2022 ඔක්තෝම්බර් මාසයෙන් පසු පළමු වරට ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 (පවුම් 67) සීමාව පසු කර ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය පවසනවා. Sri Lanka Latest News
රුසියා-යුක්රේන යුද්ධයෙන් පසු ඇති වූ බලශක්ති අර්බුදයට සමාන තත්ත්වයක් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්තාව හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවයි එහි සඳහන්.
කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මින් පෙර අනතුරු අඟවනු ලැබුවේ, කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් බලශක්ති අපනයනය දීර්ඝ කාලයකට අත්හිටුවීමට සිදුවුවහොත්, බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි.
මෙය “ලෝක ආර්ථිකයන් කඩා වැටීමට” හේතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.
ලෝකයේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් 1/3ක් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් 17%ක් සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට තර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට ටැංකි නෞකා 300ක් පමණ ප්‍රදේශයේ අතරමං වී තිබෙනවා.
මූලාශය | බීබීසී










