• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්ස්ප්‍රස් පර්ල් විනාශයේ වන්දි විදිහට ඩොලර් බිලියනයක් ගෙවන්න කියන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් තීන්දු රැසක් දුන්නා! හිටපු නීතිපති රාජරත්නම් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහි චෝදනා ගැන වහාම අපරාධ විමර්ශනයක් කරන්න නියෝග කළා! කෝ කළාද? නියෝග කරපු විදිහට විමර්ශන පටන්ගන්න! නීතීඥවරියක් අල්ලස් කොමිසමට පැමිණිලි කරයි! I Sri Lanka Latest News

December 24, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
ඉල්ලපු වන්දිය ඩොලර් බිලියන 6.4යි! ලැබුණේ ඩොලර් මිලියන 12.5‌‌‌යි! ‘එක්ස්ප්‍රස් පර්ල්’ ෆයිල් එක ආපහු අරින්න ආණ්ඩුව ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් පසුගිය ජුලි 24 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාර නීතිපති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන මෙන් ඉල්ලමින් මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා.Sri Lanka Latest News

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ඩි ආබෘ සහ X-Press Pearl ව්‍යසනය පිළිබඳ තීන්දු ගැනීමට සම්බන්ධ වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් සහ විදේශීය සමාගම් සම්බන්ධ කරගැනීමට දායක වූ ඕනෑම නිලධාරියෙක් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන්න කියල තමයි නීතිඥවරිය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය දෙසැම්බර් 12 වෙනිදා අල්ලස් කොමිසමට ඇය යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙන විදියට දූෂණය, අයුතු කටයුතු වෙනුවෙන් බලය අයුතු ලෙස යෙදවීම, රජයට බරපතල පාඩුවක් සිදුවන අන්දමට නොසැලකිලිමත් හෝ වංක ලෙසින් හැසිරීම, තොරතුරු සැඟවීම, විදේශීය නීතිඥ සමාගම් බඳවා ගැනීමේදී සිදු කළ අක්‍රමිකතා, පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම්, සහ හිතාමතා සිදු කළ ප්‍රමාදයන් හා වැරදි තීරණ හේතුවෙන් රජයට ඩොලර් බිලියන 6.4ක පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඉහත කී රජයේ නිලධාරීන්ට එරෙහිව බරපතල චෝදනා එල්ලවෙලා තියෙනව.

මේ කිසිදු චෝදනාවක් හිතලු නොවන බව පෙන්වාදෙන නීතිඥ අචලා සෙනෙවිරත්න, එම සියලු චෝදනා එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, නිල විමර්ශන සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිගමන මත පදනම් වී ඇති බවත් පෙන්වා දෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ තීන්දුවක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, ලංකාවේ නීතිය පසිඳලීමේ ධූරාවලියේ ඉහළම තනතුරක් හොබවන නීතිපතිවරයා (සංජේ රාජරත්නම්) ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව නිගමනය කළා. ව්‍යසනය සම්බන්ධ සමස්ත ක්‍රියාදාමයේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ අධිකරණය, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න කියල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයට, අල්ලස් කොමිසමට සහ නීතිපතිවරයාටත් නියෝග කළා.

නමුත් අධිකරණ තීන්දුවෙන් මාස පහකට පසුවත් ඒ කිසිම විමර්ශනයක් තවමත් ආරම්භ වෙලාද කියල දැනගන්න නැහැ.

නීතිඥ අචලා සෙනෙවිරත්න මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන අදාළ ආයතන ඒ වගේ ඇල්මැරුණු ආකල්පයක් දක්වන බවක් පේන්න තියන වාතාවරණයක. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සහ මානව හිමිකම් කොමිසමේ නිගමනවල නීතිපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කෙරුණු ඡේද ඇය සිය පැමිණිල්ලේ උපුටා දක්වනව.

