ලංකාවට සිදුවූ ආපදාව මුල්කරගෙන මේ වනවිට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර මතවාදයක් මතුවී ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබද කල්තියා අනතුරු ඇගවීම සම්බන්ධයෙනි.Sri Lanka Latest News
විපක්ෂය කියා සිටියේ ඉකුත් 11 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පළමුවරට රටට අනාවරණය කළ බවත්, ආණ්ඩුව ඒ පිළිබද කිසිදු තැකීමක් කර නොමැති බවත්ය.
නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියත් කියා සිටියේ එය අසත්‍යයක් බවත්, හැකි නම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්ය.
ඒ අනුව මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට අදාළ හඩ පට මාධ්‍යයට නිකුත් කළේ මෙසේය.










