විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සති අන්තයේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ සක්වල බස් රථ වැඩසටහන යටතේ ලබාදුන් 78 වැනි බස් රථයය.
කෙසේවෙතත් මෙම අවස්ථාවේදී එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කළ අතිසංවේදී කතාව රැස්ව සිටි සියලු දෙනාගේ ඇසට කදුලක් එක් කළ එකක් විය.
විදහල්පතිවරයා කදුලු සලමින් කියා සිටියේ තම පාසලට බස් රථයක් ලබා ගැනීම සදහා කාලයක් තිස්සේ විශාල වැඩ කොටසක් කළද එය ඉටු කර ගැනීමට නොහැකි වූ බවකි.
එම නිසා පාසල් දරුවන් ක්‍රීඩා තරගවලට මෙන්ම අනෙකුත් උත්සව අවස්ථාවන්වලට සහභාගී වීමේදී දැඩි අපහසුතාවයකට මුහුණ දුන් බව විදුහල්පතිවරයා කියා සිටියේය.
අද දින තමන්ගේ රාජකාරී දිවියේ අවසන් දිනය බවත්, එදිනම තෑග්ගක් වශයෙන් බස් රථයක් ලැබීම මහත් සතුටක් බවත්, එය ලබාදුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම එතුමන්ගේ දිවංගත පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස මහතා හට පිං අත්විය යුතු බවත් විදුහල්පතිවරයා එහිදී සදහන් කළේය.








