පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වන අලි, කෘෂිකාර්මය ඇතුළු ගැටලුවලට විසදුම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. (Sri Lanka Latest News)
”කැරට් මිල රුපියල් 2,000ට ගියාම අපිත් බනිනවා, කැරට් මිල රුපියල් 2,000ට නෙමෙයි මිල රුපියල් 5,000ට ගියත් අපිට කමක් නෑ ”යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
පලාගල හා ඉපලෝගම සෑම ග්‍රාම සේවා වසමේ කාන්තාවන් 25 දෙනෙකු සමඟ කුකුළු පාලන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන බව ඔහු පවසනවා.
ප්‍රෝටීන් ඌණතාව, මන්ද පෝෂණය තියෙනවා නම් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන මුදල්වලින් අපි මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්කම තියෙන බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
” අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20,000ක් වෙනුවෙන් බඩඉරඟු බීජ බෙදා දුන්නා.මේහිදී අපි පවුල් 10,000ක් අක්කර 02ක් වැව්වා කියලා ගණන් හැදුවොත්, මේ අය වෙනුවෙන් බීජ ටික පොහොර ටික නොමිලේ ලබා දුන්නා, බිම් සකස් කිරීමට මුදල් ටිකත් තව දින කීපයක දී ලැබෙයි.පසුගිය දවස්වල මම මේ වගාවන් නිරීක්ෂණය කරන්න ගියා.බලන්න ගියහම ඉතාමත් සතුටුයි.
අම්මා හෝ තාත්තා වැරදි කළා කියලා දරුවන්ට අම්මා තාත්තා අයින් කරන්න බෑ,ඒ නිසා ඔබතුමන්ලා මැතිවරණයක දී තමන් කැමති පක්ෂයකට කතිරය ගහගන්න, හැබැයි රජයේ වැඩපිළිවෙලේ දී ඔබතුමන්ලාගේ උපරිම සහයෝගය ලබා දෙන්න.අපි මේ රට නැගිට්ටුවොත් අපේ පඩිය වැඩි කරගන්නත් පුළුවන් වෙනවා ”යනුවෙන් සඳහන් කළා.
hirunews










