• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාව ජනාධිපති කරන්න – මහින්දට තුනෙන් දෙකක් අරන් දෙන්න විශාල ශාසනික මෙහෙයක් සිදු කළ ස්වාමීන් වහන්සේලා අද කියන කතා!

March 23, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨාව ජනාධිපති කරන්න – මහින්දට තුනෙන් දෙකක් අරන් දෙන්න විශාල ශාසනික මෙහෙයක් සිදු කළ ස්වාමීන් වහන්සේලා අද කියන කතා!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එදා පාරට බැස විශාල මෙහෙයුමක් දියත් කළහ. ඉන් පෙරමුණේ සිටි එක් කණ්ඩායමක් වූයේ මේ රටේ භික්ෂුන්වහන්සේලාය. රටේ නමගිය පිළිගත්, ප්‍රකට, විද්වත්, ආචාර්ය, මහාචාර්ය ස්වාමින්වහන්සේලා මෙම පෙරමුණේ ඉදිරියෙන්ම සිටියහ. උන්වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිහිකිරීමේදී රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන්හ. රට ජාතිය ආගම වර්ධනය කරන ආකාරය පිළිබඳවත්, රටේ ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳවත් විවිධ ප්‍රකාශ නිකුත් කළහ. දැන් ජනාධිපතිවරයා පත්ව වසර 3ක් ඉක්ම ගොසිනි. තුනෙන් දෙකේ ආණ්ඩුව බලයට පත්ව වසර 2ක් ඉක්ම ගොසිනි. ඉතින් දැන් රටේ මතුව ඇති තත්ත්වය පිළිබඳ අප එම ස්වාමින්වහන්සේලාගෙන් අදහස් විමසීමට පියවර ගත්තෙමු. මේ, උන්වහන්සේලා අපට ලබාදුන් පිළිතුරුය.

හැම ප්‍රශ්නයක්ම මතුවුණේ තමන් ගැන හිතන්න ගිහින්! අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි

මේ හැම ප්‍රශ්නයක්ම ඇතිවන්නෙ පළමුව තමන් ගැන පමණක් සිතීමෙන්. නමුත් බලන්න අද ජපානය වගේ රටවල් දියුණුවෙලා තියෙන්නෙ පළමුව රට, දෙවනුව රැකියාව, තුන්වෙනුව පවුල, හතරවෙනුව තමන් සහ ආකල්ප මත පිහිටලා කටයුතු කිරීමෙන්. ජපානයේ ළදරු පාසලේ ඉඳන් දරුවන් කෘෂිකර්මයට යොමුවෙනවා. මේ රට හදන්න නම් ළදරු අධ්‍යාපනයෙන්ම පටන් ගන්න ඕනෑ. ළමයින්ට රට ගැන හැඟීමක් දිය යුතු වෙනවා. අද ජනප්‍රිය පොරොන්දු වලටනෙ ඡන්දය දෙන්නෙ. ජනාධිපති හෝ අගමැති වුණත් ජනතාව පීඩාවට පත්කරන්න කැමැති නැහැ. අපි සාරධර්ම අතින් අද පිරිහිලා. අපේ රටේ අද උදාර ධර්මයක් තියෙනවා. සමහරු රට හැර යෑමේ මානසිකත්වයෙන්ද සිටිනවා.

අසරණ වෙච්ච අය නිකන් ඉන්න එකක් නෑ! උඩුවේ ධම්මාලෝක හිමි

‘අපිත් අප්‍රමාණ සංවේගයෙන් ඉන්නෙ. මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතා නැතිවෙලා. මේක තව කොච්චර දවසක් තියෙනවද කියන එක දැනුම් දෙන එක රට කරවන අයගෙ යුතුකමක්. මේ ගැන පැහැදිලි නොකිරීම ගැන සංවේගයක් තියෙනවා. අනවශ්‍ය වියදම් තවමත් නතරවෙලා නැහැ.
‘අපි අසරණවෙලා හිතට දැනෙනවා’ කියන එකයි කියන්න තියෙන්නෙ. අසරණ වුණු අය නිකං සිටින එකක් නැහැ. ඉදිරියේදී ලොකු ගැටලුවක් ඇති වේවි. මේ ගැන වහා පියවරක් ගන්න ඕනෑ. හාමුදුරුවරුන් දැන් අතරමංවෙලා. ජනතාවගේ කිසිම වරදක් නැහැ. ආර්ථික කළමනාකරණය වැරැදි ඇති කරල තියෙන්නෙ නායකකාරකාදීන්ගේ වරදින්මයි. මිනිස්සු මොකක් හරි තීරණයක් ගන්න කොට මහා සංඝයාත් ඒකට සම්බන්ධ වේවි.

