• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් 16990කින් මාසයක් කාලා ඇඳලා ඉන්න පුළුවන්ද? පිස්සුද සර්.. ඕක හදපු එකාට පිස්සු..! ආණ්ඩුව කියන ගණන් හිලව් ගැන තිස්සමහාරාමේ මිනිස්සු සජිත්ට කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

May 15, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
රුපියල් 16990කින් මාසයක් කාලා ඇඳලා ඉන්න පුළුවන්ද? පිස්සුද සර්.. ඕක හදපු එකාට පිස්සු..! ආණ්ඩුව කියන ගණන් හිලව් ගැන තිස්සමහාරාමේ මිනිස්සු සජිත්ට කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු හා දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය හා යථාර්ථය සමඟ සංසන්දනය කරන විට වැරදි දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම කාසිංගම පිහිටි ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක බෝගහපැලැස්සේ සෝමිස්සර හිමි මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් 2026 මාර්තු මාසයේ දී මෙරට එක පුද්ගලයකුට රු. 16990ක් දුප්පත්කමින් තොරව ජීවත් විය හැකි බවට දත්ත නිකුත් කර ඇති බවත් දින 30ක කාලයක් තුළ ආහාරපාන, වෙනත් අවශ්‍යතා ආදිය සපුරා ගැනීමට රු. 16690කින් හැකියාවක් ඇත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව කොළඹ දිස්ත්‍රික්කයට රු. 18000ක්, ගම්පහට රු. 17908ක්, කළුතරට රු. 17520ක් දින 30කට ජිවත් වීමට ප්‍රමාණවත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිනෙන් දින රුපියල අවප්‍රමාණය වෙන කොට මේ මුදලින් ජීවත් වෙන්නේ කොහොමද?

මේ දත්ත සියල්ල සම්පූර්ණයෙන් වැරදි බවත් මේ දත්ත කේන්ද්‍ර කර ගෙන දරිද්‍රතා රේඛාව රජය තීන්දු කර විවිධ සහනාධාර ලබා දෙන බවත් අද මේ ඉදිරිපත් කර බොරු දත්ත නොව මෙරට 30-40%ක් පමණ දුප්පත් බවත් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් ජිවනෝපායක් නොමැති බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකි බවත් ඊට අමතරව දිනෙන් දින රුපියල අවප්‍රමාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ තවත් අමතර පිරිවැයක් මෙරට ජනතාවට දරන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘරත්වය පසෙකලා ජනතාව ගැන රජය මීට වඩා සංවේදී විය යුතුයි

මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මානුෂීය වී සංවේදී විය යුතු බවත් කෘරත්වය පසෙකලා පසමිතුරුභාවයන් ඉවතලා වෛරී දේශපාලනය නැති කර රටේ ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා 30-40%ක් අතර දුප්පතුන් වී සිටින ජනතාව වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අමතරව අපේ රටේ ගොවි ධීවර කම්කරු ග්‍රාමීය නාගරික වතු ජනතාව මේ ජීවන වියදම නිසා පීඩනයට ලක්ව ඇති බවත් සුළු මධ්‍යම, මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට පවා මේ ආර්ථික පීඩනයේ අසහනය විඳින්න සිදුව ඇති නිසා මේ සංඛ්‍යාලේඛන නිවැරදිව අවබෝධ කර ගන්නට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය IMF එකේ වහලෙක් වෙන්න එපා

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නව්‍යකරණය වී නුතනවාදී විය යුතු බවත් බොරු දත්ත ඉදිරිපත් නොකළ යුතු බවත් මේ බොරු දත්ත මත වත්මන් රජය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් දැන්වත් සත්‍ය දත්ත කේන්ද්‍ර කර ගෙන රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත් රුපියල අවප්‍රමාණය වන විට බඩු මිල වැඩි වන නිසා IMF එකට යට නොවී ජනතාවට සහන ලබා දිය යුතු බවත් IMF එකට යට වුවහොත් ජනතාවගේ ජන ජීවිත විනාශ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂයේ සිටින විට සංවේදී වූවා සේ ඉන්ධන මත ඇති බදු ඉවත් කරන්න

ඇමෙරිකාව පවා ඉන්ධන මත ගහන බදු ඉවත් කරන්න සූදානම් බවත් අප රජයත් මේ බදු ඉවත් කළහොත් පාරිභෝගික ජනතාවට ඒ සහනය ලැබෙන බවත් වරායේ ගොඩබාන මිලට ලබා දෙනවා යැයි කිව්වත් අද වන විට තෙල් මත උපරිම බදු ගසා ඇති බවත් විපක්ෂයේ සිටින විට රටේ ජනතාව වෙනුවෙන් සංවේදී වූවා සේ රාජ්‍ය බලය ලැබු පසුද සංවේදී වී ඉන්ධන මත ඇති බදු ඉවත් කිරීමත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට සාර්ව ආර්ථික ක්‍රමෝපායන් දියත් කිරීමත් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මේ මොකද්ද මේ? ඇයි වටගල එහෙම වැඩක් කළේ? VIDEO I Sri Lanka Latest News

Next Post

එදා සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය බාධා කළා! අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නියෝජ්‍ය පොලිස්පතියි පොලිසියේ තුන්දෙනෙකුයි ප්‍රසිද්ධියේ සමාව ගත්තා! ඕවා ඉතින් හොඳ පාඩම්! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.