• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගන්නවානම් මෙන්න රටට යෝජනාවක්! රසදියෙන් විදුලිය උපදවන පුංචි බලාගාරයක් හැදූ ගම්පොල ගැමියා…

July 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ගන්නවානම් මෙන්න රටට යෝජනාවක්! රසදියෙන් විදුලිය උපදවන පුංචි බලාගාරයක් හැදූ ගම්පොල ගැමියා…
Share on WhatsAppShare on Facebook

විදුලි කප්පාදුව මහා අවුලකි. මේ ජීවන බර මැද්දේ විදුලි බිල ඉහළ යාම දරාගත නොහැකි පීඩාවකි. විකල්පයකට නොගියහොත් මේ බර අපව යටකර සුන්කර දමන බව සහතික කොට කිව යුතුව තිබේ. එවැනි විකල්ප විදුලි ජනකයක් නිපද වූ තරුණයෙක් හමුවෙන්නට ගම්පොළ දොළුවට ගියෙමි.

ඔහු රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලි ජනන යන්ත්‍රයක් නිර්මාණය කර තිබුණේය.

විකල්ප සොයන මිනිසුන් දෙපයින් අල්ලා පොළොවේ ගසන කාලකණ්ණිකම මිස එවැනි සාධනීය විකල්ප වෙනුවෙන් මේ රට අවස්ථාවක් ලබාදුන් බව අප දන්නේ නැත. රසදියෙන් විදුලි ජනකයක් හැදූ විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න එවැනි නව නිර්මාණ ගණනාවක් රටට බිහිකළ නිර්මාණකරුවෙකි. එහෙත් ඔහු තවමත් ඔහුගේ නැපැයුම් සමගම කුණුමුල්ලේය.

වරෙක ඔහු ෆයිනස් භාවිතයෙන් ඉන්ධන හැදුවේය. අනතුරුව හෙලිකොප්ටරයක් ද තැනුවේය. ඉන් පසුව කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස යකඩ පවා ඇඹරිය හැකි ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය නිපදවූයේය. ඒ කිසිවක් කිසිදු රජයකින් අගය කළේ හෝ ඊට අතහිත දුන්නේ නැත.

විකුම් රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කරන්නේ මේ සියලු අහිතකර පීඩා දරාගෙනය. ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් අදාළ යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය උපයෝගී කරගෙන නිවෙසේ සියලු විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට සමත්ව ඇත්තේය.

රසදියෙන් හදන විදුලිය

මිනිරන්වලින් සකස් කරන ලද එන්ජිමකට රසදිය යොමුකර ඒ තුළදී සෙල්සියස් අංශක 300ක පමණ උෂ්ණත්වයක් යටතේ රසදිය භ්‍රමණය කිරීම මගින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් කිලෝවොට් 07ක ටර්බයිනයක් කැරකවීමෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන බව විකුම් අපට කීවේය.

වසර හයක පමණ කාලයක් රසදිය ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව සොයාගැනීම සිදුකර තිබෙන අතර එමගින් මේ වන විට කිලෝවොට් 07ක විදුලි උත්පාදනයක් සිදුකර තිබේ.

නව නිෂ්පාදනය සම්බන්ධව විකුම් දිඹුල්ගස්තැන්න මෙසේ විග්‍රහ කළේය.

‘මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා ලෝකයේ ජලය, දැවි තෙල්, ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල් වගේ දේවල් යොදාගන්නවා. ජලය හැරුණාම අනිත් දේවල් ක්ෂය වෙනවා. ජලය වුණත් වියළි කාලයේදී අඩු වෙනවා. රසදිය කියන්නේ ක්ෂය වන ලෝහයක් නෙවෙයි. එක් වරක් පමණයි රසදිය යොදන්න ඕනෙ. ඊට පසු අපට තිබෙන්නේ ප්‍රතිලාභ ගන්නයි.’

