• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විගණකාධිපති තනතුර අප්‍රේල් ඉඳන් පුරප්පාඩුයි! සියලු සුදුසුකම් ඇති නිලධාරියාට දෙන්නේ නෑ! අනුරගේ කැලණි හිතවතාට දෙන්න යනවා! ජනවාරි 3 වැනිදාට පස්සේ මොනවා වෙයිද? Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

විගණකාධිපති ධුරය වැනි රටේ භාරදූර තනතුරකට නුසුදුස්සකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

මේ රටේ විගණකාධිපති තනතුර අප්‍රේල් මාසේ ඉඳන්ම පුරප්පාඩුයි. ඒ තනතුරට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා තිබෙන, අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, පළපුරුද්ද සියල්ලම තියෙන ධර්මපාල ගම්මන්පිල මහතාට මේ තනතුර ලබාදෙන්නේ නැතුව ඔහුව වැඩබලන්න පත්කරලා තිබෙනවා. එතුමා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා තිබෙනවා විතරක් නෙවෙයි, තමන්ගේ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය සහ විශ්වාසය දිනාගෙන තිබෙනවා. විගණක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමාට ලිඛිතව ලිව්වා ‘සුදුස්සාට සුදුසු තැන දෙන්න නම්, ධර්මපාල ගම්මන්පිල මහත්තයාට මේ තනතුර ලබාදෙන්න’ කියලා. එතනින් නතර වෙන්නේ නැතුව ඒ සංගමය මාධ්‍ය හමුවක් තියලා රටටත් මේ පණිවුඩය ලබාදුන්නා.

ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැලණි සගයෙක් විගණකාධිපති තනතුරට පත්කරගන්න ඒ නම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා. ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තිකයන් තුන්දෙනා ඉතාම නිර්භීතව ජනාධිපතිතුමාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කරපු නිසා, ජීවිතයට විනෝදාංශයකටවත් විගණනයක් කරලා නැති, වැස්සකටවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොඩවෙලා නැති පුද්ගලයෙක්ව විගණකාධිපති කරලා මේ රටේ දූෂණය ඉහවහා යැවීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය අර කීර්තිමත් විද්වතුන් තුන්දෙනා විසින් පරාජය කරනු ලැබුවා. නමුත් මේ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් තුන්දෙනාගේ ධුර කාලය ජනවාරි මාසේ තුන්වැනිදායින් අවසන් වෙනවා. එතකොට ජනාධිපතිතුමාට අවශ්‍ය අය මෙතැන්ට පත්වුණොත්, අලුතෙන් පත්වෙන සිවිල් සමාජ නියෝජිතයන් තුන්දෙනාගෙන් එක් අයෙක් ජනාධිපතිතුමාගේ යෝජනාවට පක්ෂව ඡන්දේ දුන්නොත්, තමන්ගේ කැලණි මිත්‍රයා, කැලණි සගයා විගණකාධිපති තනතුරට පත්කරගන්න ජනාධිපතිතුමාට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමයි ජනවාරි තුන්වැනිදා වෙනකන් වැඩබැලීමේ පත්වීම් ලබාදෙමින් ජනාධිපතිවරයා කල්මරමින් ඉන්නේ.
මුලින්ම ධර්මපාල ගම්මන්පිල මහත්තයාට සති දෙකකට වැඩබැලීමේ පත්වීමක් දුන්නා, ඊට පස්සේ මාසෙකට දුන්නා, දැන් මාස හයකට දීලා තියෙනවා. මේ මාස හතහමාර ගතවෙනකොට ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන්ගේ ධුර කාලයත් අවසන් වෙනවා, අලුතෙන් අය පත්වෙනවා. එතකොට තමන්ගේ සගයා මේ තනතුරට පත්කරගන්න පුළුවන් වේවි කියලා සිතමින් තමයි ජනාධිපතිතුමා කල්මරමින් ඉන්නේ.

