• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝට් සිටියේ ලොකු ආයෝජකයෙක් විදිහට රඟපාලා! සුපිරි අපාට්මන්ට් 8ක් අරගෙන! චීන සේවකයන්ම 300ක්! සල්ලි ඔක්කොම උණ්ඩියල් ක්‍රමයට චීනෙටම පටවලා! අල්ලන්න කිසිම තොරතුරක් නෑ! චීනෙක් ගහපු සුපිරි පිරමිඩ ගේම මාට්ටු වුණත් චීනා හොයාගන්නවත් බැරිවෙයි! VIDEO I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පෝට් සිටියේ ලොකු ආයෝජකයෙක් විදිහට රඟපාලා! සුපිරි අපාට්මන්ට් 8ක් අරගෙන! චීන සේවකයන්ම 300ක්! සල්ලි ඔක්කොම උණ්ඩියල් ක්‍රමයට චීනෙටම පටවලා! අල්ලන්න කිසිම තොරතුරක් නෑ! චීනෙක් ගහපු සුපිරි පිරමිඩ ගේම මාට්ටු වුණත් චීනා හොයාගන්නවත් බැරිවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරාය නගරයේ ආයෝජකයකු ලෙස පෙනී සිටිමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ බොරැල්ල පොලිසිය ඒකාබද්ධව පෙරේදා (26 දා) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට චීන ජාතිකයන් 4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙන ගොස් ඇති බව ද හෙළිකර ගෙන තිබේ.Sri Lanka Latest News

පෝට් සිටි ආයෝජකයකු ලෙස වෙස්ගෙන - පිරමිඩ ජාවාරමෙන් ලොවම ඇන්දූ චීනා මාට්ටු

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් ගෙන් ඩොලර් 100, 200 වැනි තැන්පතු සඳහා ප්‍රතිලාභ ලබාදී ඩොලර් 10,000 ක් වැනි මුදලක් තැන්පත් වීමෙන් පසු ඒවාට ප්‍රතිලාභ නොගෙවා එම මුදල් වංචාකර ඇති බව හෙළිකර ගෙන තිබේ.

සැකකාර චීන ජාතිකයා වරාය නගරයේ ආයෝජකයකු ලෙස පෙනී සිටිමින් කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණ 7කින් නිවාස 8 ක් ලබාගෙන චීන ජාතිකයන් එහි රඳවා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය එම නිවාස වැටලීමට යනවිටත් එහි ඉබි යතුරු දමා චීන ජාතිකයන් පරිගණක ද රැගෙන පළාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එක් නිවසක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ගෙන් විමසීමේදී වැටලීමට මොහොතකට පෙර චීන ජාතිකයන් 27 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බව ද හෙළිකර ගෙන තිබේ. මොහු යටතේ 300කට වැඩි චීන ජාතිකයන් පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

කිසියම් පිරිසක් තමන් රැඳී සිටි නිවසට ඇතුළුවී අත්පා ගැටගසා ලැප්ටොප් 7ක්, රුපියල් ලක්‍ෂ 170 ක් ඇතුළු රුපියල් කෝටි 4ක පමණ දේපළ සොරාගෙන ගොස් ඇති බවට සැකකාර චීන ජාතිකයා විසින් බොරැල්ල පොලිසියට පසුගිය 19 වැනිදා පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන්ළ කොළඔ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන මහතා දැනුවත්වීමෙන් පසු විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුමැතිය ලබාදී ඇත.

