• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැදැල්ලක් නොකොට රටට වැඩ ගතයුතු රදැල්ල කැදැල්ල! උස්සලා තිබ්බේ ගාමිණී! 1856 සුද්දොත් ක්‍රිකට් ගැහුවා! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
වැදැල්ලක් නොකොට රටට වැඩ ගතයුතු රදැල්ල කැදැල්ල! උස්සලා තිබ්බේ ගාමිණී! 1856 සුද්දොත් ක්‍රිකට් ගැහුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ තිබෙන සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කියා ඔබ දන්නවාද? ලෝක ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණවලින් දෙකක් ලෝකයේ සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩාංගණ දහයට අනිවාර්යයෙන්ම ඇතුළත් වන බවයි. Sri Lanka Latest News

එක් ක්‍රීඩාංගණයක් වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ටෝනි ග්‍රේග් ප්‍රකාශ කළ අනෙක් ක්‍රීඩාංගණය වන්නේ රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.
තේ වතු සහ තවත් විවිධ ගස්වලින් වටවූ අතිරමණීය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෝකයේ සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩාංගණය කීවද එය අතිශයෝක්තියක් නොවනු ඇත.
ඒ තරමටම රදැල්ල ක්‍රීඩාංගණය අතිසුන්දර බව එහි ගිය ඕනෑම කෙනකු සාක්ෂි දරයි.

මෙම අතිරමණීය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අංශ කිහිපයකින්ම අපේ රටට ඉතා වැදගත් වනු නොඅනුමානයි.
මුහුදු මට්ටමේ සිට අඩි 4,200ක් උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රදැල්ල ප්‍රදේශයේ මම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබේ.

රදැල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන විට එංගලන්තය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය වැනි රටවල ක්‍රීඩකයන්ද තම මවු රටෙහි සහ රදැල්ල ක්‍රීඩාංගණයේ කිසිම කාලගුණික වෙනසක් නොමැති බව 80 දශකයේ මෙරටට පැමිණි එම රටවල ක්‍රීඩකයන්ද ප්‍රකාශ කර තිබිණි. එම නිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය වැනි රටවල සංචාර සඳහා යන්නේ නම් ඊට පෙර රදැල්ල ක්‍රීඩාංගණයේ පුහුණු සැසි පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉතා යෝග්‍ය වේ.

මාසයක්, මාස එකහමාරක් සීත දේශගුණය තිබෙන රටවල ක්‍රීඩා කිරීමට පෙර රදැල්ලේ පුහුණු තරගයක් හෝ පුහුණු සැසියකට සහභාගි වීම තුළින් කල් තියාම තමන් යන රටෙහි දේශගුණික තත්ත්වයන්ට හුරුවීමට ශ්‍රී ලංකා ක්‍රකිට් ක්‍රීඩකයන්ට මෙමගින් අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

අනෙක් කාරණය සංචාරක කර්මාන්තයයි. රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සුන්දරත්වයට බාධාවක් නොවන ආකාරයෙන් ක්‍රීඩා ප්‍රේක්ෂකාගාර එකක් දෙකක් ඉදිකළහොත් එය දේශීය සහ විදේශීය ක්‍රීඩා ලෝලීන්ගෙන් අනිවාර්යයෙන්ම පිරීයනු ඇත. නමුත් එවැනි ක්‍රීඩාගාර රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි දැකිය නොහැකිය.

තේ වතු මැදිකරගෙන තේ වතු යායක් මැද මෙම රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය (Ceylon Tea) තවත් හොඳින් ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහාද තවත් අන්දමකින් රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීටම පුළුවන.

සුදු අධිරාජ්‍ය ක්‍රියාත්මක වූ කාලයේදී එකල තේ වතු හාම්පුතුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්ව තිබුණේ මෙම රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය එංගලන්තය වූ නිසාත් එදා ඉංග්‍රීසි පාලකයන් යටතේ මෙම තේ වතු ක්‍රියාත්මක වූ නිසාත් ක්‍රිකට් උපන් රට හා රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අතරද ඇත්තේ ඓතිහාසික සබඳතාවකි.

