වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් පසුගිය කාලයේ ඒම පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරින් 21 දෙනෙක් රාජකාරියට වාර්තා නොකර සිට ඇතැයි පොලිස් මූලස්ථානයට තොරතුරු වාර්තා වී ඇත.Sri Lanka Latest News
ඉහළ පොලිස් නිලධාරින්ට පවා ගරු නොකර හිතුමතේට ක්‍රියා කරන නිලධාරියෙක් ලෙස එම නිලධාරියාව හඳුනාගෙන තිබේ.
සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් 120ක් පසුගිය 02 දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා සිය භාරයේ තබාගෙන ඒ්වා අනීතිකව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 03 බැගින් මුදල් ඉල්ලා සිටින බවට පොලිස්පතිවරයාට තොරතුරක් ලැබී ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.
එම තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ඒ් බව දැනුම් දෙමින් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පසුගිය 17 වෙනිදා දැනුම්දී ඇත.
ඒ් අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැලිකඩ පොලිස් ස්තානයට ගොස් කළ පරික්ෂාවකදී අනාවරණය වි ඇත්තේ අල්ලාගත් චීන ජාතිකයන්ගෙන් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් පොලිස් පොත්වල කිසිදු සටහනක් නැති බවය. නඩු භාණ්ඩ ලෙසද ඒ්වා ඉදිරිපත්කර නැත.
එම භාණ්ඩ පොලිස් පොත්වල සටහන්ව ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ගේ පරීක්ෂාවෙන් අනතුරුවය. දින 15ක්ම අන්සතු විදේශ ගමන් බලපත්‍ර අනීතිකව පොලිස් ස්ථානාධිපතිවරයා ළඟ තබාගෙන සිටීම හේතුවෙන් ඒ් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුව අද අත්අඩංගුවට ගනු ලබන්නේ වේයන්ගොඩ පිහිටි නිවසේදීය.