භාණ්ඩ සොරාගෙන කළු පාට සුඛෝපභෝගී වෑන් රථයකින් රැගෙන ගොස් තිබූ අතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දියත උයන ආසන්නයේදී වෑන් රිය සොයාගෙන ඇත. වෑන් රථය ගාල්කර තිබූ ආකාරය දෙස විමසිලිමත්ව බැලීමේදී මෙම සොරකමට එහි රියැදුරු සම්බන්ධවී ඇති බවට පොලිසිය සැකකර ඇත. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී චීන ජාතිකයා විසින්ම මංකොල්ලය සැලසුම් කර ලක්‍ෂ 15 ක මුදලක් දී ඇති බව හෙළිවී තිබේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තවත් මහල් නිවසකට රැගෙන යෑමෙන් පසු එහි සිටි තවත් චීන ජාතිකයකු නීති විරෝධී දුම්වැටි 30,000 ක්, දුරකථන 23 ක්, ලැප්ටොප් පරිගණක 7 ක්, සමග අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීමේදී වෑන් රථය දියත උයන ආසන්නයේ නවතා, එහි සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු (කොල්ලයට සම්බන්ධ කරගත්) වෑන් රථයේ රියැදුරුගේ ඥාති සහෝදරයකු රැගෙන පැමිණි කැබ් රථයකින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇරලවා ඇති බව හෙළි කරගෙන එම කැබ් රථය සහ එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා රියැදුරන් දෙදෙනා ලෙස පමණක් සේවය කර ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකාර චීනා ඇතුළු චීන ජාතිකයන් විශාල පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවත් ඔවුන් ජාවාරමෙන් උපයාගන්නා මුදල් ජංගම දුරකථන හරහා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙනගොස් ඇති බවත් පොලිසිය මගින් හෙළිකර ගෙන තිබේ. මෙම ජාවාරමට ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන නැත්තේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබුණහොත් ජාවාරම දීර්ඝ කාලයක් කරගෙන යෑමට නොහැකි වීම නිසා බව ද හෙළිකර ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ 20 ක් 25 ක් වැනි මිල ගණන්වලට මාස දෙක තුනක් මහල් නිවාසවල සිට එම ස්ථාන මාරුකරමින් ජාවාරම සිදුකර ඇති බව ද හෙළිකර ගෙන තිබේ. ප්‍රධාන චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමත් සමග අනෙකුත් සියලු චීන ජාතිකයන් දැනුවත් කිරීම සඳහා කිසියම් තාක්‍ෂණයක් භාවිත කරන්නට ඇති බවත් ස්ථාන කිහිපය වැටලීම් සිදුකිරීමේදී ඔවුන් සියලු දෙනා එම ස්ථානවලින් ඉවත්වීම නිසා එම සැකය මතුවන බවත් වැටලීම සිදුකළ නිලධාරියා කීය. මොවුන්ගේ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු පරිගණකවල සම්බන්ධ කර තිබෙන බවත් ඒවා රැගෙන යෑම නිසා තොරතුරු සොයා ගැනීමට බලවත් පරිශ්‍රයක් දැරිය යුතු බවත් කී එම නිලධාරියා ඇතැම් විට ජාවාරමට සම්බන්ධ පිරිස් රටින් පළාගොස් සහ පළායමින් සිටිය හැකි බවත් කියා සිටියේය. එම පිරිස පිළිබඳ තොරතුරු නොමැති නිසා ගුවන් තහනමක් හෝ ලබා ගැනීමේ හැකියාවක් නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හසන්ත මාරපන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් වන චානක අබේසිරිවර්ධන, කීර්තිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අජිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක මෙරිනෝ, පොලිස් සැරයන් (96913) චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන (88652), (96631) කුෂාන්තන් (26024) කුමාර, (34026) බණ්ඩාර, (7966) හජ්ජුදීන්, බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් (36597) මධුසංක යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. -දිවයින

SendShareShare
Previous Post

අයිතීන් කප්පාදු කරලා! පවුල් අසරණ වෙලා! රණවිරුවෝ ‘අපි වෙනුවෙන් අපි’ සටන යළි පටන් ගනී! ජනාධිපතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Next Post

හරක් කටායි කුඩු සලිඳුයි කුඩු ටොන් 5ක් ලංකාවට පටවලා! CIDය ෆෝන් 10කින් තොරතුරු රැසක් හොයාගනී! I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.