අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත්තේ ලංකාවේ තේවලට නොබෙල් ත්‍යාගය ලැබුණු බවට කළ ප්‍රකාශය නිසාය.Sri Lanka Latest News
නමුත් පසුව ඔහු එය තමන්ට වූ වැරැද්දක් බව පිළිගත්තේය.
කෙසේවෙතත් ඊට පෙරද අමාත්‍යවරයා දෙස් විදෙස් මාධ්‍ය හමුවලදී අවස්ථා කිහිපයකදීම ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළේය.
‘ඉස්ස බිග් කෙච්චන්’, ‘අපිට පාන්ද?’ ඉන් සමහරකි.
මේ ආකාරයටම සුනිල් හදුන්නෙත්ති මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකොට තිබිණ.
එහිදී හදුන්නෙත්ති කියා තිබුණේ ‘කොල්ලෝ සජිත්ට ඡන්දෙ දෙන්නෙ සජිත්ගෙන් ආතල් ගන්න කියලා..’ යැයි කියාය.
දැන් ජනතාව ආතල් ගන්නේ කාගෙන්දැයි රටටම දැකගන්නට හැකිව තිබීම දෛවයේ සරදමකි.










