රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කර ඇත්තේ ඩාර්ට් නම් ගෙඹි විශේෂය යොදා සකස් කළ විෂක් භාවිත කිරීමෙන් බවට තහවුරු වී තිබෙනවා.Sri Lanka Latest News
ඊට අදාලව බ්‍රිතාන්‍යය සහ යුරෝපීය රටවලින් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇති අතර නවාල්නි මිය ගොස් වසර දෙකකට පසුවයි මෙම අනාවරණය සිදු කර ඇත්තේ.
මියුනිච් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බ්‍රිතාන්‍යය විදේශ ලේකම් යෙවෙට් කූපර් පවසා ඇත්තේ නවාල්නි රුසියාවේ සිරගත කර සිටියදී මෙලෙස විෂ භාවිතා කර ජීවිතක්ෂයට පත් කර ඇති බවටයි.