‘මේ වන විට අපට අඛණ්ඩ විදුලි සැපයුමක් කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඉන්ධන හිඟය නිසා රටම අවුලකට පත්වෙලා. අනිත් පැත්තෙන් විදුලි ගාස්තුත් විශාල ලෙස වැඩිකරන්න යනවා. රසදිය භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කළොත් අපිට අඛණ්ඩව ඉතා අඩු මුදලකට විදුලි ඒකකයක් ජනතාවට ලබාදීමට පුළුවන්. ලෝකයේ කිසිදු රටක මේ ක්‍රමය භාවිත කරමින් විදුලිය උත්පාදනය කරලා නැහැ. බටහිර ජාතීන් මේකෙන් මොනවා හරි කරලා නැත්නම් අපිට කරන්න පුළුවන්ද කියන මානසිකත්වයේ ඉඳගෙන බැලුවොත් අපි ඉවරයි.’

‘රාවණා දඬුමොනරය රැගෙන ගියෙත් රසදියෙන් කියලා කියනවා. මේවා අපේ සංස්කෘතිය හා බැඳුණු දේවල්. රසදිය කිලෝවක් යොදා ක්‍රියාත්මක කරන යන්ත්‍රයෙන් මම නිවෙසේ බල්බ් 15ක් විතර දල්වනවා. රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. කාර්මික වැඩපොළේ සියලු කටයුතු කරන්නෙත් රසදියෙන් නිපදවන විදුලි බලය ආධාරයෙන්….’

මේක දියුණු කරන්න
විදුලි මාෆියාවට උත්තර හොයමු

නව විදුලි උත්පාදන යන්ත්‍රය සකස් කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය වූ බව ඔහු පවසයි. රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳ විධිමත් සොයාබැලීමක් කර එය රටේ ක්‍රියාවට නැන්වීම සඳහා මැදිහත් වන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

‘රටේ විශාල විදුලි මාෆියාවක් තිබෙනවා. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම යථාර්ථයක් කරගන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ. අපි රටක් ලෙස මේ මානසිකත්වයෙන් මිදිය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ රටම අගාධයට ගමන් ගැනීමයි. අපි නව නිපැයුමක් කළොත් ගොඩක් අය කරන්නේ ඒකට අතදීම වෙනුවට පාගලා බිමට තල්ලු කිරීමයි. මට එවැනි අත්දැකීම් ඕනෙ තරම් තිබෙනවා. මේ නව නිපැයුම තවත් දියණු කර රටේ ආර්ථික ක්‍රියාවලියට ශක්තියක් කරගැනීමට කටයුතු කළොත් අපේ අනාගත බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගත හැකියි….’

රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන නව යන්ත්‍රය බිහිකිරීම සඳහා ප්‍රදීප් නිශ්ශංක, සරත් වික්‍රමසිංහ, කිංග්ස්ලි රාජපක්ෂ, ආර්.එම්. නන්දසේන, කේ.පී. රත්නසිරි, ලසන්ත කුමාර, ගාමිණි සංජීව, එරංග ලක්ෂිත යන අය විකුම්ට කාර්මික අංශයෙන් සහාය ලබාදී තිබේ.

නව යන්ත්‍රය උපයෝගී කරගෙන එළඹෙන නිකිණි මහේ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආලෝක පූජාවක් පැවැත්වීම විකුම්ගේ බලාපොරොත්තුවයි.

ලංකාසර වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ගෝඨා-රනිල් ආණ්ඩුවට තවත් බරපතළ පරාජයක්! අපි ඉන්නේ ලංකාවේ ජනතාව සමගයි! ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කරනවා! ඉන්දියාවෙන් හදිසි පණිවුඩයක්!

Next Post

මෙතරම් ප්‍රතික්ෂේප වෙලා ඉන්දැද්දි අගමැතිකමේ ඉන්න එපා! අස්වෙලා යන්න! අගමැති රනිල්ට එක පිට එක අරගල භූමියෙන් නිවේදන! (VIDEO)

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.