මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොණ්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොණ්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොණ්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මේ අතර මැදපෙරදිග කලාපය ඔස්සේ සිලිකන් ඔයිල් සහ ඇන්හයිඩ්‍රස් ඇමෝනියා ප්‍රවාහනය නතර වීම නිසා ඉන්දියාවේ කොණ්ඩම් නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.Sri Lanka Latest News
වසරකට ඉන්දියාව රුපියල් කෝටි 8000 ක් පමණ වටිනා කොණ්ඩම් කෝටි 400 ක් පමණ නිපදවන බව සඳහන්ය.
මේ අතර ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට අසූවකට වඩා ඉන්දියාවෙන් ආනයනය කරන අතර කොණ්ඩම්ද මෙරටට වැඩි වශයෙන් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. තවද කොණ්ඩම් නිෂ්පාදනය අඩාළ වීම හේතුවෙන් කොණ්ඩම්වල මිල ගණන් ද ඉහළ යෑමේ අවදානමක් මතුව ඇත.