එහෙම විමර්ශනයක් ආරම්භ කළාද, එසේ නම් ඒ විමර්ශනවල ප්‍රගතිය මොකක්ද කියල දැනගන්න මම කිහප වතාවක්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අමතන්න උත්සහ කළත් ඔහු දුරකථනයට සම්බන්ධ කරගන්න මට හැකියාවක් ලැබුණේ නැහැ.

පහත දැක්වෙන්නේ මේ ව්‍යසනය ගැන පසුගිය අගෝස්තු 06 වෙනිදා මම දාපු පෝස්ටුවක්. ඒක ඒ විදියටම තවමත් වලංගු නිසා නැවතත් මේ සටහනට එකතු කරනවා.

Updated: X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?

———————————————————–

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.

ඊට පස්සේ ජනාධිපති වරප්‍රසාද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දේශබන්දු, ප්‍රමිෂ්කා … මෙකී නොකී දේවල්වලින් බුකිය පිරිලා ගියපු නිසා දැන් ආයෙත් අපි හැමෝටම ඒ නියෝගයේ බරපතලම කොටස අමතක වෙලා. කොටින්ම අධිකරණයටත්, අල්ලස් හෝ වංචා විමර්ශන කොමිසමටත්, පොලිසියටත්, සමහර විට නීතිපති දෙපාර්තමේන්තුවටත් අමතක නැති වුණත් තීන්දුවෙන් පස්සේ අධිකරණ ක්‍රියාදාමය අවසන් නැති බව බොහෝ දෙනා නොදන්නවා වෙන්න පුළුවන්.

ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කතා කරද්දී බොහෝ දෙනා කථා කළේ නැත්නම් මාධ්‍යවල headline එක වුණේ අවුරුද්දක් ඇතුළත ලංකාවේ භාණ්ඩාගාරයට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න කියල “X-Press Pearl Group” එකට කරපු නියෝගය. නමුත් ඒ එක්කම අධිකරණය තවත් නියෝග ගණනාවක් කළා. එකක් තමයි, සිදු වූ ව්‍යසනය වෙනුවෙන් වන්දිය ලබා ගැනීම සඳහා දියත්වුණ ක්‍රියාදාමයේදී දැවැන්ත අල්ලසක් ගත් බවට එල්ලවුණ චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ, මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්වුණ සියලු කරුණු ගැන විමර්ශනය කරන්න කියල අල්ලස් කොමිසමට සහ පොලිසියට කළ නියෝගය.

ඉතින් මේ තීන්දුවත් එක්කම අවධානයට ලක්විය යුතු චරිත කිහිපයක් ගැන කෙටි මතක් කිරීමක් කළ යුතුයි කියල හිතුණා.

අජිත් මාන්නප්පෙරුම

———————

පාර්ලිමේන්තුවේ පරිසරය පිළිබඳ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විදියට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන්මේ ව්‍යසනය සහ අල්ලස් චෝදනාව ගැන පුළුල් සොයා බැලීමක් කරලා වාර්තාවකුත් නිකුත් කළා. විශේෂයෙන්ම ඒ පරීක්ෂණයේදී මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා දැඩිව ප්‍රශ්න කළේ, ඒ වෙලාවේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ගේ දැඩි විරෝධය සහ බාධා කිරීම් නොතකා හරිමින්.

ඒ වගේම, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නෞකා සමාගම අල්ලස් දීපු බවටත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. මම හිතන්නේ මේ අල්ලස් චෝදනාව ගැන ඔහු තමයි පළවෙනි බෝම්බය ගැහුවේ.

විජයදාස රාජපක්ෂ

——————–

ලංකාවට වන්දි ලබාගැනීමේ අධිකරණ ක්‍රියාදාමය අඩපණ කරන්න චාමර ගුණසේකර කියල පුද්ගලයෙකුගේ බ්‍රිතාන්‍යයේ ගිණුමකට ඩොලර් මිලියන 250ක් බැර කරලා තියෙනව කියල එවකට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා සිටිය. ඔහු කිවුවේ, තමන්ට ඒ තොරතුර දුන්නේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා කියල. කොහොම වුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මම විමසීමක් කළ වෙලාවේ එවකට CID අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල සඳහන් කළේ, ඒ ගැන විජයදාස රාජපක්ෂ තමන්ට පැමිණිල්ලක් කළේ නැහැ කියල. ඒ ගැන පැමිණිල්ල දාල තිබුණේ මීපා ආයතනයේ CEO ජගත් ගුණසේකර.