විගණකාධිපති තනතුර ස්වාධීන තනතුරක් වුණොත් විතරයි රටක දූෂණයට තිත තබන්න පුළුවන් වෙන්නේ. දූෂණ විරෝධී තේමාව යටතේ බලයට පත්වුණු ආණ්ඩුවක් විදිහට, වෙන කිසිම ආණ්ඩුවකට නැති වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබෙනවා විගණකාධිපති තනතුර නිර්දේශපාලනීකරණය කරන්න, ස්වාධීනව තියාගන්න.

හැබැයි, ලංකා ඉතිහාසයේ අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු කිසිම ජනාධිපතිවරයෙක්, කිසිම අගමැතිවරයෙක්, තමන්ගේ මිත්‍රයෙක්, තමන්ගේ සගයෙක්, තමන්ගේ හෙංචයියෙක් විගණකාධිපති පුටුවේ වාඩිකරලා ඒ තනතුර කිළිටි කරන්න මේ වගේ නින්දිත උත්සාහයක් දරලා නෑ. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙක් තමන්ගේ මිත්‍රයෙක්ව රටේ විගණකාධිපති කරන්න උත්සාහ කරන්නේ. තමන්ගේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම්, තමන්ගේ ආණ්ඩුවේ හොරකම් වෙන්නේ නෑ කියලා විශ්වාස නම් විගණකාධිපති කවුරු වුණාම මොකද?

රටේ ඉන්න ඉහළම සුදුස්සා ඒ තනතුරට පත්වීම තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? තමන්ගේ මිත්‍රයෙකුට වරප්‍රසාදයක්, මිත්‍ර සංග්‍රහයක් විදිහට මේ තනතුරු දුන්නොත් තමයි එයා කළගුණ සලකන්න, ආණ්ඩුවේ වංචා දූෂණවලට අහක බලාගෙන ඉන්න තත්ත්වයක් ඇතිවෙන්නේ.

ඇත්තටම මේ වනවිට ආණ්ඩුවේ අය දන්නවා, ජනතාවට වැරදිලා තමයි ඒ අයට බලය දුන්නේ, ජනතාවට මේ වැරැද්ද මතක තිබෙන තාක් ඒ වැරැද්ද යළි සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ ලැබුණු බලය මෑත ඉතිහාසයේ නම් ආයේ ලැබෙන්නේ නෑ, ‘අදින් පස්සේ තැබෑරුම් වහනවා’ කිව්වම බේබද්දෝ ඉවක් බවක් නැතුව අරක්කු බොන්නා වගේ, මේ අය ඉදිරි වසර හතර තුළ හැකි පමණ උපරිමයට සොරකම් කරලා මේ රටේ සාරය උරා බොන්නයි කල්පනාව. එහෙම නැත්නම් විගණකාධිපති තනතුරේ ස්වාධීනත්වය කිළිටි කරන්න ආණ්ඩුව මෙතරම් වලි කන්නේ ඇයි කියන එක ආණ්ඩුවට රටට පැහැදිලි කරන්න වෙනවා.

ඇත්තෙන්ම ව්‍යවස්ථාදායක සභාව තමයි මේ පත්වීම අනුමත කරන්න ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුවට කතානායකතුමාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව කුමන්ත්‍රණකාරී අයුරින් තමන්ගේ සගයෙක් විගණකාධිපති තනතුරට පත්කරගන්න, ජනවාරි තුන වෙනකන් කල් මර මරා සිටියදී, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිවෙකු කතානායකතුමාගෙන් ප්‍රශ්න නොකිරීම පිළිබඳ අපේ කනස්සල්ල අපි පළකරනවා.

උදය ගම්මන්පිල

SendShareShare
Previous Post

කප්පම ලක්ෂ 10යිලු! පස් මුදලාලිට ඕනේ විදිහට මිනිස්සුන්ගේ පාර කඩලා හදන්න දීලාලු! මාර ඒවානේ දැන් ඇහෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මංගලට 69යි! පොත් ගබඩාව රට වටේටම දන්දෙයි! චන්ද්‍රිකාටත් වාසියක්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.