රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
රාගම ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.










