• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු වෙනසක් ගැන අද ජනපති කියපු කතාව! PHOTOS I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩු වෙනසක් ගැන අද ජනපති කියපු කතාව! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ කිසිවිටක රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

රට තුළ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කිරීමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, දිගු කලක් පුරා බලා සිටි ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමට අද අපට අවස්ථාව ලැබී තිබෙනවා.

2017 දී යෝජනා කළ මෙම ප්‍රතිපත්තිය 2018 දී පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් එය මේ වන තෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. වසර 07කට පසුව අද මෙම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්විම රජයේ ව්‍යාපෘති සහ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකියි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මුදල් අමාත්‍යාංශයට සහ ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුවට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිවල විනිවිදභාවය ඉහළ නංවමින් මෙම නව ප්‍රතිපත්තිය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
එසේම රජයේ වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ වියදම් පිළිබඳව විශ්ලේෂණයක් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා.
මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් සකස් කරන ලෙස මම විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු කෙරෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම අමාත්‍යාංශ අනුගමනය කරමින් ඉදිරියේදී අනිකුත් අමාත්‍යාංශවලත් ජාතික ප්‍රතිපත්ති සකස් කළයුතුයි.
අමාත්‍යාංශ මට්ටමින් ජාතික ප්‍රතිපත්ති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම රටේ සංවර්ධන අරමුණු ජය ගැනීමේ දී ඉතා වැදගත් වෙනවා. ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කෙරුණේ මීට වසර හතකට පමණ පෙරයි. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැප වූ සියලුදෙනාගේ විශිෂ්ට දායකත්වය මම අගය කරනවා.
ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම මෙරට පාලන තන්ත්‍රයේ පවතින විශාල හිඬැසක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටුවට විශාල වගකීමක් පැවරෙනවා. එමෙන්ම මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි.
රජයේ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ඇගයීම වඩාත් වැදගත් වෙනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ගේ කැපවීම ද අත්‍යාවශ්‍යයි.
රාජ්‍ය ව්‍යුහය තුළ විනය සහ පිළිවෙළ ඇති කිරීම මෙහි තවත් අරමුණක් වෙනවා. ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීමටත්, ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවතින බව සහතික කිරීමත් මෙම ප්‍රතිපත්තියෙන් සිදු විය යුතුයි.
ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්තිය සමඟ ඉදිරියට යන විට, ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වැඩි එකඟතාවයක් ඇති කර ගැනීම ද අපේක්ෂා කරනවා. අවසානයේ එමඟින් පුළුල් ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඉඩ සැලසෙනවා
මෙම ජාතික ප්‍රතිපත්ති සමඟ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ දී ණය ප්‍රශස්තකරණයට අදාළ සාකච්ඡාවලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මම සතුටට පත් වෙනවා. එහිදි රාජ්‍ය මූල්‍ය කමිටුවේ සහ විවිධ දේශපාලන පක්ෂවල දැඩි විවාද හමුවේ හා සංකීර්ණතා මධ්‍යයේ වුවද, සැලකිය යුතු එකඟතාවකට පැමිණීමට අපට හැකිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, මහ කොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-08

SendShareShare
Previous Post

කාවින්දගේ ‘වෛද්‍ය’ තනතුර ගැන ‘වෛද්‍ය’ ගයාෂාන්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

උසස් පෙළ ගණිත අංශයෙන් B සාමාර්ථ 3ක් එක්ක විශ්වවිද්‍යාලයට තේරුණු හංසමාල් දිවියෙන් සමුගනී! Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.