පවතින අධ්‍යාපන වැඩපිළිවෙළ විශේෂිත වූ වෙනස්කමකට ලක්විය යුතු බවත් අප රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ගෝලීය පුරවැසියා නිර්මාණය වනවාද? වටිනාකමකින් සතු ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අප හදුනා ගෙන ඇති බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් මේ ක්‍රමවේදය හා වෙනසට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
දරුවකුගේ මොළයේ වර්ධනය 70%ක් සිදුවන්නේ උපතේ සිට වසර 5 දක්වා බැවින් මුල් ළමා විය අධ්‍යාපනය වයස අවුරුදු 3ත් 5ත් අතර ක්‍රියාත්මක වුවත් එය අවිධිමත් බවත් අප රටේ පෙරපාසල් 17910ක් තිබුණත් අවිධිමත් පෙරපාසල් අධ්‍යාපනයක් ඇති බවත් එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙරපාසල් පද්ධතියේ සිට ආරම්භ විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ අධ්‍යාපනය දෙස බලන විට පැහැදිලි බෙදීමක් ඇති බවත් නිදහස් අධ්‍යාපනයේ මෙන්ම සමස්ත අධ්‍යාපනය තුළ ඇති හැකි හා නැති බැරි අධ්‍යාපනය ඇති බවත් මෙය සිදු නොවිය යුතු දෙයක් බැවින් නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන්න ප්‍රතිපාදන ලබා දීම ක්‍රමයේ වෙනසක් ඇති කිරීම මෙන්ම භෞතික හා මානව සම්පත් ලබා දීම සිදු කළ යුතු බවත් එය නූතන ලෝකයට ඔබින ආකාරයට නවීකරණය කරන ප්‍රතිපත්තියකට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමිනි.
අප රටේ පාසල් 10096ක 38 ලක්ෂයක දූදරුවන් ඉගෙන ගන්නා බවත් එහි ගුරුවරු 237000ක් හා 12500කට වැඩි විදුහල්පතිවරු ද සිටින බවත් කන්නන්ගර ප්‍රතිපත්ති තුළින් ජවය ජිවය ශක්තිය ලැබූ අධ්‍යාපන පද්ධතිය රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් මේ අධ්‍යාපනයේ බෙදීම එනම් වතු ග්‍රාමීය හා නගරයෙන් බැහැර පාසල් ජනප්‍රිය නොවන පාසල් ලෙස ඇති බෙදීම නැති කර ඒකාග්‍රතාවකට ලක් කර පාසල් 10096 විශිෂ්ට පාසල් බවට පත් කරන නව රාජ්‍ය ප්‍රතිපත්තියක් කරා යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එදා මැතිවරණ වේදිකාවේ කියූ දේවල් ඇයි කරන්නේ නැත්තේ
එදා මේ රජය මැතිවරණ වේදිකාවේ අධ්‍යාපන උපකරණවල ඇති වැට් බද්ද ඉවත් කරනවා කිව්වත් අද ඒ දේ ඉටු නොවී ඇති බවත් එදා කියූ දේ සහ ක්‍රියාව අතර වෙනසක් ඇති බවත් එදා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් කැපකරන ලෙස ආචාර්යවරු උද්ඝෝෂණය කළත් අද වෙන් වී ඇත්තේ 0.84%ක් බවත් පසුගිය වසරේ ද 0.86%ක් වෙන් වුවත් මේ වෙනුවෙන් හඩ නැගී අගමැතිවරය ද අද නිහඩ බවත් කියපු දේ ඉටු වෙනවාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජයේ මුදල් පමණක් අධ්‍යාපනය දියුණු කරන්න ප්‍රමාණවත් නැහැ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට මේ රජයෙන් වෙන් වෙන මුදල් මෙයට ප්‍රමාණවත් නොමැති බවත් අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් ආරම්භ කර ලෝකයේ ධනවතුන් සම්බන්ධ කර ගෙන අයවැයෙන් වෙන් වන මුදලට අමතරව තවත් අරමුදල් උපයෝගී කර ගෙන නැවුම් වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් මෙරට නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය හා ජාත්‍යන්තරයේ ඇති ධන සම්පත්වලින් යුත් පාසල් අතර සහෝදර සම්බන්ධතාවක් ඇති කර ගෙන සම්පත් ලබා ගත හැකි බවත් සෑම පාසලකටම බාරකාර අරමුදල් ස්ථාපිත කර පාසලේ ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන එම ධානපතියන්ට