රුපියල් 1,12,360ක් සහ වැදගත් ලියකියවිලි කිහිපයක් සහිත අත්බෑගයක් මහමඟදී අහුලා පොලිසියට භාරදුන් තරුණයකු පිළිබඳ තොරතුරු හාලිඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා. (Sri Lanka Latest News)
එම තරුණයා පසුගිය දිනෙක හාලිඇල මාර්ගයේ සිය ත්‍රිරෝද රථයෙන් ගමන් කරන අතරතුර අදාළ අත්බෑගය වැටී තිබෙනු දැක තිබෙනවා.
ඒ අනුව ඔහු එම අත්බෑගය හාලිඇල පොලිසියට භාරදීමට කටයුතු කර ඇති අතර, අනතුරුව පොලිසිය විසින් එහි හිමිකාර කාන්තාව පොලිසියට කැඳවා එය භාරදීමට කටයුතු කර ඇත.