අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු බවට පක්ෂ නායකයන් විසින් ගනු ලැබූ තීන්දුව ජනාධිපතිවරයා වෙත දැනුම් දීම කතානායකවරයා විසින් බාර ගෙන තිබේ.
ඒ අනුව තව පැය කිහිපයකින් එම තීන්දුව ජනාධිපතිවරයා වෙත කතානායකවරයා විසින් දැනුම් දීමට නියමිතය.
මෙම රැස්වීමට සියලුම පක්ෂ නායකයන් සහභාගී වී සිටි අතර කිහිප දෙනකු සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වී තිබිණ.










