• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහසිගත කඳවුරක සිටි ලංකාවේ අම්මා කෙනකුගේ කඳුළු කතාව! දියේගෝ ගාර්සියා! Sri Lanka Latest News

December 15, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
රහසිගත කඳවුරක සිටි ලංකාවේ අම්මා කෙනකුගේ කඳුළු කතාව! දියේගෝ ගාර්සියා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බි්‍රතාන්‍යයේ දියෙගෝ ගාර්සියා දූපතේ තාවකාලික කඳවුරකට උදාවූ ඒ උදෑසන, ශාන්තිගේ සැමියා අවදි වී මුලින්ම දකින්නේ ඔවුන්ගේ කුඩා දරුවන් ආරක්ෂක වැටක් අතුරින් පිටත බලා සිටින දර්ශනයයි. ඉන්දියන් සාගරය මැද උපායමාර්ගිකව පිහිටුවා ඇති, එක්සත් රාජධානි – එක්සත් ජනපද හමුදා කඳවුරක් සහිත මෙම රහසිගත දූපතේ නිලධාරියකු සහ මුර බල්ලෙක් මුර සංචාරයේ යෙදෙන අයුරු බලා සිටින දරුවන් තියුණු ස්වරයකින් මෙසේ පවසයි. ‘බල්ලන්ටත් අපට වඩා නිදහසක් තියෙනවා.’ (Sri Lanka Latest News)

‘ඒක ඇහුණාම මට දැනුණේ ලොකු වේදනාවක්…’ ඔහු පවසයි.
මෙය ඔවුන්ගේ පවුලේ දුක්ඛිත තත්ත්වය මැනැවින් පිළිබිඹු කරවන දර්ශනයකි. ඔවුන් අහඹුවකින් මෙම රහසිගත හමුදා බළකොටුවේ සිරවූයේ, ඔවුන්ගේ අවුරුදු පහක් සහ නවයක් වයසැති පුතු සහ දියණිය ද සමගය.

නිරන්තර අධීක්ෂණය යටතේ පැවැති ඔවුන් රඳවා සිටි කුඩා කඳවුරේදී පවා, ඉගෙනීමේ කටයුතු කිරීමට, ආහාරයට අවශ්‍ය දෑ වගාකිරීමට මෙන්ම, විශේෂ අවස්ථා සමරමින් පවුලේ විනෝදාස්වාදය සපයා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යාමට ඔවුන් ක්‍රම සොයාගෙන තිබිණි.
ශාන්ති (ඇගේ සැබෑ නම නොවේ) ඔවුන්ගේ ඉතුරුම් ලෙස තිබූ ඇමෙරිකානු ඩොලර් 5,000ක මුදලක් සහ රන් ආභරණ සියල්ලම ජාවාරම්කරුවන්ට ලබාදී තිබුණේ, තවත් ශ්‍රී ලාංකික දමිළ ජාතිකයන් විශාල ගණනක් සමගින් කිලෝමීටර් 12,000කට වඩා දුරින් පිහිටි කැනඩාවේ නව ජීවිතයක් ඇරඹීමේ අභිලාසයෙනි.

ඔවුන් සියලු දෙනාම කියා සිටියේ, ඔවුන්ට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී මුහුණ දීමට සිදුවූ හිංසනයන්ගෙන්, එනම්, ඇතැමෙකුට 2009දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පරාජයට පත්වූ හිටපු දෙමළ කොටි කැරැලිකරුවන් සමග සබඳතා පැවතීම නිසා සිදුවූ හිංසනයන්ගෙන්, මිදී පලායන බවය.
ඔවුන් සිටි ධීවර යාත්‍රාව රළු මුහුදේදී අනතුරට ලක්වූ අතර, රාජකීය නාවික හමුදාව විසින් බේරාගනු ලදුව 2021 ඔක්තෝබර් මාසයේදී දියෙගෝ ගාර්සියා වෙත ගෙනැවිත් මෙම වැටවල් සහිත සංක්‍රමණික කඳවුරේ නවාතැන් දෙන ලදී. ශාන්ති පවසන්නේ දැන් තමන් කැනඩාවට පැමිණ ඇත්දැයි පුතා විමසූ බව තම මතකයට නැගෙන බවය.