අජිත් මාන්නප්පෙරුම දුන්න රහසිගත තොරතුර ප්‍රසිද්ධ වේදිකාවේ කියපු විජයදාස රාජපක්ෂ ඇමතිවරයා, අජිත් මාන්නප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරන එක වැළැක්වුවා. හිටපු ඇමතිවරයාගෙන් මම ඒ ගැන අහපු වෙලාවෙත් ඔහු කිවුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් එහෙම ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න බැහැ කියල.

කොහොම වුණත් හිටපු ඇමතිවරයා එදා ගත්ත ස්ථාවරය වැරදි බව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනව. අධිකරණය කියන්නේ නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ බව.

වන්දි නඩුව ලංකාවේ පවරන්න කියල ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වගේම ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ මෙන්දක ජයසුන්දර සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කමිටුව නිර්දේශ කරලා තියෙද්දිත් සිංගප්පූරුවේ නඩු පැවරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ විජයදාස රාජපක්ෂ යටතේ තිබුණ අධිකරණ අමාත්‍යාංශය. ඒ වගේම ඔහු නීතිපතිවරයාගේ ඒ තීරණය දැඩිව අනුමත කළා.

රනිල් වික්‍රමසිංහ

———————

ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිල හිටපු වෙලාවක තවත් ඩොලර් මිලියන 10-15ක් වියදම් කරලා සිංගප්පූරුවේ නඩු පැවරීමේ තීරණය අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපතිවරයා වෙනුවෙන් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කරපු රැස්වීම්වලට සහභාගි වුණා.

ඒ වගේම තමයි, ශ්‍රී ලාංකිකයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් කියල අධිකරණය තීන්දු කළ සන්ජේ රාජරත්නම්ට නීති විරෝධී සේවා දිගුවක් දීල රටේ අගවිනිසුරු පදවියට පත්කරන්න පවා රනිල් වික්‍රමසිංහ නිර්ලජ්ජිත උත්සාහයකත් යෙදුණ.

සාගල රත්නායක

——————-

රැස්වීම්වලට සහභාගි වුණා විතරක් නෙවෙයි, සාගල රත්නායක ඒ සම්බන්ධ තීන්දුවලට බලපෑම් කළා. සියලුම වන්දි ගෙවීම් සහ reimbursement ඩොලර්වලින් පමණක් ගෙවිය යුතුයි කියල දෙපාර්ශවය එකඟ වෙලා තියෙද්දී, කොටසක් රුපියල්වලින් ගෙවන්න නෞකා සමාගම කළ යෝජනාවට එකඟවෙන්න කියල සාගල රත්නායක බල කරපු බව මීපා ආයතනයේ එවකට සභාපතිනි දර්ශනී ලහඳපුර සඳහන් කරනවා.

පාර්ලිමේන්තු කාරක සභාවකට ඇය දීපු ලිඛිත වාර්තාවක දැක්වෙන විදියට, එය මුදල් විශුද්ධිකරණය කිරීමේ උත්සහයක් ද කියලත් සැක කරන්න පුළුවන්.

සංජේ රාජරත්නම්, විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට

——————–

මේ ව්‍යසනය සම්බන්ධයෙන් ක්‍රියා (නො)කරපු ආකාරය සලකා බැලුවම, නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ බව අධිකරණය තීන්දු කළා.

