එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප හිතවතකු ලෙස සැලකෙන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ දිනයේදී වික්‍රමසිංහ මහතාට බරපතළ චෝදනාවක් එල්ල කිරීමට පියවර ගත්තේය.
ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සම්බන්ධයෙන් වූ විවාදයේදීය.
එහිදී සුමන්තිරන් මහතා කියා සිටියේ එදා මෙම පනත රැගෙන ඒමේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පළමුව පාර්ලිමේන්තුවේදී එම පනත සම්මත කරගෙන පසුව අධිකරණය ඉදිරියට ගොස් ඊට අනියමින් බලපෑම් කළ බවය.
ඒ හරහා පනතට එරෙහිව පළමුව අධිකරණය හමුවට යාමට තිබූ අවස්ථාව අහිමි කිරීමට වික්‍රමසිංහ රජය කටයුතු කළ බවද ඒ මහතා කියා සිටියේය.










