• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලයක් බයිය නායකයෝ හිටියා! රට බංකොලොත්ම වුණා! දැන් සවාරි නායකයෝ ඉන්නවා! තඹ සතයක් රටට ලැබිලා නෑ! ඒ අස්සේ වැඩ බැරි කයිය නායකයොත් ඉන්නවා! පක්ෂයට ලැබෙන සල්ලිවලින් මිනිස්සු ගෙන්වා බොරු සංදර්ශන පෙන්වනවා! රටට ඕන බයිය නායකයොද? සවාරි නායකයොද? කයිය නායකයොද? වැඩ කරන නායකයෙක්ද? සජිත් හම්බන්තොටදී අහපු ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

April 17, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

කාලයක් බයිය නායකයෝ සිටි බවත් මේ වන විට රටේ මුදල් වියදම් කර ලෝකය වටේ සවාරි යන සවාරි නායකයෝ සිටින බවත් මීට අමතරව වැඩ බැරි කයිය නායකයෝ සිටින බවත් ඔවුන්ට රටට අගයක් එකතු කළ නොහැකි වුවත් කයිවාරුව හරහා විවේචන කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බයිය නායකයකු පත් කිරීම නිසා රට විනාශ වී ඇති මොහොතක සවාරි නායකයා ලෝකෙ වටේ රවුම් ගැහුවත් රටට තඹ සතයක්වත් ලබා නොගත් බවත් ඒ අතර තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් වියදම් කර බොරු සෝබන සංදර්ශන පවත්වා මිනිසුන් ගෙන්වා කයිය ගහන නායකයෝ සිටින බවත් රටට අවශ්‍ය බයිය නායකයෝද සවාරි නායකයෝද කයිය නායකයෝද එසේ නොමැති නම් වැඩ කරන නායකයෝද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 157 වැනි අදියර යටතේ හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රට සෝබනයට කයිවාරුවට ගජමිතුරු දූෂිත ගණුදෙනු තුළින් ගොඩගත නොහැකි බවත් රට අවශ්‍ය හොර පවුල් බයිය නායකත්වයද?, බොරුවට රටේ මුදල් සම්පත පිටරට සවාරි හරහා විනාශ කරන සවාරි නායකයන්ද? නැතිනම් කයිය නායකයෝ ද? එසේත් නොමැති නම් බලයක් නොමැතිව වැඩක් කර පෙන්වූ වැඩ කරන නායකයෝ ද? කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මේ තීන්දුව ජනතාව අතේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කියන දේ කරන කරන දේ කියන නායකයෙක් රටට අවශ්‍යයි

බංකොලොත් රටේ රට ගොඩගන්න නායකත්වය අවශ්‍ය බවත් රට ගොඩගන්න නායකත්වයට දර්ශනයක් වැඩපිළිවෙළක් මෙන් ම පවතින වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර කියන දේ කරන කරන දේ කියන කටින් පිටවෙන වචන මහ පොළොවේ සත්‍ය හා යථාර්ථය බවට පත්වන බවට පත් කළ හැකි බවට ලක්ෂ 220 ජනතාවට රටේ නායකයන් ඔප්පු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ වෘත්තිකයන් රට අතහැර තැනට රට පත් වෙලා

අද අප රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩ එන වැඩපිළිවෙළක් නොමැති වීම නිසා අත්දැකීම් සහිත ඉංජිනේරුවන් වෘත්තිකයන්ට නිසි වැටුපක් වේතනයක් නොලැබෙන නිසා දහස් ගණනින් රට අත හැර යාම ඇතුළු දැවැන්ත බුද්ධි ගලනයක් සිදු වන බවත් මේ ආකාරයට රටට වෘත්තිකයන් අහිමි වුවහොත් රටේ දියුණුවට ආර්ථික වර්ධනයට හා සමාජ ප්‍රගතියට සිදුවන හානිය මෙතෙකැයි කියා නිමකළ නොහැකි බවත් මොවුන් රට අතහැර යනවා වෙනුවට මේ රටේ ම ජිවත් වී රට ගොඩගැනීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් වංචා විතරක් නෙවෙයි. වාහනත් නැති වෙලා

