• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩේ සීල්! සජබයයි එජාපයයි එකතු වෙනවාමයි! නායකයා සජිත්! රනිල් අනුශාසක! හර්ෂණත් කියයි! VIDEO I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘සමගි ජනබලවේගයෙත් , එක්සත් ජාතික පක්ෂයෙත් එකතුමුතුව පිළිබඳව රටම බලාගෙන සිටිනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව සජිත් ප්‍රේමදාස මහතාට එම වගකිම භාර දී තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණා. එම සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතිනවා. ඒ අනුව සමගි ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් රට වෙනුවෙන් අනිවාර්යෙන්ම එකට එකතු වෙනවා. රටේ දක්ෂිණාංශික කඳවුරට ආදාරය කරන විශ්වාස කරන සියලුම දෙනාට ඒ නැවුම් බලාපොරොත්තුව ලබාදෙන්න කැමැතියි. ඒ වගේම පක්ෂ දෙකේ එකතුවීම පිළිබඳව බහුතරයක් පිරිස බලාපොරොත්තුවෙනුයි සිටින්නේ. ඒ එකතුවීම දරාගැනීමට නොහැකි පිරිසකුත් සිටිනවා. ඒ වගේම ආණ්ඩුවේ පිරිසටත් මෙම එකතුවීම දරාගැනීමට නොහැකියි. ආණ්ඩුවේ පිරිස් මෙම එකතුවීමට බයවෙලයි සිටින්නේ. ඒ වගේම පළාත් සභා මැතිවරණයත් වහාම පවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධ දැවැන්ත එකමුතුව එළිදක්වන්න සුදානමින් සිටිනවා. ඒ වගේම සජිත් ප්‍රේමාදස මහතාගේ නායකත්වයෙන් , රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙනවා. ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම ඇත්ත එක්ක එකතු වෙන්නැයි සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම බොරුව රැවටීම 2026 වසරට ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

ඒ වගේම 2026 වසරේදී ප්‍රාර්ථනා කිහිපයක් සිදුකරන්න තිබෙනවා. විශේෂයෙන්ම 2025 ජනවාරි මාසයේ සිදුවුණ බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් පවත්වා ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද සහ ඒ හරහා රටට සිදුවුණ පාඩුව පිළිබඳව හැකි ඉක්මනින් රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකර ඒ හරහා රටට සිදුවුණ පාඩුව පිළිබඳව හැකි ඉක්මනින් රටට හෙළි කරන්න රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 6 ශ්‍රේණියේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළේ කවුද ඒ සඳහා වගකිවයුතු පුද්ගලයන් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කරන්න රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටට බලපැ ආපදා තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා වී තිබිදීත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම හේතුවෙන් රටට විශාල ජිවිත දේපළ හානියක් සිදුවුණා. ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් කවුරුන්දැයි රටට හෙළි කරන්න රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අශෝක රන්වල මන්ත්‍රිවරයාගේ ආචාර්ය උපාධියේ සහතිකය ලබාගෙන රටට පෙන්වන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. .

ඒ වගේම පසුගිය කාල සීමාවේදී නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ සිද්ධි ගැන වාර්තා වුණා. ජාතික ජනබලවේග රජය බලය ලබා ගත්තේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදෙමින්. ඒ වගේම දේශපාලඥයින්ටත් නීතිය එකලෙස ක්‍රියාත්මක කරන බවයි ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ. අශෝක රන්වල මන්ත්‍රිවරයාට සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වුණ ආකාරය රටම දන්නවා. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරු නගරාධිපතිවරු නිතිය අතට ගෙන කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙනවා. සියලුම දෙනාටම එක ලෙස මේ වසරේදීත් නිතිය ක්‍රියාත්මක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මේ වසරේ අප්‍රේල් මාසයේදීවත් හෙලි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විදුලි බිල , ඉන්ධන මිල අඩු කරන්නත් ආණ්ඩුවට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෞඛ්‍ය , අධ්‍යාපනයට , කෘෂිකර්මාන්තයට අයකරන අධික බදු මේ වසරේදීවත් අඩුකරන්න ආණ්ඩුවට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. උපාධිධාරින්ට එම රැකියා ටිකත් 2026 වසරේදී ලබාදෙන්න ආණ්ඩුවට ලබාදෙන්න හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම විපක්ෂය ආණ්ඩුවට සාධාරණ කාල සිමාවක් ලබාදී තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට එවක පැවැති ආණ්ඩුවටල එවැනි සාධාරණ කාලයක් ලබාදෙන්න කටයුතු කළේ නැහැ. නමුත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය එම කාලය ජාතික ජනබලවේග සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය ඇතුළු දක්ෂිණාංශික කඳවුරේ සියලුම දෙනා ඒකරාශි කරගෙන මේ වසරේදී ආණ්ඩුවට විරුද්ධව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් , ඉන් පිටතදිත් ගැනීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ එකතුවීමේදී ක්‍රියා කාරීව කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම රටේ විපක්ෂ නායකවරයා වන්නෙත් සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයෙදීත් දෙවැනියට වැඩිම ඡන්ද ලබාගත්තේ සජිත් ප්‍රේමදාස මහතා. එනිසා සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනගන බලවේගය නිර්මාණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ පරිනත අද්දැකිම් තිබෙන දේශපාලන නායකයෙක්. ඔහුගේ ආශිර්වාදය ඇතිව මෙම කදවුරු ගොඩනගන්න කටයුතු කරනු ලබනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය කියන්නේ එක මතවාදයක් තිබෙන කණ්ඩායමක්. සිදුවුණ වැරදි නිවැරදි කරගෙන සාර්ථක ගමනක් යන්න කටයුතු කරනු ලබනවා. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඉදිරියේදී අනිවාර්යෙන් එකතු වී කටයුතු කරනු ලබනවා. ඒ වගේම මැතිවරණයක් පැවැත්වුවහොත් එකතුවීම තවත් වේගවත් වෙයි. ඒ වගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ජයගන්න හැකියාව තිබෙන්නේ දක්ශිණාංශික කඳවුරටයි.‘‘

SendShareShare
Previous Post

කිරිබත්ගොඩ මාකොල තියෙන මේ හෝටලේට යනවා තියා හිතන්නවත් එපා! නාන ඒවා වීඩියෝ කරනවා! කාමරේ ඉන්න හැටිත් වීඩියෝ කරනවා! මැනේජර්ගේ ෆෝන් එකේ වීඩියෝ 25ක්! හෝටලේට ගිය කෙනෙක් ඉන්නවා නම් වහාම පැමිණිල්ලක් දාන්න! මෙන්න හෝටලේ නමත් එක්කම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුද්දේ පළමු දවසෙම රෝහලකට සෞඛ්‍ය උපකරණ පූජා කළා! අවුරුද්දේ පළමු පෝය දවසෙම රත්මලානෙ පරම ධම්ම චේතිය මහාපිරිවෙණේ ධර්ම දේශනාව සංවිධාන කළා! ඒ තමයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.