ජූලි මස 10 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැතිවරයාට දැනුම් දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.
මීට පෙර ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා දැනුම් දී තිබුනේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ලංකාව කටයුතු කළ යුතු බවකි.
President India Narendra Modi










