• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල 27 වැනිදා එළියට ඇවිත්! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල 27 වැනිදා එළියට ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මේ පොත් එළිදකින කාලය. පොත් වසන්තයට කලින් අලුත් මල් පොහොට්ටු පිපෙනවා වගේ තැන් තැන්වලින් පොත් එළිදකින කතා සිය ගණනක් එළියට එනවා. ඒ අතර සමහර පොත් අපේ හිත් ගන්නවා. සමහර පොත් සුවිශේෂ පොත් බවට පත්වෙනවා. සමහර පොත් ගැන කතා කළ යුතුයි කියලා හිතෙනවා. සමහර පොත් කතාබහට ලක්වෙනවා. සමහර පොත් හතු පිපෙන්නා වගේ බිහිවෙලා අතුරුදන් වෙලා යනවා. සමහර පොත් කර පින්නාගෙන, උස්සාගෙන සමහරු ඉදිරියට අරගෙන යනවා. සමහර පොත් රැල්ලට අහුවෙනවා, සමහර පොත් වැල්ලට ගහගෙන එනවා. සමහර පොත් හේදිලා යනවා. සමහර පොත් නිසා සමාජය සෝදාපාළුවට ලක්වෙනවා. සමහර පොත් සෝදාපාළුවුණු සමාජයේ ඉරිතැලුණු තැන් පිරිමහන පොත් බවට පත්වෙනවා. ඒ තමයි පොත්වල කතාව. පොත් කියලා කියන්නේ සමාජයට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා කොතැන හරි පොතක් එළිදකිනවා නම්, ඒ ගැන ලියන්න පුළුවන් නම්, ඒ ගැන කතාකරන්න පුළුවන් නම්, ඒක ලොකු දෙයක්.Sri Lanka Latest News

මේ වතාවේ අපිට කතාකරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියන්න නොහිතෙන නමක් එක්ක එළියට එන පොතක් ගැන. ඒ නම යළි යළිත් මතක් කරන එක, සඳහන් කරන එක අපිට විතරක් නෙමෙයි තවත් අයගේ හිත් රිදෙන එකක්. පොතේ නම, ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල.

ප්‍රේමකීර්ති ඝාතනය ගැන බොහෝ විට බොහෝ දේ කතාබහට ලක්ව තිබේ. නමුත් තවමත් එය ඇත්තේ අතීතයට එක්වූ රහස් කතාවක් ලෙසිනි. ඔහු මරාදැමීමත්, ඔහු මරාදැමීමට හේතුවත් කිසිසේත්ම සාධාරණ හෝ යුක්තිසහගත නැත. නමුත් අයුක්තියට ඉඩ තිබුණු සමාජයක් තුළ ප්‍රේමකීර්තිට ජීවත්වී ඉන්නට ඉඩ ලැබුණේද නැත. නමුත් ප්‍රේමකීර්ති අපට කිසිදා අමතක නොවන්නට මතක සටහන් ඉතුරු කර ගිය මනුස්සයෙකි. ඒ නිසා ප්‍රේමකීර්ති ගැන යළි යළි කතාකිරීමේ වරදක් නැත.

‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල’ කෘතිය අගෝස්තු 27 වෙනිදා බදාදා පස්වරු 3.00ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී නිකුත් විය. දැන් පොත ජනගතව තිබේ. ජවිපෙ දෙවැනි කැරැලි සමය පිළිබඳ මෙහි වැඩි විස්තර සඳහන් වේ. එය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්නයන් විසින් රචනා කරන ලද්දකි. වසර ගණනක සමාජයීය අත්දැකීම් සහිත ධර්මන් වික්‍රමරත්න දුටු නොදුටු ඇසූ කතා මෙහි අන්තර්ගත කොට තිබෙන බව මගේ විශ්වාසයයි.

