ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කැදවන රැස්වීම්වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වීමේ අඩුවක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.Sri Lanka Latest News
මීට පෙරත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කිහිප වතාවක්ම රැස්වීම් සදහා ආරාධනා කළද ඔවුන් සහභාගී වී නැත.
විශේෂයෙන්ම මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් රැසීම් සදහා සහභාගී නොවීම දැඩි ගැටළුවක් බවට පත්ව ඇත.
මේ අතර පසුගිය සතියේදී දඹුල්ලේ සිදු කළ සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රසන්න රණතුංග දරන ස්ථාවරය පිළිබදව පළාත් පාලන නියෝජිතයින්ද සිය විරෝධය මුහුණටම පළකොට ඇත.
මෙම සිදුවීමත් සමග ප්‍රසන්න රණතුංග වෙනත් රැස්වීමක් සදහා යන බව පවසා එතැනින් පිටව ගොස් ඇත.