සල්ලිවලට වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

අපි ඩොලර්වලින් ගනුදෙනු කළ අය නෙවෙයි. රුපියල්වලින් බිල්ගෙවපු අයයි. මේ රජය ණයත් ගන්නවා. ජාතික සම්පත් විකුණනවා. ඒ සල්ලිවලට වෙන්නෙ මොකක්ද කියල කවුරුවත් දන්නෙ නැහැ. ඒක තමයි භයානක පැත්ත. අන්තිමට රටත් ණය වෙලා අපට අත පිහදාගෙන නිකං බලා ඉන්නයි සිදුවෙන්නෙ. මේ රටේ බොහෝ දේශපාලනඥයො ගැන ජනතාව කලකිරිලයි ඉන්නෙ. මේ රටේ මිනිසුන් ජීවත් වෙන්නේ බෝඩිංකාරයො වගෙයි. පැරැණි දේශපාලනඥයෝ ගැන කතා කරද්දි ගරු කළ යුතු කිහිපදෙනෙක් හිටියා. ඒ ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක වැනි අය. අද රටට අවශ්‍ය වන්නේ වෙනස් නොවන ප්‍රතිපත්ති දේශපාලනයක්. මේ රටේ උගතුන්, විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයක් හදාගෙන ජාතික සැලැස්මක් හදාගෙන දේශපාලනය කරන නායකයෙක් තමයි රටට අවශ්‍ය වන්නේ. මේ රටේ නායකයන් රටේ අයිතිකාරයන් ලෙස හිටිය යුතුයි. අද කොළඹ නගරාසන්න ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 30ක් විතර තිබුණු ස්ථාන ආයෝජකයන්ට විකුණන්න දාලා. මම දේශපාලන වශයෙන් තීරණයකට ගිහින් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ගිහින් මමත් සාක්‍ෂි දීල තියෙනවා.

ජනතාවට කොයි පැත්තකින්වත් සහනයක් නෑ! මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

‘අද මිනිස්සු දුක්-කරදරවලට මැදිවෙලා. කොයි පැත්තෙන්වත් සහනයක් නැහැ. අධීක්‍ෂණය, කළමනාකරණය හදන්න යන්නෙ නැති නිසා රට විනාශය කරා යනවා. මිනිසුන්ට කොයි පැත්තකින්වත් සහනයක් නැහැ. දැන්වත් මහජන මතයට කන්දීලා බඩගින්න නිවන්න. නැතිනම් මහජනයා තවත් දුකට පත්වෙනවා බලා ඉන්න බැහැ. මහජනයාගෙ දුක ගැන කතා කරන්න අපි ළඟදීම ත්‍රෛනිකායික මහා සංඝයාගේ මතය විමසන්න බලාපොරොත්තු වෙනවා.

හැමදාම හොරා කන එකා හොරා කාලා හොඳට ඉන්නවා! ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

නතාවට සහන සැලසෙන, කාටත් සමාන ආර්ථික වැඩපිළිවෙළක් රටට අවශ්‍යයයි. කාටත් සමානව ලැබෙන ක්‍රමයක් හදන්න ඕනෑ. මහපාරට බහින එක විසඳුමක් නෙවෙයි. අද හෙට ඡන්දයක් නැහැ. අද මුළු ලෝකයම ආර්ථික අර්බුදයකින් සිටින අවස්ථාවෙ අපිටත් එයින් ගැළවෙන්න බැහැ. කවුරුත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකරන්නෙ නැහැ. ජනාධිපතිතුමාට රට ගැන හැඟීමක් තියෙනවා. හැබැයි කණ්ඩායමක් හැටියට ඇමැතිවරු, නිලධාරී අවංකව වැඩ කරනවා නම් වැඩකළා නම් මේ වගේ ජනතා ප්‍රශ්න ඇතිවන්නෙ නැහැ. හැමදාම හොරා කන එකා හොරා කාලා හොඳට ඉන්නවා. මොන ආණ්ඩුව ආවත් හොරා හොරාමයි. සමහර නිලධාරි වගකීම් පැහැර හැරීම නිසා තමයි මහජනයා අමාරුවේ වැටෙන්නෙ.

