කොළඹ මහල් නිවාස 50000කට ඔප්පු ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා අයවැය කතාව මගින් සිදුකළේ අසත්‍ය කතාවක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ කොළඹ නිවාස ඇත්තේද 14512ක් පමණක් බවය.
මේ අයවැය යෝජනාව ඉදිරිපත් කළේ සාගල රත්නායක මහතා කොළඹට පත්කොට මැතිවරණයෙන් ඒ මහතා ජයග්‍රහණය කරවීමට බව කී මරික්කාර් මහතා හැකිනම් තම කණ්ඩායම සමග තරග කොට ජයග්‍රහණය කර පෙන්වන ලෙස අභියෝගයක්ද කළේය.