ලෝක වෙළඳපලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News
ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 71යි සත 43ක් ලෙසයි. බ්‍රිතාන්‍යයේ බ්‍රේන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකා ඩොලර් 76යි සත 55කට අලෙවි වී තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 76යි සත 43ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම ස්වභාවික ගෑස් ඒකකයක මිල ඇමෙරිකා ඩොලර් 2යි සත 49ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.