අපිට අවශ්‍ය සැරපරුෂ නායකයෙක්! ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මේ දේශපාලන ක්‍රමය ගැන හිතාගන්න බැහැ. මේ රටේ බලශක්තිය, දුම්රිය, තෙල් යන අංශ ගණනාවක්ම බහුජාතික සමාගම්වල සහ මාෆියා සංවිධානවල තෝතැන්නක් වෙලා. අපිට අවශ්‍ය වන්නේ සැරපරුෂ නායකයෙක්. ජාතියක් හැටියට හිස එසවීමට නම් කැපකිරීම් කරන්න ඕනෑ. දැන් බලන්න, ‘මේ රටේ තදබල විදියට අව් රශ්මිය තියෙනවා. නමුත් සෝලා විදුලි උත්පාදනය කිරීමට තවමත් බැරිවෙලා. මොකද ඔය ව්‍යාපෘතිය අස්සෙත් විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ඇතිවෙලා තියෙන්නෙ ජාතික අර්බුදයක්. ජනතා ප්‍රශ්න ගැන දෙවියන්ට කිය කියා ඉඳල වැඩක් නැහැ. ණය බරින් සිටි තැන රටක වෙනත් දෙයක් බලාපොරොත්තුවිය හැකිද යන්න ප්‍රශ්නයක්. මිනිස්සු ඔහේ ඡන්දය දීල හොරු බලයට පත්කරන්නෙ නැතිනම් වෙන කවුද..?

ටික කාලයකට හරි චාම් දිවියකට හුරුවෙන්න! බෙල්ලන්විල ධම්මරතන හිමි

මීට පෙර සිටි රජය අදූරදර්ශීව කටයුතු කිරීම නිසා ප්‍රශ්නය උග්‍ර වුණා. ඒ අය මේ ප්‍රශ්නය දෙපැත්තට ඇද්දා. මේ ප්‍රශ්න අවුරුදු 60ක් පමණ දැනට දිවගිය ප්‍රශ්න. එදා ඉඳන් කළේ මොකක්ද ණයට ඉල්ලා කමින් සිටිය මිස ආර්ථික කළමනාකරණය හරිහැටි වෙනස් වුණේ නැහැනෙ. දේශපාලනඥයින්ට බැනල මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. බලලෝභීව බලා සිටින්නෙ නැතිව ජාතියක් වශයෙන් අපි එක්සත්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් රටක් දියුණු කරන්න පුළුවන්. රජයක වුවත් දූෂණ ක්‍රියා සිදුකරන අය ඉවත් කරල ටික කලක් හෝ චාම් දිවියකට හුරුවෙන්න ඕනෑ.

කියන්න දේවල් ගොඩක් තියෙනවා! මට පිටුවක් දෙන්න! මැදගොඩ අභයතිස්ස හිමි

කියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. මම මේ ශ්‍රීපාදෙ වඩින ගමන්. ඔබ අහන දේ පේලි දෙකතුනකින් කියන්න බැහැ. අපි මේ ගැන වෙන වෙලාවක සම්පූර්ණ පිටුවක් වෙන්කරගෙන කතා කරමු. මම මේ මොහොතේ දුරකතනද විසන්ධි කළෙත් දානයට සූදානම් වෙන වෙලාවෙයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඇමැතිකමින් අයින් වූ ලන්සා ජනපතියි-බැසිලුයි එක්ක කතා කරයි! එළියට ආපු ලන්සා සාකච්ජාව ගැන හිතවතුන්ට කී කතාව!

Next Post

රනිල් එක්ක හිටපු සුමන්තිරන් රනිලුත් දෙමළ ජනතාවගේ ‌ද්‍රෝහියෙක් බව නොකියා කියයි! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.