• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ස්විට්සර්ලන්තයේදී ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

January 17, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනපති ස්විට්සර්ලන්තයේදී ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනාගතවාදී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ඊයේ (15) ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.

ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ සැලකිය යුතු කාර්ය සාධනයක් අත් කර ගෙන ඇති බවට පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේ දී සිදු කළ ප්‍රකාශයද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීතාවයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත්, ණය හිමියන් සමග කටයුතු කිරීමේදි එවැනි සහයෝගීතාවක් අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විදේශීය සෘජු ආයෝජන ඇතුළු ආයෝජන, අපනයන සහ සේවා හරහා රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර, කුඩා ව්‍යවසායන් මෙන්ම සමස්ත ජනතාව කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ඇතිවු බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සඳහා ඇති බාධක මෙන්ම විදුලිය සහ ඉන්ධන සැපයුම සඳහා ඇති බාධක ඉවත් කිරිම සඳහා 2022 සහ 2023 වර්ෂවලදී සිදුකළ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළේය.
එමෙන්ම, ආනයන සීමා ලිහිල් කිරීම, විදේශ ප්‍රේෂණවල ද්‍රවශිලතාව නැවත යාථා තත්ත්වයට පත් කිරීම මෙන්ම 1977 වසරෙන් පසුව ප්‍රථම වරට ප්‍රාථමික ගෙවුම් ශේෂයේ අතිරික්තයත් වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.
2023 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට මුල්‍ය ස්ථාවරත්වය ඇතිවීම, උද්ධමනය සැලකිය යුතු ලෙස පහළයාම සහ සෘණ ආර්ථික වර්ධනය ආපසු හැරවීම වැනි ධනාත්මක දර්ශක පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන් අතර 2023 වර්ෂයේදී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් අත්කර ගැනීම කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමක් බව ද ප්‍රකාශ කළේය.
සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව සහ චීනය සමඟ අවසන් වූ සහ ඉදිරියේදී එළැඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ පවතින වෙළෙඳ අවස්ථා පුළුල් කර ගැනීමේ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
කලාපීය විස්තිරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව සිදු කර ඇති මුලපිරීම මෙන්ම යුරෝපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා GSP+ මඟින් සැලසෙන ප්‍රතිලාභ සම්බන්ධවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික නවීකරණය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම තුළින් ආයෝජනය කිරීමේ අවස්ථා පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තරඟකාරිත්වය සහතික කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත නීති සහ කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ආයෝජන සඳහා සීමාවන් ඉවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තමා අඛණ්ඩව කැප වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය ආයෝජකයන්ට සහතික විය.

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආර්ථික සහ රාජ්‍ය යන දෙඅංශයම ඇතුළත් වූ පුළුල් ප්‍රවේශයක් තුළ පවතින වැදගත්කම අවධාරණය කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණවලට සමගාමීව රජය පුළුල් වෙනස්කම් රාශියක් ආරම්භ කළ බව ද එහිදී සාගල රත්නායක මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආරම්භ කරන ලද විනිශ්චය ක්‍රියාදාමයක ශ්‍රී ලංකා රජය නිරත වූ බවත් එම විනිශ්චය ක්‍රියාවලිය අවසන් කරන තුරු බලා නොසිටිමින් ලංකා රජය ඊට පෙර විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම වැනි වැදගත් ක්‍රියාමාර්ග පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වූ බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මූලික පියවරයන්ගෙන් පසුව, පාලන විනිශ්චය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් දියත් කෙරුණු අතර එහිදී දූෂණ විරෝධී නීතිය වැනි තීරණාත්මක නීති හඳුන්වාදීමේ වැදගත්කම සාගල රත්නායක මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත දූෂණ විරෝධී කොමිසම සඳහා පත් කළ යුතු කොමසාරිස්වරුන් නිර්දේශ කරන ක්‍රියාවලිය පිළිබඳව ද ඒ මහතා පැහැදිලි කළේය. මේ පිළිබඳ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන බව ද සාගල රත්නායක මහතා අවධාරණය කළේය.
පාලන තන්ත්‍රය සඳහා සැලකිය යුතු නීති ප්‍රමාණයක් හඳුන්වාදිය යුතු බවත්, දැනටමත් ආසන්න වශයෙන් ඉන් 20ක් පමණ සම්පූර්ණ කර ඇති බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
අනාගතය දෙස බලමින්, කම්කරු නීති ද ඇතුළත් වන පිරිදි නව නීති 40 ක් හෝ 50 ක් සම්පාදනය කිරීමත්, දැනට පවතින නීති 40 සිට 50ක ප්‍රමාණයක් නවීන සහ ඉදිරි දැක්ම සහිත රාමුවක් තුළට ඒකාබද්ධ කිරීමත් සිදු කෙරෙන බව ද සදහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිලෂාන් වීරසේකර, ජනශක්ති රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සම සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන, ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂ්ණන් බාලේන්ද්‍ර, ගොල්ෆේස් සමූහයේ සභාපති සංජීව් ගාඩිනර්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, කොමර්ෂල් බැංකුව පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.

මීට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේවන් වික්‍රමසූරිය, ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක යන මහත්ම මහත්මීහු ද මෙම වටමේස සාකච්ඡාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-16

SendShareShare
Previous Post

ගෝඨා දුමින්දට දීපු ජනපති සමාව නීත්‍යනුකූල නෑ! ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාගේ සමාව බලරහිත කරයි! දුමින්දගේ මරණ දඬුවම යළි ක්‍රියාත්මකයි! හිරුණිකා නඩුව දිනයි! I Sri Lanka Latest News

Next Post

අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මුහුද මැද නැවක දාපු පාටියේදී සිද්ධ වෙලා! මහජන මුදල් අවභාවිත වෙලා! නැවේ පාටිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.