2023 වසරේදී මෙරට ජනගහනය සෑහෙන ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
ජනගහනය අඩු වීම කෙරෙහි, විශාල පිරිසක් රට අතහැර යෑම මෙන්ම, නව උපත් ප්‍රමාණය පහත වැටී තිබීම සහ මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම හේතු වී තිබේ.
2022 වසරේ මෙරට ජනගහනය දෙකෝටි විසි එක් ලක්ෂ අසූ එක් දහසකි.
2023 වසරේ දී එය දෙකෝටි විසි ලක්ෂණ තිස් හත් දහස දක්වා අඩු වී තිබේ.
වාර්ෂිකව අළුතින් ලියාපදිංචිවන දරු උපත් සංඛ්‍යාවද 2023 වසරේ දී පහත වැටී තිබේ.
2022 වසරේ දී ලියාපදිංචි වී ඇති නව උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට එක්දහස් අටසියයකි.
එම ප්‍රමාණය 2023 වනසරේ දී දෙලක්ෂ හැට අට දාස් නවසිය විස්ස දක්වා පහත වැටී තිබේ.
වාර්ෂික මරණ ප්‍රමාණයද 2023 වසරේදී ඉහළ ගොස් තිබේ.
2014 වසරේ දී එක්ලක්ෂ විසි පන් දහස් තුන්සිය තිස් හතරක් වූ වාර්ෂික මරණ ලියාපදිංචිය, 2023 වසර වන විට, එක්ලක්ෂ අනූ දහස් හයසියය දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලගයන් විදෙස්ගත වීමට මෙරට ජනගහනය පහත වැටීමට හේතුවක් වී තිබේ.
2022 වසරේදි විදෙස්ගතව සිටි පුද්ගලයන් සංඛ්‍යාව අසූපන්දහස් පන්සිය හැත්තෑ දෙකකි. එය 2023 වසරේ දී දෙලක්ෂ විසි දෙදහස් හත්සිය පහළොව දක්වා වැඩි වී තිබේ.