• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරත් දේශපාලනයට යට කරයි! කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 2කට බදවගන්න පත්තරවල දැන්වීම් දමයි! Sri Lanka Latest News

December 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරත් දේශපාලනයට යට කරයි! කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 2කට බදවගන්න පත්තරවල දැන්වීම් දමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර තිස් දහසකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන රටේ අති විශිෂ්ට උරුම සම්පත ශාස්ත්‍රීයව කළමනාකරණය කරනු ලැබූ, ජාතිය සතු අතිශයින්ම වැදගත් සංවේදී මෙන්ම ගෞරවනීය ශාස්ත්‍රීය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර අස්ථාවර කර එය දෙවසරකට වරක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන්නා පුද්ගලයෙක් වෙත පැවරීමට බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගේ මූලිකත්වයෙන් කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධව පුරවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ බරපතල විරෝධයක් මතු වී තිබේ.

ඒ අනුව මෙතෙක් රටට වගකියන අතිශය වගකීම් සහිත ගෞරවනීය තනතුර වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර තනතුරක් නොවී වසර දෙකෙන් දෙකට දේශපාලකයින්ගෙන්  සේවා දිගු ලබාගත යුතු කොන්ත්‍රාත් සේවයක් බවට පත්කිරීම බරපතල ජාතික අපරාධයක් බව පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ අවිචාරවත් හැසිරීම මත පදනම්ව කේලම් සහ ගතු මත යැපෙමින් තමන්ගේ පුද්ගලික කොන්තර පිරිමසා ගැනීමේ අභිලාෂය සහිතව ඔහු විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා ගවේෂණ, සංරක්ෂණ, සහ කළමනාකරණය සම්බන්ධව ශාස්ත්‍රීය දැනුම මතු නොව මෙම ආයතනය තුළ කටයුතුකර ලබන  ප්‍රායෝගික අත්දැකීම් සහ පලපුරුද්දත් අතිශය සංකීර්ණ නෛතික කාරණාමත පදනම්ව තීරණ ගැනීමේ පරිචයත් මෙම තනතුරට පත්වන විද්වතුන් සතුව තිබිය යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම වැනි විශේෂ ආයතනවලට පැරෂුට් කාරයින් බස්සවා රාජකාරි කළ නොහැක්කේ එම රාජකාරි ව්‍යුහය තුළම ඇති සුවිශේෂී විද්‍යාත්මක, ශාස්ත්‍රීය සහ නෛතික අත්දැකීම් නොමැතිව එම රාජකාරිය ආවරණය කිරීමට නොහැකි නිසා බවත් පුරාවිද්‍යා සේවයත් එවැනි සුවිශේෂී ශික්ෂණයක් සහිතව පරිපාලනය විය යුතු සේවයක් බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

මෙතෙක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශවල ඉහළම පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ විද්වතා වූ අතර එය රටේ සෑම ශාස්ත්‍රීය සහ තාක්ෂණික ආයතනයකම පැවති සම්ප්‍රදාය වූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනන්‍ය හැඩයක් සහිතව මෙතෙක් ස්වාධීනව කටයුතු කළේ එම පත්වීම් පදනම නිසා බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

මේ සම්ප්‍රදාය ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල්වරයා දක්වා ආරක්ෂා වූ අතර ගැටලු සහිතව වුවද දෙපාර්තමේන්තුව ගෞරවණීය සේවයක් සිදුකරනු ලැබුවේය.

මේ තරම් ඍජු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය කාර්යය ව්‍යසනයට ලක් කරමින් දේශපාලන මැදිහත්වීමට අවකාශ සැලසෙන්නේ හිටපු සංස්කෘතක ඇමති මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතෙක් වන  විශ්විද්‍යාල ආචාර්යවරයෙක්වූ අනුර මනතුංග සියලුම සම්ප්‍රදායන් බිඳදමා ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමත් සමගය.

දෙපාර්තමේන්තුව පරිපාලනය විය යුතු ආකාරය, ඒ පිළිබඳ නෛතික අවබෝධය සහ අත්දැකීම් නැති අනුර මනතුංග අවසානයේ දී සිය වගකීම් කරගැනීමට නොහැකිව රට හමුවේ විලිලජ්ජාවට පත්ව පසුගිය ජූනි 15 වැනිදා ධූරය හැර ගියේය.

එම හැර යෑමත් සමග ඇමතිවරයා ස්වකීය අභිමතය පරිදි විවිධ පුද්ගලයින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කරනු ලැබුවේ ස්ථිරව එම තනතුරට පත් කළ හැකි නිලධාරීන් දෙපාර්තමේන්තුවේ සිටිය දී බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

අනතුරුව ආචාර්ය ප්‍රදීපා සේරසිංහ රාජකාරි ඉටුකරන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරන ඇමතිවරයා  ඔක්තොම්බර් 16 වැනිදා ඇය විශ්‍රාම ගිය පසු දින කීපයක් මෙම තනතුරට පුද්ගලයෙක් නම් නොකර තබා දින තුනකට වැඩ ආවරණය කිරීමට මධ්‍යම සංස්සකෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ, පත් කරනු ලැබුවේය.

දැනට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ බලන්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධූරයට දෙපාර්තමේන්තුවේ සිටින සුදුසුකම් සහිත න නිලධාරීන්ගේ  පත්වීම ගැන ඇමතිවරයා විසින් සලකා නොබලන්නේ ඔවුන් සමග ඇති පුද්ගලික කෝන්තරමත පදනම්ව බව ද දෙපාර්තමේන්තු  ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පුද්ගලයෙක් පත්කිරීමට තමන්ට බලයක් නැති බවත්, එය කැබිනට් අනුමැතිය මත සිදුකරන පත්වීමක් බවත් පාර්ලිමේන්තුවට කියමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා සිය පුද්ගලික අභිමතය මත  කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දී ඇත

අවුරුදු 133ක් පැරණි ලංකාවේ ගෞවරණීයම ශාස්ත්‍රීය ආයතනය වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  කුහක මුග්ධ දේශපානඥයෙකුගේ පෞද්ගලික වෛරය සහිත අගතිගාමී හැසිරීම හේතුවෙන් ව්‍යසනයට පත් කිරීමේ අපරාධයෙහි කොටස්කරුවන් බවට සමස්ථ පාර්ලිමේන්තුවම පත් නොවනු ඇතැයි විශ්වාස කරන බව පුරාවිද්‍යාව පිළිබඳ රටේ ප්‍රමාණික විද්වත්හු පවසති.

එම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය විවාදයට ලක්වන අද දිනයේ දී මේ සම්බන්ධව දැඩි අවධානයට ලක්කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.

lankasara

SendShareShare
Previous Post

ශරීරයේ කොටස්වලටත් ඉස්සරහට වැට් බද්දක්? විපක්ෂනායක සජිත්ගෙන් අමුතු හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Next Post

ප්‍රමාණවත් සාක්ෂි නෑ! හිටපු ජනපති මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණ චෝදනා නඩුවෙන් හිටපු DIG නාලක සිල්වා නිදහස්! මෙන්න එදා ‘දෙරණ’ ඇතුළු මාධ්‍ය ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ සිදුවීම වාර්තා කළ අයුරු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.