සහන සැලසිය හැකි බවත් ඒ තුළින් සෑම පාසලකම බාරකාර අරමුදලක් ඇති කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත අයගේ ගැටලු රැසක් ඇති බවත් සුබෝධනී වර්තාව උපයෝගී කර ගෙන පාද යාත්‍රා ගොස් සටන් කළත් රජයට මහා ජන වරමක් ලැබුණු පසු ඒ සියල්ල අමතක කර ඇති බවත් මේ සුබෝධනී වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද කවදාද මෙන්ම ගුරු හිගයට පිළියම් දෙන්නේ කවදාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නව තාක්ෂණය පාසල් පද්ධතියට ගෙන එන්න
තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය සුහුරු තාක්ෂණය පමණක් නොව කෘත්‍රීම බුද්ධිය ද වර්ධනය වෙමින් පවතින නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ මේවාට දක්වන දායකත්වය මෙන්ම ස්ටීම් එඩියුකේෂන් වැඩිදියුණු කරන්න ගන්නා වැඩපිළිවෙල ද දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට අයිතීන් ඉල්ලන අයට ගුටි බැට දෙන තැනට පත්ව ඇති බවත් මේ අය මුහුණ දෙන ගැටලුවලට විසදුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු විශේෂිත වෙනස්කම් මොවුන්ට හිතවාදීව ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට අමතරව 35000ත් 40000ත් අතර රැකියා විරහිත උපාධිධාරින් සිටින බවත් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ උපාධිධාරින්ට රැකියා ලබා දෙන බව පැවසුවත් අද වන විට ඒවාද හීනයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා කපලා
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දකුණේ සිට කොළඹ දක්වා ආවත් අද මොවුන්ගේ ශාස්ත්‍රීය දීමනා පහත හෙළා ඇති බවත් පර්යේෂණ දීමනා ද අඩු කර ඇති බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන නිලධාරින්ගේ මාසික දීමනාව ද අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් ගොඩයි
මේ රජය මේ වන විට දේශපාලන පළිගැනීම්වලට පවා යොමු වී ඇති බවත් දෙහිඅත්තකන්ඩියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් පළිගැනීම් කර ඇති බවත් රජරට වි.වි. කුලපති ධුරය සම්බන්ධයෙන් ද ගැටලු මතු වූ බවත් රුවන්වැලිසෑයේ ලොකු හාමුදුරුවන්ගෙන් එය අහිමි කර ඇති බවත් රජරට නැගෙනහිර අග්නිදිග යන විශ්වවිද්‍යාවල උපකුලපති පත්කිරීම් ද ගැටලු සහගත බවත් මේවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ ද එය සිදුව ඇති බවත් උපකුලපති පත් කරන්න ඉල්ලුම්පත්‍ර කැදවූ පසු පාලක සභාව විසුරුවා ඇති බවත් මේ සදහා සුදුසුකම් ඇති මහාචාර්ය සමන්ත කුමාර මහතා නොසලකා හැර දෙවැනියාට එම තනතුර ලබා දී ඇති බවත් මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
76 වසරක සාපේ ගැන කියවන රජයට මෙන්න ඇත්ත දත්ත
76 වසරක සාපය ගැන රජය කියන බවත් 2022 වන විට සාක්ෂරතාව 92.49%ක් වී ඇති බවත් ප්‍රාථමික පාසල්වල සිසු ගුරු අනුපාතය සාධනීය ලෙස වර්ධනය වී ඇති බවත් 2022 වන විට 16.8ක් බවත් 1976 දී ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ප්‍රතිශතය 42%ත් වුවත් 2022 වන විට 96% බවත් ප්‍රාථමික අධ්‍යාපනයේ පුහුණු ගුරුවරු ප්‍රමාණය 2010 වන විට 82%ක් වන විට 2022 වන විට 87%ක් බවත් තෘතීයික අධ්‍යාපනය සදහා 2015 වසරේ 18.7% 2022 වන විට 22% දක්වා ඉහළ ගොස් ඇති බවත් රජයේ පාසල් 1950 වන විට 3188ක් බවත් අද වන විට 10096ක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය..