එහි ගතකළ පළමු මාස හයයේදී ඇගේ දරුවන්ට කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලැබිණි. ඒ නිසා, පුහුණු ගුරුවරියක වූ ශාන්ති, කඳවුරේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කළාය.

‘අපි අක්ෂර මාලාව, නාම පද, ක්‍රියා පද ආදී මූලික කරුණුවලින් ආරම්භ කළා’ ඇය පවසන්නීය.
ශාන්තිගේ ස්වාමිපුරුෂයා පසුව ලී පැලට්වලින් ලිවීමේ මේසයක් සාදා දුන් අතර, කූඩාරම තුළදී සිය ඉගෙනුම් වැඩ කිරීමට දරුවන්ට එමගින් හැකි විය.
සවස් වරුව ගෙවීමට ක්‍රමයක් නොමැති වීම ගැන දරුවන් පැමිණිලි කිරීමට පටන්ගත් නිසා, ශාන්ති තමා පුහුණුව ලබා ඇති ඉන්දියානු සම්භාව්‍ය නර්තන සම්ප්‍රදායක් වන භරතනාට්‍යම් දරුවන්ට ඉගැන්වීමට පටන්ගත්තාය. ඒ සඳහා ඇය ඇගේ දුරකතනයෙන් බාගත කරන ලද සංගීතය යොදාගත්තාය.
මෙම පවුල මුල් වරට මෙම කඳවුරට පැමිණ වසර තුනක් ගෙවී යාමෙන් අනතුරුව ඔවුන් මෙම සතියේදී එක්සත් රාජධානියට යවන ලද අතර, එය ඔවුන්ගේ ශුභසාධනය සඳහා රජය ගත් සුවිශේෂ ක්‍රියාමාර්ගයක් ලෙසට විස්තර කෙරිණි.

‘ඒක හරියට විවෘත හිරගෙයක් වගේ. අපිට එළියට යන්න දුන්නේ නැහැ, අපි ජීවත් වුණේ වැටකින් වට වෙලා තිබුණ කූඩාරමක් ඇතුළේ…’ වයස අවුරුදු 30ක් පමණ වන ශාන්ති ලන්ඩනයෙන් පිටත පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවාය.
‘හැමදාම අපේ ජීවිතේ එක වගේ තිබුණේ.’

එය ‘හරියට කූඩුවක ජීවත් වෙනව වගේ’ ඇය තවදුරටත් පැවැසුවාය.
ආරක්ෂකයන්ගේ අධීක්ෂණය සහ හිස උඩින් ඝර්ජනා කරමින් යන හමුදා ජෙට් යානාවල ඝෝෂාව අත්විඳිමින්, ශාන්ති සහ අනෙකුත් දෙමළ ජනයා, තමන්ව ආරක්ෂිත රටකට යවන ලෙස ඉල්ලා ලිපියක් රැගෙන දිවයිනේ බි්‍රතාන්‍ය හමුදා හමුවට පැමිණියහ. එය, මෙම භූමිය තුළ සරණාගත ඉල්ලීම් ගොනුකරන ලද පළමු අවස්ථාව විය.

මෙය, සැතපුම් 6,000ක් දුරින් පිහිටි එක්සත් රාජධානියේ දිගු නීතිමය සටනකට හේතු වූ අතර, එය සිදුවන අතරතුරදී, එහි සිරවී සිටි ශාන්ති සහ අනෙක් අය තම ගැටලුවලට විසඳුම් සෙවීමේ වගකීම තමන් අතට ගත්හ.

