ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම ඉහළ ගොස් දිළිඳු තත්ත්වය අඩුවන බවත්, ඒ නිසා ලංකාවේ ජනතාව රටින් පිටව යාම හෝ සංක්‍රමණය අඩුවී ලංකාවේ රැඳීසිටීම ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘෘවර් පැවැසීය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාව මේ වනවිට සියයට 5.5 ක වර්ධනයක් අත්කරගෙන තිබෙන බවද ඔහු කීවේය.
ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ලංකාවට ඩොලර් බිලියන 1.3 කට වැඩි ණය සහනයක් ලබාදී ඇතැයිද ඔහු පැවැසීය.
සමාජ වියදම් මතවූ දර්ශක ඉලක්ක හැර ඉකුත් වසරේ (2024) අවසානය දක්වා වූ අනෙකුත් සියලුම ඉලක්ක සපුරාගෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.
ලංකාව ඉතාම කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව මිල ස්ථායිතාව පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රජයේ අයවැය පරතරය මූල්‍යකරණය කිරීම වැළැක්විය යුතු බවත් ඔහු කියා සිටියේය.










