධ ස්ථානවලට රැගෙන යන්නේ ඒවා අලෙවි කර, තමන්ට ඉන්න හිටින්නට තැනක් තනාගැනීමේ අපේක්ෂාවෙන්. මේ ආබාධිත පියා ගමන්කරන පාපැදියද දැඩි සේ දිරාපත්වූ එකක්.

ඔහු මේ වෙර දරන්නේ තමන්ගේ වයසට නොවෙයි. දරුවන් දෙදෙනකුගේ ජීවිත සහ බිරිඳගේ ජීවිතය රැකීමටයි. ඔවුන් ජීවත් වන්නේ දහසක් දුක් කම්කටොලු හිතේ දරාගෙනයි. වයස 52ක් වුවත් වෙර වීරියෙන් දවසේ කටයුතු කරගෙන කීයක් හරි උපයාගෙන දවස ගෙවලා ගෙදරටත් මුදලක් දෙනවා. තමන් යමක් ඉපැයුවොත් තමයි දවසක් හරි කාලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. දැනට මේ පියා ජීවත් වෙන්නේ වාද්දුව මාවර මොරොන්තුඩුව කියන ගමේ කුලී නිවසකයි. ඔහු විඳින දුක් කම්කටොලු ගැන විස්තර කළේ මේ ආකාරයටයි.

‘මගේ සමෘද්ධිය කාඩ් එකෙ තිබ්බා රුපියල් 100ක්. ඒකත් කැපුවා. මම ආබාධිතයෙක්. රජයෙන් දෙන ආබාධිත දීමනාවවත් මට හම්බවෙලා නැහැ. එක පුතෙක් මේ අවුරුද්දේ විභාගේ කරනවා. අනෙක් පුතාට ජොබ් එකක් නැහැ. ඉන්න ගෙයක් නැහැ. ගෙයක් හදාගන්න තමයි මහන්සි වෙන්නේ. මේ යන්නේ ජීවත් වෙන්න බැරිකමටමයි. වාරියපොළ කුඹුක්ගැටේ පාරේ අපේ හාමුදුරුවෝ රෝද තුනේ මෝටර් සයිකලයක් හදලා දෙන්න පොරොන්දු වුණා. මේ පාපැදිය යූටියුබ් එකේ පවා තියෙනවා. හාමුදුරුවන්ට කතා කළා. කතා කළාම කිව්වා පන්සලේ පින්කමක්, මම අසනීපයෙන් ඉන්නේ මම කෝල් එකක් ගන්නම් කියලා, මේ යන්නේ ජීවත් වෙන්න විදියක් නැතිවයි. රත්නපුර, ඇඹිලිපිටිය, සූරියවැව, හම්බන්තොට, බිබිල, මොනරාගල, බුත්තල හරහා වැල්ලවායට යනවා. ඊට පස්සේ සෙල්ල හරහා යන්න ගියේ. මේ යනකොට ගොඩාක් දෙනෙක් කිව්වා ඒ පැත්තෙන් යන්න එපා අලි ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි මොනරාගල පැත්තෙන් ගියේ. හබරණ හරහා වාද්දුවට නැවත යනවා. මේවා අරන් ගිහින් ගෙවල් ගානේ විකුණනවා. සමහර කට්ටිය බඩු හොරෙන් ඇදගෙන යනවා. වෙසක් පෝය දවසේ මගේ මකුළුදැල් කඩන කොස්සක් ඇදගෙන ගියා බයිසිකලේක ඇවිල්ලා. තව හම්බන්තොට වරාය පහුකරලා එනකොට කොස්සක් රේක්කයක් අරගෙන පීලර් එකක් එහෙම අරගෙන සල්ලි මාරු කරගෙන එන්නම් කියලා පැනලා ගියා. එහෙම තමයි ජීවත් වෙන්නේ. අපි මාර අපහසුතාවකට පත්වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉන්න ඉඩම් කෑල්ලක් ගන්න උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ.

මේ බයිසිකලේ බඩු පෙට්ටියේ කොණ්ඩ කටු, වූල් බැන්ඩ්, ප්ලාස්ටික් පිඟන්, කරි දීසි මේ ඕනෙම දෙයක් තියෙනවා. මේ පාපැදියෙන් ලංකාවේ හැම තැනම යන්නේ. මේ බඩු පුරවගෙන මේ ප්‍රදේශවලට යන්නේ. ගොඩාක් දෙනෙක් අහනවා මේ ලොරියක බඩුද අරන් යන්නේ කියලා. මොනවා කරන්නද ජීවත් වෙන්න තමයි මේ මහන්සි වෙන්නේ. බඩු නොගත්තත් මට උදව් කරන අයත් ඉන්නවා. අපේ උපන් ගම කැලණිය. දැනට කුලියට ඉන්නේ වාද්දුවේ ඉලුක්කැටිය පාරේ තැනකයි. මම මේ උත්සාහ කරන්නේ ඉන්න හිටින්න තැනක් හදාගන්න. රජවෙන්න නෙවෙයි.’