ව්‍යසනය අවස්ථාවේ ඉඳලම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ නීතිපති සංජේ රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩි ආබෘ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි කහවිට. ව්‍යසනය ගැන විද්‍යාත්මක තක්සේරුවක් කරන්න පත්කරපු රටේ නමක් තියන, ගෞරවයට පාත්‍රවුණ විශේෂඥයින්ට මේ තුන් දෙනා සැලකුවේ ඕනෑවට, එපාවට කියල ඒ විශේෂඥයින් පාර්ලිමේන්තු කමිටුව හමුවේ පැමිණිළි කළා. නමුත් නෞකා සමාගමෙන් ඉල්ලීමක් යොමු කළා නම් මේ තුන් දෙනා බොහොම කඩිසරව වහාම ඒ ඉල්ලීම්වලට පිළිතුරු දුන්නලු. සංජේ රාජරත්නම්, විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට තුන් දෙනා නෞකා සමාගමට උපකාර කරන්න කොයි තරම් උනන්දු වුණා ද කියනවා නම් සමහර වෙලාවට තමන් ළඟ නොතිබුණ තොරතුරු ලබාගන්න රජයේ නිලධාරීන්ට බලපෑම් පවා කළ බවත් වාර්තා වෙනවා.

විශේෂඥ කමිටුව කරන මේ චෝදනා සාධාරණ බව දැන් රටේ ඉහළම අධිකරණයත් පිළි අරගෙන තියෙනව.

එපමණක් නොවෙයි, මියගිය කැස්බෑවුන් ගැන expert committee එක කරපු තක්සේරුව නීතිපති දෙපාර්තමේන්තුව අවඥාවෙන් බැහැර කළා කියල, මීපා ආයතනයේ හිටපු සභාපති අසේල රැකව මා සමග කිවුව.

මේ අතරේ විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට දෙන්නට තවත් බරපතල චෝදනාවක් එල්ල වෙනවා.

X-Press Pearl ව්‍යසනයට මාස කිහිපයකට කළින් – 2020 සැප්තැම්බරයෙදී – නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්ත වෙලාවේ ඒ ගැන නීතිමය කටයුතු කිරීම පැවරිලා තිබුණෙත් මේ දෙන්නට. කොහොම නමුත් නඩුව දාන්න තියන අවසාන සතියේ මේ දෙන්නම New Diamond නඩුවේ file ටික සේප්පුවක වහල දාල විදේශගත වෙලා තිබුණ!.

ඒ දෙන්නගේත් උපදෙස් අනුව, එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවට ගෙනියන්න තීරණය කරන්නේ නීතිපති සංජේ රාජරත්නම්. කැබිනට් මණ්ඩලය ඒ තීන්දුව අනුමත කරනවා. නීතිපතිගේත්, කැබිනට් මණ්ඩලයේත් ඒ තීන්දුව වැරදි බව – ඒක ශ්‍රී ලාංකිකයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමක් බව – රටේ උත්තරීතර අධිකරණය තීන්දු කරලා තියෙනව.

මෙතැනදී මම දැකපු තවත් විශේෂයෙක් තමයි, නීතිපතිට එරෙහිව පෙර නොවූ, විරූ තීන්දුවක් දීපු විනිසුරු මඩුල්ලේ විනිසුරුවන්ගෙන් දෙන්නෙක්ම – අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ – නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් වීම.

ආචාර්ය නාලක ගොඩහේවා

——————

ආචාර්ය නාලක ගොඩහේවා ත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කරපු බව අධිකරණය තීන්දු කළා. ඒ විෂය භාර අමාත්‍යවරයා හැටියට, අනතුරට කලින් අවශ්‍ය කමිටුවක් පිහිටුවීමට අපොහොසත්වීම නිසා. ඒ වගේම වාරකන් නිසාත් කැස්බෑවුන් මැරෙන්න පුළුවන් කියල – ආචාර්ය ආශා ද වොස් කියපු කතාවක් වුණත් – කට වරද්දාගෙන ඔහු ලංකාවේ විතරක් නොවෙයි ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවටත් පත්වුණා. කොහොම වුණත් ව්‍යසනයෙන් ටික කාලෙකට පස්සේ ඔහුට වෙනත් විෂයයක් පැවරෙනවා.