සමගි ජන බලවේගය විශාල අභියෝග රැසක් මැද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැවැන්ත සටනක් සිදු කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන ජාවාරම්කාර ගණුදෙනු, අල්ලස දූෂණය වංචාව ගැන සිදු කළ හෙළිදරව්ව නිසා හොරු ටික අධිකරණයට ගෙනවිත් ඇති බවත් බෙහෙත් වංචාව ගැන බොහෝ දෙනා කතා කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 679ක් අතුරුදහන් වී ඇති බවට ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වාහන 240ක් ගැන යම් තොරතුරු සොයා ගෙන ඇති මුත් අමතර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විගණන කාර්යාලයට බාර දී නොමැති බවත් තවත් වාහන 439ක් ගැන කිසිදු තොරතුරක් නොමැති බවත් බංකොලොත් රටේත් මෙවැනි දේවල් සිදුවන විට කරබාගෙන සිටිය නොහැකි බවත් මෙවැනි අක්‍රමිකතා රැසක් රාජ්‍ය ආයතන තුළ ඇති නිසා මේ සෑම වංචාවක්ම සොරකමක්ම ගැන පැහැදිලි පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ගිවිසුම් රටට අවශ්‍යයි

රට ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ගිවිසුම් කේන්ද්‍ර ගත වූ වැඩසටහන්වලට යා යුතු බවත් රටේ මූල්‍ය හා ප්‍රාග්ධන හිඟයක් හා සෘජු විදේශ ආයෝජන හිඟයක් ඇති නිසා මෙම සංකල්පය නිවැරදිව නිර්ව්‍යාජව විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

මැතිවරණ වසරේ රටේ ඉඩම් මංකොල්ලයක්

මැතිවරණ වසරක රජයේ පාර්ශ්ව ගජමිතුරන් සමඟ එකතු වී පෞද්ගලික රාජ්‍ය ගිවිසුම් ක්‍රියාත්මක කරන බවත් එහි දී මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් සිදුවන බවත් නැගෙනහිර පළාතේ මෙම ඉඩම් මංකොල්ලය සිදුවන බවත් ඒ සඳහා උපදේශකයන් පත් කර මහා පරිමාණයේ ඉඩම් ජාවරමක් සිදුවන බවත් මෙම මංකොල්ලයට කිසිදු කෙනෙක් හසු නොවන ලෙසත් සමගි ජන බලවේග රජයක් තුළ එම ගිවිසුම් අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මට නම් පටබඳින්නේ කාඩ්බෝඩ් සමාජවාදීන්

මේ වන විට තමාට බස් මෑන් යනුවෙන් අන්වර්තනාම පටබැදී ඇති බවත් හෙට වන විට බෙදන මෑන් කියා තවත් නමක් පටබැදිය හැකි බවත් ඒ කුමන නමක් පටබැන්දත් තමාට එය ගැටලුවක් නොවන බවත් මෙම නම් පටබදිමින් සිටින්නේ සමාජවාදය පෙරටු කර ගත්තත් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බංකොලොත් අන්ත කොමියුනිස්ට සමාජවාදීන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 157 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1712ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කෙහෙල්බැද්දර පද්මේගේ පාතාල ගෝලයා රිවෝල්වරයක් එක්ක අල්ලයි! I Sri Lanka Latest News

Next Post

තෙවරප්පෙරුමගේ දේහය රෝහලෙන් එළියට ගනිද්දී ගමේ මිනිස්සු දේහය වටකරගනී! මහජනතාවක් මහ රෑ රෝහලට! පොලිසියටවත් ‌පාලනය කරගන්න බැරිවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.