දූපතේ සිටි දෙමළ ජනයාට තම ආහාර පිස ගැනීමට ඉඩ නොලැබුණ ද, කඳවුරේ පිරී තිබුණු පොල් ගස්වලින් ලබාගත් පොල් ලෙලි සහ මටුලු යොදාගෙන, ශාන්ති සහ පිරිස තම තමන්ගේ එළවළු, මිරිස්, සුදුලූණු සහ පිපිඤ්ඤා වගා කළහ.

‘එයාලා සමහර වෙලාවලදී අපට රතු මිරිස් ලබාදුන්නා. අපි ඒවා හිරු එළියේ වියළලා බීජ එකතු කරලා පස්සේ වගා කළා. සලාද සමග අපට ලැබෙන පිපිඤ්ඤාවල බීජ එකතු කරලා හිරු එළියේ තියලා වියළලා වගා කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ගත්තා…’ ශාන්ති පවසන්නීය.

සෑම දිනකම පාහේ ඔවුහු පොල් සහ මිරිස් අඹරා, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක් වන පොල් සම්බෝල සෑදීමට කටයුතු කළහ.
කඳවුරේදී ඔවුන්ට ලබාදෙන ඇමෙරිකානු ආහාර අනුභව කිරීම අපහසු වූ අතර, ඔවුහු සුදුලූණු සහ මිරිස් සමග එළවළු උණු වතුරට දමා හොදි වර්ග සෑදීමට උත්සාහ කළහ.

විශේෂයෙන්ම කඳවුරේ සිටි දරුවන් 16 දෙනා සඳහා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් පරිදි නොතිබූ අතර, ශාන්ති සහ අනෙකුත් කාන්තාවෝ ඇඳ ඇතිරිලිවලින් ඇඳුම් මැසූහ. නත්තල් කාලයේදී කඩදාසි අත්පිස්නාවලින් මල් සහ ආහාර බහාලුම්වලින් සඳ හා තරු හැඩ කපා නත්තල් ගස් සැරසූහ.
ඔවුන්ව නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින භටයන් සමග ඔවුන්ට පැවැති සබඳතා බොහෝ විට එතරම් යහපත් තත්ත්වයේ නොපැවති නමුත්, දීපවාලි උත්සව කාලයේදී, හොඳ හදවතක් ඇති නිලධාරියකු ඔවුනට බිරියානි ගෙන ආ බව ශාන්ති පවසන්නීය. තවත් අවස්ථාවක, එක් සෙබළෙකු සිය උපන්දිනය එළඹෙන තෙක් ආසාවෙන් බලා සිටි ඇගේ පුතාට කේක් ගෙඩියක් ගෙනැවිත් තිබිණි.

නමුත් කාලය ගෙවීයත්ම, තමන් තුළ වූ අසරණ හැඟීම උත්සන්න වූ බව ශාන්ති පවසන්නීය.
කඳවුරේ ජීවිතය බුබුළක් තුළ ජීවත් වනවාක් මෙන් සීමාසහිත විය. යුක්‍රේනයේ සහ මැදපෙරදිග ඇතිවුණු යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති සෙබළුන්ගෙන් සංක්‍රමණිකයන් දැනගත් නමුත්, ඔවුන් කඳවුරෙන් ඈත්කර ඔවුන්ගේම ජීවිත ගතකිරීමට යොමුකර තිබිණි.

චාගෝස් දූපත් සමූහයේ කොටසක් වන මෙම දූපතට පිවිසීම දැඩි ලෙස සීමාකර තිබේ. 1970 දශකයේ මුල් භාගයේදී එක්සත් රාජධානිය විසින් උපායමාර්ගික හේතු මත එහි වෙසෙන සියලු ජනතාව ඉවත් කරන ලද දා සිට එහි, කිසිදු සිවිල් නේවාසික ජනගහනයක් නිල වශයෙන් වාසය කර නොතිබිණි.
‘දූපතට ආ පළමු දවසේ ඉඳන් අපි ඒකෙන් පිට වෙනකම්ම ජීවත් වුණේ මීයෝ එක්ක…’ ශාන්ති පවසන්නීය.