නමුත් නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්ත වෙලාවේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාව හිටියේ නාලක ගොඩහේවා. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන මම විමසීමක් කළ වෙලාවේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කිවුවේ, එක්ස්ප්‍රස් පර්ල් වලට කලින් නිව් ඩයමන්ඩ් ගැන හොයන්න ඕනේ කියල. එතෙන්දි විජයදාස රාජපක්ෂ කෙලින්ම ඇඟිල්ල දිගු කළේ නාලක ගොඩහේවාට. නමුත් ගොඩහේවා නිව් ඩයමන්ඩ් නැව ගැන ඔහුට එල්ලවෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ආචාර්ය ආශා ඩි වොස්

———————–

සමුද්‍ර ජීවීන්ට ආදරය කරන, විශේෂයෙන්ම නිල තල්මසුන් ගැන ලෝක ප්‍රකට විශේෂඥවරියක් වන ආචාර්ය ආශා ද වොස්, X-Press Pearl ව්‍යසනය ගැන “වාරකන්” කතාවක් කිවුවේ ඇයි කියන එක අදටත් නොවිසඳුණ රහසක්. නැව ගිනි අරගෙන, සිය ගණන් කැස්බෑ මළ සිරුරු වෙරළට ගොඩ ගහද්දීත් බීබීසී සංදේශය වෙනුවෙන් මම විමසීමක් කළාමත් ඇය කිවුවේ “සරෝජ් අපි තවමත් වැඩි විස්තර දන්නේ නෑනේ මේකට හේතුව මොකක්ද කියල, තව ටික දවසකින් බලමුද?” කියල.

ඇත්තටම ඇයගේ ප්‍රතිචාරය ගැන මට පුදුම හිතුණ. ආශා ද වොස් සාමාන්‍ය පුරවැසියෙක් නෙවෙයි, මේ විෂය ගැන හොඳින්ම දන්නා කෙනෙක්. ව්‍යසනයෙන් වුණ හානිය තක්සේරු කරන්න මීපා ආයතනය පත්කරපු කමිටුවෙනුත් ටික දවසකට පස්සේ ඇය ඉල්ලා අස්වෙලා තිබුණ.

මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

———————-

ලංකාවේ සමුද්‍ර ජීවීන් ගැන කියද්දී මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරත් අනිවාර්යයෙන් මතකයට එන ප්‍රධානම චරිතයක්. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය වෙලාවේ වගේම නිව් ඩයමන්ඩ් ගින්න වෙලාවෙත් ඔහු මීපා (සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය) ආයතනයේ CEO විදියටත් සේවය කළා. ඒත් මහාචාර්ය අජිත් ද අල්විස්, මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන, මහාචාර්ය රුචිරා කුමාරණතුංග, මහාචාර්ය මෙත්තිකා විතානගේ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 40 කට වැඩි පිරිසක් තමන්ගේම වියදමින් මේකට මැදිහත් වුණත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කරපු ප්‍රබල මැදිහත්වීමක් මම කිසි තැනක දැක්කේ නැහැ.

විමර්ශනයට අදාලව මහාචාර්ය ටර්නිගෙනුත් අහල බලන්න කියල මට උපදෙසක් ලැබුණ නිසා ගිය අවුරුද්දේ දවසක මම ඔහුට කතා කළා. ඒත් මගේ විමර්ශනයට ඔහුගෙන් මට කිසිම සහයක් හෝ උපදෙසක් ලැබුණේ නැහැ. ඔහු මම කියපු දේ අහගෙන ඉඳල පස්සේ කතා කරමු කියල නිහඬ වුණා. ඊට පස්සේ මම කිහිප වතාවක්ම මහාචාර්යවරයා ඇමතුවත්, ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ.

දර්ශනී ලහඳපුර

——————

ව්‍යසනය සිදුවුණ වෙලාවේ මීපා ආයතනයේ සභාපතිනිය වූ නීතිඥ දර්ශනී ලහඳපුර අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවල ක්ෂණිකව නිසි පියවර ගන්න අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලත් අධිකරණය තීන්දු කළා. හිටපු සභාපතිනියගේ ක්‍රියා කලාපය ගැන විශේෂයෙන්ම අගවිනිසුරුවරියගේ ප්‍රසාදයක් නැති බව නඩු විභාගය අතරවාරයේත් දකින්න ලැබුණ දෙයක්. “හාබර් මාස්ටර් වැඩ කළා. මීපා මොකක්ද කළේ,” කියල කිහිප වරක්ම අගවිනිසුරුවරිය ප්‍රශ්න කළා.