කවුරු හරි කීයක් හරි එකතු කරලා උදව් කරනවා නම් ඒක මහ පිනක්. මේ වගේ අසරණ මනුෂ්‍යයන්ට සමෘද්ධිය, අස්වැසුම දෙන්නේ නැත්නම් කාටද මේ රටේ මේ බලධාරීන් සහනාධාර ලබාදෙන්නේ? මේවා දකින්නේ නැද්ද කියලයි අපටත් අහන්න තියෙන්නේ. මේ වගේ අසරණ වෙන මිනිස්සුන්ට මුදල් දුන්නේ නැති වුණත් ඔවුන් මේ රැගෙන යන භාණ්ඩ මිලදීගෙන ඔවුන්ට උපකාරයක් කරනවා නම් ඒ ජීවිත ගෙනියන්න ඔවුන්ට ශක්තියක් ලැබෙනවා නොඅනුමානයි.

බයිසිකලයකට දරන්න පුළුවන් බඩු ප්‍රමාණයක් නෙවෙයි මේ තාත්තා අරගෙන යන්නේ. මොහුගේ එක පාදයක් ඇදවෙලා. කකුල ප්‍රමාණයට වඩා කෙසඟයි. යටිපතුලේ ගැටයක්. හරියට ඇවිදගන්නවත් බැහැ. මොහු කියන්නේ මෙයට හේතුව පොඩි කාලේ බෙහෙතක් වැරදිලා කියලයි. මේ පියාට බස් එකක නැගලා හිඟමනේ ගිහින් දවසකට රුපියල් හත්අට දාහක් හොයාගන්න පුළුවන්. ඒත් ඔහු එහෙම නොකරන්නේ තමන්ට තියෙන ශක්තියෙන් දහඩිය මහන්සියෙන් රැකියාවක් කරලා පුළුවන් විදියට හරිහම්බ කරගන්නව කියන චේතනාව නිසයි.

සමහර දවසට පාපැදියෙන් යනකොට ඔහුව වැස්සට තෙමෙනවා. සමහර දවසට දැඩි අව් කාෂ්ටකයේ ගමන් කරන්න සිදුවෙනවා. ඔහු පවසන්නේ ඒවා හොඳට පුරුදුයි කියලා. ඔවුනුත් ආසයි ගෙදරක නිදහසේ ජීවත් වෙන්න. ඒත් මෙහෙම කීයක් හරි හම්බ කළේ නැත්නම් ජීවත් වෙන්න විදියක් නැහැ.

ඔවුනුත් ආසයි ගේ පොඩ්ඩක් හදාගෙන ලස්සන ජීවිතයක් ගතකරන්න. ඒ සතුට ඒ හීනය සැබෑ කරගන්න ඔයාලාටත් උපකාරයක් කරන්න පුළුවන් නම් මේ පියාගේ නම දුරකතන අංකය පහළින් සඳහන් කරලා තියෙනවා. මේ උත්සාහවන්ත පියෙක්. ඔහුට ශක්තියක් වෙන්න. මේ පියාට පවුල රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරන ගමන් මේ ලිපිය දකින හැමෝගෙන්ම ඉල්ලන්නේ අනේ මේ ජීවිතයට ශක්තියක් වෙන්න කියලා. ඒ හීන සැබෑ කරන්න පුළුවන් ඔයාලටම විතරයි.
දුරකතන අංකය – 072-1500492
නම – ඩබ්ලිව්.ඩී. තිලකසිරි විජේරත්න ප්‍රනාන්දු

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලංකාව ලෝකෙට අරන් ගිහින් කප් ගහපු අපේ කොල්ලා! වනජීවී ඡායාරූපවලට හොඳම තැන කෙන්යාව! මෙක්සිකෝවෙදී මිලියන ගානක සමනල්ලු එක තැනක දැකගත්තා! පෝලා වළසුන් ෆොටෝ ගහන්න ආක්ටික්වල සීතලේ දවස් 14ක් නැවක හිටියා! මෙච්චර සම්පත් තිබිලත් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්වලින් අපි ඉන්නේ පස්සේ! Sri Lanka Latest News

Next Post

රජෙක් වුණත් හොරෙක් වුණොත්! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.