• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය ආණ්ඩු කාලෙ බාලයි බාලයි කිය කියා පාරට බැහැලා කෑ ගැහුවා! මාලිමා ආණ්ඩුවත් බාල ගල් අඟුරු නැව් පහක්ම ගෙනැල්ලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
පහුගිය ආණ්ඩු කාලෙ බාලයි බාලයි කිය කියා පාරට බැහැලා කෑ ගැහුවා! මාලිමා ආණ්ඩුවත් බාල ගල් අඟුරු නැව් පහක්ම ගෙනැල්ලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති බවත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300 බැගින් 3ක් එනම් මෙගාවොට් 900ක් නිපදවුවත් මේ බාල ගල් අගුරු නිසා උපරිම ධාරිතාවට යාමට නොහැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන සජිවී දත්ත පවා ඇති නිසා මේ ගැන තමා ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වු බවත් රටට ශක්තිය දෙනවා කියූ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙරලිහෙල ග්‍රමයෙ ගෙවි ගැටලු සාකච්ඡාව හා එක්වෙමිනි.

සමගි ජන බලවේගය බොරුව අසත්‍ය මූලික කර ගෙන දේශපාලනය සහ සංවර්ධනය සිදු නොකරන බවත් සමගි ජන බලවේගයේ එකම අරමුණ වන්නේ ජනතාවට හොද ජන ජීවිතයක් උදා කරවීම බවත් අද ජනතාව ලබන ආදායමෙන් හොද ජීවිතයක් ගත කළ නොහැකි බවත් බඩු මිල වැඩි වී අහස උසට නැගී මාසික ආදායම් අඩු වී ජීවත් වීමට පවා නොහැකි වී ඇති බවත් මේ යන විදිහට ගියොත් ජනතාවවත් රටවත් ඉතුරු නොවන බවත් බොරුවෙන් මුසාවෙන් රැවටිල්ලෙන් නම් රාජ්‍ය පාලනයක් ගෙන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවියාට ස්ථාවර මිලක් ලැබෙන්නේ නෑ

ගොයම් කැපෙන කාලය ළං වන විට ගොවියාගේ අපේක්ෂාව වන්නේ වී කිලෝවට පොරොන්දු වූ මිල ලැබෙනු ඇතැයි වුවත් අද පෙනෙන්නට ඇත්තේ වී කිලෝවට රු. 120ක් ලැබෙයි ද කියා විශාල බියක් ගොවියාට ඇති බවත් මේ රජයට වි මිල දි ගැනීමේ සූදානමක් නොමැති බවත් වී මිලදී ගන්න අවශ්‍ය ගබඩා ටිකවත් මේ රජය සූදානම් කර නොමැති බවත් මේ තත්ත්වය තුළ නිෂ්පාදන පිරිවැයවත් ආවරණය කළ හැකි දෝ කිය බිය ගොවියා තුළ පැන නැගී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් ගොවියා අතුරු කන්න පවා අතහැරලා

වත්මන් රජයේ මැති ඇමතිවරු මැතිවරණ සමයේ ගොයම් කමින් වීවලට සහතික මිල ලබා දෙන බව පැවසූ තවත් තවත් අවස්ථාවක අනෙකුත් සියලුම භෝගවලට ස්ථාවර ස්ථිර සහතික මිලක් ලබා දෙන බව පැවසුවත් ඒවා කිසිවක් නොවු බවත් අතුරු කන්නවල මුං ආදිය වගා කළත් ස්ථිවර මිලක් නොලැබුණු නිසා ගොවියා දැන් අතුරු කන්න පවා අතහැර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ස්ථාවර මිල දෙනවා කියූ අය අද රජපුටුවල

එදා වීවලට සහතික මිල දෙනවා කියූ අස්වැන්නට ස්ථාවර මිලක් දෙනවා කියූ වත්මන් රජයේ පුද්ගලයන් අද පාර්ලිමේන්තුවේ සැප පුටුවලට වී ගොවියා අමතර කර ඇති බවත් අලි මිනිස් ගැටුම නැති කරන්න හම්බන්තොටට විතර රු. මි. 500ක් වෙන් කළත් අදටත් එයට ස්ථිර විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ මිනිස් සම්පතත් වගාවත් වන සම්පතත් රැක ගෙන ගොවිතැන තිරසර කර ගොවිතැන දියුණු කර තිරසර සංචාරක කර්මාන්තයත් ශක්තිමත් කර මිනිසා මෙන්ම වන සතුන්ගේ ද ජීවිත රැකෙන වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් නමට විතරක් රු. මි. 500ක් වෙන් කරා කියා ගොවි ජනතාව රවටා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටට අවශ්‍ය වන්නේ සුහුරු ගොවි සංකල්ප

