ජපන් තානාපතිවරයා හදිසියේම ජපානය බලා පිටත්ව ගියේ ඩොලර් බිලියන 5ක ආධාර ලබා දීමට යනුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග අනාවරණය කරයි.
ජපන් තානාපතිවරයා හදිසියේම ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ ශල්‍යකර්මයකට මුහුණ දීමට බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මෙම ආධාර ලබා දෙන පුවත සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්ම ජපන් තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් මේ පිළිබදව විමසා ඇති අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ එවැනි කිසිදු සූදානමක් දැනට නොමැති බවකි.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ජපන් තානාපති කාර්යාලය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