‘සමහර වෙලාවල්වලදී මීයෝ අපේ දරුවන්ගේ කකුල්, ඇඟිලි සහ අත් හපාකනවා. උන් අපේ කෑම හොරකම් කරනවා. සමහර දවස්වලට රෑට උන් අපේ බ්ලැන්කට් සහ ඔළු උඩින් දුවනවා….’

යෝධ කකුළුවෝ සහ නිවර්තන ගිනි කුහුඹුවෝද කඳවුරට නිතර පැමිණෙන හිරිහැර අතර වූහ.
කොවිඩ් වසංගත සමයේදී රෝගීන් සඳහා භාවිත කරන ලද මෙම කූඩාරම්වල ඇති සිදුරු හරහා කුණාටු කාලවකදී වැසි ජලය ගලා එන්නට විය.
පසුගිය වසරේ අග භාගයේ එක්සත් ජාතීන්ගේ විමර්ශකයන් කඳවුරට ගිය විට, ළමුන් ඔවුන්ට පවසා තිබුණේ විනෝද චාරිකාවක් යාමට, බයිසිකලයක් පැදීමට හෝ අයිස් ක්‍රීම් අනුභව කිරීමට තමන් සිහින දකින බවය.

මෙම වසර මුලදී වෛද්‍ය නිලධාරියකු විසින් මෙම කඳවුර විස්තර කරනු ලැබුවේ, විශාල වශයෙන් ස්වයං හානි සහ සියදිවි නසාගැනීමට තැත් කිරීමේ සිද්ධීන් ද වාර්තා වන ‘පූර්ණ වශයෙන් අර්බුදයක’ පවතින ස්ථානයක් ලෙසය.

‘මගේ දුව වෙච්ච හැමදෙයක්ම බලාගෙන හිටියා. ඇය කියනවා ‘අම්මේ එයාලා එයාලව කපාගන්නවා. මමත් එහෙම කපාගන්නද?’ කියලා… එතකොට මම කියනවා… ‘නෑ, නෑ. ඔයා එහෙම මුකුත් කරන්න බැහැ. මම ඔයාව ආරක්ෂා කරන්නම්. ඇවිත් මේ සිංදුවක් අහන්න, එන්න කඩදාසි ටිකක් අරගෙන චිත්‍රයක් අඳින්න’ කියලා…’ ඇය කඳුළු සලමින් සිහිපත් කරයි.

තම දියණිය ස්වයං හානි සිදුකරගත් අවස්ථා දෙකක් ගැන කතාකරන විට ඇයට මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාටත් හැඬුම් වළක්වාගත නොහැක.
‘ඒ දෙවතාවේම මට හිතාගන්නවත් බැරි තරම් ඉතාමත් නරක හැඟීමක් ඇති වුණා. එයා මෙහෙම කළොත්, එයා මැරුණම අම්මටයි තාත්තාටයි සහ සහෝදරයාට ආරක්ෂිත තුන්වැනි රටකට යන්න ඉඩ ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් කියලා ඇය මා සමග කියා සිටියා’ ශාන්ති පවසයි.
එමෙන්ම, අනෙකුත් සංක්‍රමණිකයන් විසින්, ළමුන්ට ද ඇතුළුව සිදුකෙරුණු ලිංගික හිංසන සහ හිරිහැර කිරීම් පිළිබඳ සිද්ධි සහ චෝදනා ද කඳවුරෙන් වාර්තා වී තිබිණි.