ධර්මන් වික්‍රමරත්නයන්ගේ මේ කෘතියට පාදක වන්නේ මීට වසර 36කට පෙර 1989 ජූලි 31 වැනිදා සිදුවූ ඒ අපකීර්තිමත් සිදුවීමයි. ඒ අවාසනාවන්ත සිදුවීමයි. සරලවම කිවහොත් කිසිදාක නොවිය යුතුව තිබූ සිදුවීමයි.

ප්‍රවීණ ගුවන්විදුලි සංනිවේදක ප්‍රේමකීර්ති අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිතව පැනනැගුණු සත්‍ය සිදුවීම් මාලාව ඔහු මේ සඳහා එකතුපහදු කරගෙන තිබේ. මෙවන් යුගයක ගවේෂණාත්මකව මෙවැනි කෘතියක් රචනා කිරීම බරපතළ අභියෝගයක් බව ලියුම්කරුගේ විශ්වාසයයි. එම අභියෝගයට නොබියව මුහුණ දෙන ධර්මන් වික්‍රමරත්න ප්‍රේමකීර්තිගේ ඉරණම ගැන විස්තර කරන්නේ ඔහු හඳුනාගන්නා ලද ඇතැම් කරුණු හේතුවෙනි. පිටු 256කින් යුත් මෙම ග්‍රන්ථයට ඡායාරූප 168ක් ද ඇතුළත් කිරීමට ඔහු සමත් වී තිබේ. ගවේෂණාත්මක කෘතියක ඇති විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මෙවැනි පින්තූර භාවිත කිරීම ඉතා වැදගත් වේ. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී 60,000ක් පමණ ඝාතනය වූ බව ඔහු මෙහිදී සඳහන් කරන්නට යෙදී තිබේ. ඉන් 17 දෙනකු ප්‍රේමකීර්ති ද ඇතුළු කලාකරුවන්‍ය. ධර්මන් වික්‍රමරත්නගේ ජවිපෙ දෙවැනි කැරැල්ල ග්‍රන්ථ මාලාවේ සිවුවැනි කෘතිය ලෙස මෙම කෘතිය හඳුන්වා දිය හැකිය. ධර්මන් මීට පෙරද මේ සිදුවීම් සහ මේ පසුබිමට අදාළව කෘති රචනා කොට වඩාත් ආකර්ෂණය දිනාගන්නා ලද්දෙකි. නව ශානරයක් ඔස්සේ කැරැල්ල පිළිබඳ සහ යම් යම් සිදුවීම් පිළිබඳ ඔහු ලියූ කෘති පාඨකයාගේ දැඩි ග්‍රහණයට ලක්විය.

තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙම කෘතිය ඔහු රචනා කරන ලද 55 වැනි කෘතිය වීමය. ධර්මන් වික්‍රමරත්න මීට පෙර 1986 සිට 1990 දක්වා පැවැති ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පිළිබඳ ‘ගින්නෙන් උපන් ගිනි පුපුරු’, ‘සටනින් සටන’ සහ ‘කොමරේඩ් ලයනල්’ යනුවෙන් ග්‍රන්ථ තුනක්ද නිකුත් කර ඇති අතර, ඒවා ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ සම්භාවනාවට ලක්වූ කෘතීන්‍ය. ධර්මන් වික්‍රමරත්නගේ මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී මුලසුන, මුලසුන නීතිඥ ජාලිය සමරසිංහ විසින් හෙබවූ අතර, දෙසුම් පවත්වනු ලැබුවේ ප්‍රවීණ කවිවර බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයන් විසිනි. වැඩසටහන මෙහෙය වීම සිදුකරනු ලැබුවේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇයි? රනිල් විතරද? මේ ජනාධිපතිලා හිරේ ගිය හැටි දන්නවද? Sri Lanka Latest News

Next Post

දැන් එංගලන්තයෙදි කෙල්ලෙක් මරලා! කැනඩාවෙදී පවුලක්ම පිහියෙන් ඇනලා මැරුවා! ලංකාවේ අයට පිටරටදී හැදෙන මේ ලෙඩේ මොකක්ද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.