ගොවියා අපේක්ෂා කළ ආකාරයේ අස්වැන්නක් නොලැබීමට හේතුව රටට ගෙන්වන්නේ බාල පොහොර නිසා බවත් මේ සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නොමැති බවත් බීජවල ගුණාත්මකභාවය, මිල, යෙදවුම් මිල, නිෂ්පාදන මිල ආදී සෑම තැනකදීම ගොවියාට කුඩම්මාගේ සැලකිල්ල ලැබෙන බවත් බාල භාණ්ඩ ගොවියාට ලැබෙන බවත් මේ බාල යෙදවුම් නිසා ගොවියාගේ අස්වැන්න පවා අඩුවන නිසා මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නේ සුහුරු ගොවි සංකල්ප බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමා සිංගප්පූරුවේ සිදු කළ සංචාරය අතරතුර වාහන නිෂ්පාදන ආයතනයක් නිරීක්ෂණයට ගිය පසු එහි වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ රොබෝ තාක්ෂණය මත බවට දැන ගැනීමට හැකි වූ බවත් මේ කර්මාන්තශාලාව ඇතුළත සුහුරු ගොවිතැන් පවා සිදුවන බවත් මේ සියලු වගා කටයුතු කරන්නේ රොබෝ තාක්ණයෙන් බවත් ඒ ආකාරයෙන් නිපදවන එළවළු සේවකයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේවා කියද්දි ආණ්ඩුව දන්නේ සමාජ මාධ්‍ය හරහා මඩ ගහන්න විතරයි

අප රටටත් සුහුරු කෘෂිකර්මය සිදු කළ හැකි වුවත් රජය ඊට අවශ්‍ය සහයෝගය නොදෙන බවත් නුදුරේදීම බිහිවන සමගි ජන බලවේග රජය තුළ සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය සහයෝගය ගොවියාට ලබා දි ගොවියාගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය සුහුරු තාක්ෂණය උපකරණ හා දැනුම ලබා දෙන බවත් කෘෂි නිෂ්පාදන අපනයනය කරන තැනට අප රට ගෙන එන බවත් නෙදර්ලන්තය මෙන් කෘෂි අපනයන සිදු කරන තැනට අප රට ගෙන ආ යුතු බවත් මේවා විහිලු කතා නොව ලෝකයේ දැනටමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සංකල්ප බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ ඇත්තේ බොරුවයි රැවටිල්ලයි විතරයි

අපේ රටේ පාලකයන්ට අවශ්‍ය රට පරණ තත්ත්වයේම තියා ගැනීම බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණ කර වාරි පද්ධති පුනරුත්ථාපනය කළ යුතු බවට පැවසුවත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවත් දැන්වත් විධිමත් වාරි ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බවත් මේ රජය විපක්ෂයේ සිටින විට බොරු කියා බලය ගෙන දැන් රැවටිල්ල ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ජාතික ආරක්ෂාව ගැන ටියුෂනුත් නෑ

ජාතික ආරක්ෂක ප්‍රශ්න සති කිහිපයකින් විසදා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු සිටියත් ඊයේ මහ පාරේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද අමු අමුවේ ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවත් අද වන විට පාතාල කල්ලි අතර මිනිමරු යුද්ධයක් ක්‍රියාත්මක වන බවත් මේ කෘර කුරිරු ඝාතන සංස්කෘතියක් අප සමාජය වෙලාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ නිදහස් ඇත්තේ ආණ්ඩුවට බොරු කීමට පමණයි

අද වන විට පාතාල කල්ලි බියක් සැකයක් නැතිව මහ පාරේ ඝාතන කරන විට ජීවත් වීමේ නිදහස පවා අහිමි වි ඇති බවත් අද රටේ ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බොරු කීමේ නිදහස බවත් බොරුවයි ඇන්දවිල්ලයි විතරක් මේ රජය සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අවුරුදු 2කට පස්සේ ලොකු රහසක් හෙළිවෙයි! රුසියානු විපක්ෂනායක මරලා තියෙන්නේ වහ දීලා!  I Sri Lanka Latest News

Next Post

අමෙරිකාව එවපු ඉරාන ගුග්ලියට ආණ්ඩුව අහක බලාගෙන හතරේ පාරක් ගහලා! මැච් එක කොට උඩ යයිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.