‘අවුරුදු තුනක් තිස්සේ අපි ගොඩක් දුක් වින්දා. මම දන්නේ නැහැ අපි කොහොම ද බේරුණේ කියලා…’ ශාන්ති පවසයි.
දෙමළ ජනයා මෙම දිවයිනේ ගතකළ කාලය පුරාම, එය ඔවුන්ට වාසයට සුදුසු ස්ථානයක් නොවන බව බි්‍රතාන්‍ය බලධාරීහු පිළිගත් අතර, ඔවුන් දිගුකාලීන විසඳුම් සොයන බව පැවැසූහ. රජය පැවසුවේ කණ්ඩායමේ යහපැවැත්ම සහ ආරක්ෂාවට ඔවුන් ‘ඉහළම ප්‍රමුඛතාව දී ඇති බවය.

ශාන්ති පවසන්නේ කඳවුරට මෑතදී උදාවූ ප්‍රීතිමත්ම අවස්ථාව, ඔවුන් එක්සත් රාජධානියට ගෙන එන බවට සහ ඔවුන්ට එහි මාස හයක් රැඳී සිටීමේ අයිතිය ලබාදෙන බවට නිලධාරීන් කළ නිවේදනය සමග උදා වූ බවය. එදින රාත්‍රිය කඳවුරේ සියල්ලන්ට නිදි නොමැති රාත්‍රියක් වූ බවත් ශාන්ති පවසන්නීය.
එක්සත් රාජධානියට පැමිණි පසු තද ශීතලක් දැනුණු බව ශාන්ති පවසයි. එය කෝමා තත්ත්වයකින් අවදි වූවාක් මෙන් විය. යෙදුම් බාගත කිරීම, වට්ස්ඇප් පණිවුඩ යැවීම හෝ සාප්පුවලට මුදල් ගෙවන ආකාරය ඇයට අමතක වී ගොස් තිබිණි.

ඇගේ දරුවෝ, පාසල් ගමන ආරම්භ කිරීම, නව මිතුරන් ඇති කර ගැනීම සහ ඩබල් ඩෙකර් බස් රථවල ගමන් කිරීම ගැන දැන් කතාකරති.
නමුත් පවුලේ දිගුකාලීන අනාගතය තවමත් ඇත්තේ අවිනිශ්චිතවය. ඔවුන් දැන් එක්සත් රාජධානියේ රැකවරණ සඳහා ඉල්ලීම් ගොනුකර ඇත්තේ එහි නතර වීමේ අපේක්ෂාවෙනි. එය අසාර්ථක වුවහොත් බොහෝ විට ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

ඓතිහාසික පියවරක් ලෙස එක්සත් රාජධානිය මෙම වසර මුලදී, චාගෝස් දූපත් මොරිෂස් වෙත පවරා දීමට එකඟ විය. තවමත් අත්සන් කර නොමැති මෙම ගිවිසුම යටතේ දියෙගෝ ගාර්සියාව එක්සත් රාජධානියේ – එක්සත් ජනපද හමුදා කඳවුරක් ලෙස දිගටම ක්‍රියාත්මක වනු ඇත. නමුත් අනාගත සංක්‍රමණික වගකීම භාරගනු ඇත්තේ මොරිෂස් විසිනි.

ශාන්ති, දියෙගෝ ගාර්සියාවෙන් අහුලාගත් සිප්පි කටුවක් ගෙනවිත් ඇත්තේ එහි ගතකළ කාලය සිහිපත් කිරීමටය. මතු දිනෙකදී ඇය එය ගෙල වටා බඳින මාලයක රඳවා පෙන්ඩනයක් ලෙස පැළඳීමට අපේක්ෂා කරන්නීය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

අනුර පිළිගන්න දිල්ලිය ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දැන් සැපද කියලා ඇහුවේ නෑ! ළූනු කෑවද කියලා ඇහුවේ නෑ! පොල් ලාබද කියලා ඇහුවේ නෑ! මේ ආණ්ඩුව කියපු දේවලුයි කරන දේවලුයි මතක් කරලා දෙයි! විපක්ෂනායක සජිත් හෙමින් හෙමින් වැඩේ පටන් ගනී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.