අධිකරණය එහෙම තීන්දුවක් දුන්නත්, වන්දිය ලබාගැනීම වෙනුවෙන් සහ සිංගප්පූරුවේ නඩු පැවරීමට එරෙහිව දර්ශනී ලහඳපුර දැඩිව පෙනී හිටපු බව ප්‍රසිද්ධ කරුණක්. විශේෂයෙන්ම වන්දිය තක්සේරු කරන්න 40 දෙනෙකුට වැඩි විශේෂඥ මණ්ඩලයක් පත්කරලා, ඇය තමන්ගේ උපරිම ශක්තියෙන් ඔවුන්ට සහය දුන් බව expert committee එකේ හැම දෙනාම පිළිගන්නවා. රටේ නීතිපතිවරයා කමිටුවට කුඩම්මාගේ සැලකිලි දක්වන කොට, නීතිපතිවරයා ඔවුන් අවඥාවට ලක්කරන කොට සභාපතිනිය තමන් වෙනුවෙන් පෙනී හිටපු බව ඔවුන් කියනවා.

සිංගප්පූරුවේ නඩු පැවරීම ගැන වගේම රුපියල්වලින් වන්දි ලබාගැනීම ගැනත් දර්ශනී ලහඳපුර නීතිපති එක්ක විතරක් නෙවෙයි, අධිකරණ ඇමති එක්කත්, සාගල රත්නායක එක්කත් ගැටුණ. සමහරවිට ඒ නිසාම වෙන්න පුළුවන් විජයදාස රාජපක්ෂ සහ අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරු දෙන්නම ඇය පදවියෙන් ඉවත්කරන්න කියල රනිල්ට යෝජනා කළේ. ඒ නිසාම වෙන්න ඇති 2023 පෙබරවාරි මාසේ රනිල් ඇයට සේවා දිගුවක් ලබා නොදුන්නෙත්.

අර්ජුන මහේන්ද්‍රන්

——————-

එවක අගමැති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් අනුව ලංකාවේ මහ බැංකුව කොල්ල කාපු බවට චෝදනා ලබන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ විරෝධයත් නොතකා රනිල් ගේ වුවමනාවට මහ බැංකුවේ අධිපති විදියට පත්කරපු අර්ජුන මහේන්ද්‍රන් “මගුල් ගෙදරක යන්න” සිංගප්පූරු ගියාට පස්සේ ආයෙත් ලංකාවට ආවේ නෑ. ඔහු ලංකාවේ වරෙන්තුකරුවෙක්. ඔහු ගෙන්නගන්න ලේඛන සිය ගාණකට අත්සන් කළා කියල ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධියේ කිවුව.

මීපා ආයතනය පත්කරපු expert committee එක තමන්ගේ දෙවෙනි අන්තරවාර වාර්තාව පිළිගන්වන්න ගියපු වෙලාවේ රනිල් ඔවුන්ට ඒ ගැන කරුණු දක්වන්න කිසිම අවස්තාවක් දීල නෑ. “මේක ඩොලර් බිලියන 6.4ක ලොකු වන්දියක් ජනාධිපතුමා,” කියල මහාචාර්ය සරත් කොටගම කියන කොටම ඔහුගේ ඇල් මැරුණ ප්‍රතිචාරය වෙලා තිබුණෙ “ඔව්, ඔව් ඔය වැඩවලට සෑහෙන කාලයක් ගතවෙනවා,” කියල. ඔවුන්ගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ සිංගප්පූරුවේ නඩු පැවරීම ලොකු විරෝධයක් පළකරන්න. නමුත් රනිල් ඒ එක්කම නීතිපතිගේ පැත්තට හැරිලා, “දැන් එතකොට අපි සිංගප්පූරුවේ නඩු පවරනවා නේද?” කියල (ඉංග්‍රීසියෙන්) ඇහුවලු. මේක මම ඒ රැස්වීමට සහභාගි වුණ අයගෙන් සනාත කරගත්ත කරුණක්. කොටින්ම රනිල් expert committee එකට කතාකරන්න අවස්තාවක් දීල නෑ.

