මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමුවීමට පටන් ගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානයේ ඉන්ධන ගබඩාවක ටැංකියක් සිදුරු වීමෙන් ගලා ආ භූමිතෙල් නිසා බව පුදුකුඩීඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් ඊයේ (8 ) සනාථ කරගෙන තිබේ. (Sri Lanka Latest News)
ඉඩම් හිමියා යුද සමයේදී සිය ඉඩම් අතහැර ආකර්ෂිත ස්ථානයකට පලාගිය අවස්ථාවේ කොටි සාමාජිකයන් ඔහුගේ ඉඩමේ ඉන්ධන ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇත.
යුද්ධය දරුණු වන විට කොටි සාමාජිකයන් ඉන්ධන පුරවුම්හලේ වළදමා තිබූ ඉන්ධන ටැංකි අතහැර පලාගොස් ඇති අතර, සාමය එළඹීමෙන් පසුව ඉඩමේ අයිතිකරු සිය ඉඩමට පැමිණ ඇත.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවට පසුව ඉඩම් හිමිවා සිය ගෙවත්තේ පිහිටි ළඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිඳට අලුතින් ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන්නට පටන්ගෙන තිබිබේ.
ඒ අනුව පොලිසිය එහි ගොස් පරීක්ෂණ කර අනාවරණ කරගෙන ඇත්තේ භූමිතෙල් ළිඳට උනනු ලබන්නේ කොටි සාමිජිකයන්ගේ භූමිතෙල් ගබඩාවේ ටැංකියක් සිදුරු වීමෙන් බවයි.
lankasara










