• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතයි! PHOTOS I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Lanka Latest News

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමිනි.

ඉංජිනේරුවෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “Hand book for Electricians” කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණික නවෝත්පාදනයන් සහ කෘෂි නවීකරණය සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙනයාමට සක්‍රීයව එක් වන ලෙස තමා ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

තරඟකාරිත්වය, ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රය තුළ අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් එම අංශ සංවර්ධනය කිරීම තුළින් රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළ තරඟකාරීත්වක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවන් ඉවහල් කර ගත හැකි බවත්, රටේ ආර්ථිකයට එය ඵලදායී ලෙස දායක කර ගැනීමට ඉදිරි දශකය තුළ සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7ත් -10ත් අතර ප්‍රමාණයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී එම ඉඩම් භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීම අරමුණ බවත් එය කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉවහල් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
1970 වසරේ සිට විෂය ක්ෂේත්‍ර දෙකක් යටතට පත් කර තිබු වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කිරීමට තමන් පියවර ගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන හරිත හයිඩ්‍රජන් අපනයනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලා එය ක්‍රියාත්මක කිරිමට හැකි තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමේ හැකියාව ඉංජිනේරුවන් සතුව පවතින බවද ජනාධිපතිවරයා ‍පෙන්වා දුන්නේය.
ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ මහනුවර මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මහවැලිය ව්‍යාපාරය වැනි දැවැන්ත ව්‍යාපෘති මෙරට ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආර්ථිකය වෙනුවෙන් මෙරට ඉංජිනේරුවන් ලබාදුන් දායකත්වය තමා ඉතා අගය කරන බවද පැවසීය.
ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟීම අභියෝගයක් බවත් එහිදී නිපුණතා සහිත ඉංජිනේරුවරුන් බිහිකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම තාක්ෂණික ප්‍රගතිය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟයට පිළියම් යෙදීමේදී තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය ඉංජිනේරු කුසලතාවල වැදගත්කම ද පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අය වැයේ දී රජය මේ පිළිබඳ නව්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කරන බව කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී .එල්. පීරිස්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි, මහාචාර්ය මෛත්‍රී පනාගොඩ යන මහත්වරු සහ විද්වතුන්, ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ප්‍රභූන්ට ලෝක ලෙඩක් වැටෙයි! වෛද්‍යවරුන් දැඩි තීන්දුවක් ගනී! මීටපස්සෙ ප්‍රභූ ජංගම ගිලන් රථ සේවාවලට එන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම ණයහිමි පාර්ශ්වයන්ට එක විදිහට සලකන්න ඕනෑ! ඒ වගේම සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත්! අමෙරිකානු තානාපතිනිය මහබැංකුව ඇතුළටම ගිහින් නන්දලාල්ට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.