දිඹුල මලල ක්‍රීඩා හා ක්‍රිකට් සමාජය විසින් රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය පාලනය වූ අතර, පසු කාලයේදී මෙය අතහැර දමා වල් බිහිවී තිබීම කනගාටුවට කරුණකි.
ලෝකයේ සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වල් බිහිව තිබුණු අයුරු දැකීමද මීට කාලයකට පෙර සිත් කම්පා කරවන දර්ශනයක් විය.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි අවධානය රදැල්ල ක්‍රීඩාංගණය වෙත යොමුවී තිබීම අගය කළ යුතුය.

නැවත රදැල්ල ක්‍රීඩාංගණය පෙර පරිදි අලංකාර ලෙස වැජඹෙන අතර, ජාත්‍යන්තර මට්ටමේ පුහුණු සැසි පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි ඉල්ලීම පරිදි දිඹුල ක්‍රිකට් සමාජයේ එකඟතාවද හිමිව තිබේ.

තණතීරු 4කින් සහ පුහුණුවීම් කටයුතු සඳහා අමතර පැති විකට් 5කින්ද රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සමන්විතය.
මෙවැනි වටිනා ක්‍රීඩාංගණයකින් ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උපරිම ප්‍රයෝජන තවමත් ලබාගන්නවාද කියා සොයා බැලිය යුතුය.
රූපවාහිනියෙන් සජීවීව විසුරුවා හරින ජාත්‍යන්තර ක්‍රිකට් තරග රදැල්ලට මේ දක්වා ලබාදී නොමැති නිසා රූපවාහිනී නාලිකාවලින් හෝ සමාජ මාධ්‍ය ජාලවලින් රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තවමත් ප්‍රසිද්ධ වී නොමැත. නමුත් 80 දශකයේ සහ 90 දශකයේ මුල් කාලයේදී විදේශීය ජාතික ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට පැමිණියහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ කණ්ඩායම සමග අනිවාර්යයෙන්ම තුන්දින පුහුණු තරගයකට සහභාගි වීම සාමාන්‍ය දෙයක්ව පැවැතිණි. ප්‍රධාන ජාත්‍යන්තර තරගවලට පෙර පැවැත්වෙන මෙම තුන්දින පුහුණු තරගය බොහෝ විට ඒ කාලයේදී පැවැත්වුණේ රදැල්ල ක්‍රීඩාංගණයේය. එසේත් නැතහොත් මාතර උයන්වත්ත හෝ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණවලදීය. නමුත් වසර ගණනාවකින් මෙම ක්‍රීඩාංගණ තුනේම විදෙස් ක්‍රිකට් කණ්ඩායමක් සමග තුන්දින පුහුණු තරග පවත්වා නොමැත.

එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. එදා පැවැතුණා සේ එක් තුන්දින පුහුණු තරගයක් හෝ ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය :ෂක්‍ක්‍* සමග සාකච්ඡා කළ යුතු ඇත.

ප්‍රවීණ දේශපාලන නායකයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී රදැල්ල ක්‍රීඩාංගණයෙන් උපරිම ප්‍රයෝජන ගත් යුගයක්ද තිබිණි.

තුන්දින පුහුණු තරග පමණක් නොව, ටෙස්ට් තරග සහ පන්දු වාර 50 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගද රදැල්ලේ පැවැත්වීම ගැන ගාමිණී දිසානායක මහතා අවධානය යොමුකර සිටියේය. නමුත් ගාමිණි දිසානායක මහතාගේ අභාවයත් සමග එම සැලසුම්ද අභාවයට ගියේය.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයකට සහභාගි වූ අතර, පන්දු වාර 50 තරගාවලියත් ටී-20 තරගාවලියත් ශ්‍රී ලංකාව, නවසීලන්තය හමුවේ පරාජයට පත්විය.

නවසීලන්තයේ තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රදැල්ලේ පුහුණු සැසිවලට නියමාකාරයෙන් සහභාගි වූවාද කියා තවත් ප්‍රශ්නයක් මතුවේ. එම නිසා ඒ ප්‍රශ්නය ගැනත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවීම ඉතා වැදගත් වේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන් ලෝකයේ ලස්සනම ක්‍රීඩාංගණය ලෙස රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයද ඔසවා තැබුවහොත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සංචාරක කර්මාන්තයට මෙන්ම තේ කර්මාන්තයටද ඉතා වැදගත් වනු නොඅනුමානය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

එජාපය සජබය ඡන්දෙට කලින් එකතු වෙන පාටක් නෑ! සජබෙට සිරිකොතට යන්නත් බෑ! සිරිකොතට සජබෙට එන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෝටි 30ක් වතුරෙ යවලා! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.