මේ විදියට බැලුවම රනිල් සිංගප්පූරුවේ නඩු පැවරීම සහ අර්ජුන මහේන්ද්‍රන් අතරේ කිසියම් සම්බන්ධයක් තියෙනවද?

අසේල රැකව

—————–

දර්ශනී ලහඳපුර ගේ සේවය දීර්ඝ නොකරපු රනිල් වික්‍රමසිංහ, 2023 පෙබරවාරි මාසයේ මීපා සභාපති විදියට පත් කළේ මතභේදයට තුඩු දීල හිටපු නීතිඥවරයෙක්. ඔහු අසේල රැකව. රැකව සභාපති පදවියට පත්වුණාට පස්සේ ඔහු expert committee එකේ කාලය දීර්ඝ කළේ නැහැ. ඒ අනුව ඒ විශේෂඥයින්ගේ සියලුම පර්යේෂණ 2022 නොවැම්බර් මාසෙන් නතර වුණා. ව්‍යසනය ගැන මම අසේල රැකව ගෙන් කරුණු විමසපු වෙලාවේ (ඒ වෙනකොට ඔහුත් හිටපු සභාපති) අසේල රැකව expert committee එක ගැන කථා කළේ ප්‍රසාදයකින් නෙවෙයි. වාර්තාවේ සමහර කරුණු ගැන නීතිපති දෙපාර්තමේන්තුව හිනාවෙනවා කියල ඔහු මාත් එක්ක කිවුවේ ඒ මතය අනුමත කරන ස්වරයකින්. අනික පැහැදිලිවම සිංගප්පූරුවේ නඩු පැවරීම ගැන ඔහු කිසිම විරෝධයක් පළ කළේ නැහැ.

සභාපති පදවියට පත්වීමෙන් පස්සේ නීතිපතිවරයා, අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ක වරක් අසේල රැකව සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදෙනවා. දැනගන්න තියන විදියට ආර්ථික අර්බුදයක් වෙලාවේ කරපු ඒ සංචාරයෙන් ලංකාවට ලැබුණ එකම දේ ධීවර අමාත්‍යංශයට ලැබෙන්න තිබුණ reimbursement තවත් වාරිකයක් රැගෙන ඒම. නමුත් ඊට කලින් අඩුම ගාණේ දෙවතාවක් රක්ෂණ සමාගම ඒ වාරික බැංකුවට transfer කරලා තිබුණ. අනික ඒ වාරිකය ඔහුගේ පූර්වගාමියා – ලහඳපුර – ඉන්න කාලෙම එකඟවෙලා තිබුණ මුදලක්.

ඒ සේරම කලින් එකඟවෙලා තිබුණ දේවල් නම්, ලංකාවෙන් දූත පිරිසක් එදා සිංගප්පූරු ගියේ ඇයි? ඒ දූත පිරිසේ හිටියේ කවුද? ඔවුන් ගිහින් හමුවුණේ කවුද? ඒ trip එකට ගිය වියදම කීයද?

(මේ සටහන මට මේ මොහොතේ මතක්වෙන චරිත කිහිපයක් ගැන පමණයි. අවධානයට ලක්විය යුතු තවත් අය ඉන්නව නම් කියන්න)

– සරෝජ් පතිරණ

Fellow, Pulitzer Centre’s Ocean Reporting Network

2025 දෙසැම්බර් 23

SendShareShare
Previous Post

වැහි වැටිලා විනාශ වුණු නුවරඑළියට ඒ පාර අමුතු වැස්සක් වැටෙන්න පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

Next Post

TRC එක ‘හිරු’ තහනම් කරයිද? පොලිසිය කරපු පැමිණිල්ලට විමර්ශන පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.