• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ! දරුවන්ට පහර දුන්න පොලිසියක් දැක්කේ නෑ! දරුවන්ට ගහපු ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ! ඒත් අපි එපා කියද්දි එදා මහජන පුස්තකාලයේ චෙස් තරඟවලට ආපු ළමයින්ටත් පොලිසිය කඳුලු ගෑස් ගැහුවා! ඇයි ජවිපෙට ගහන්නේ නැත්තේ? මොකද්ද ඩීල් එක? VIDEO I Sri Lanka Latest News

February 2, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
නියෝජ්‍ය කතානායක සටනට විපක්ෂයෙන් රෝහිණී කවිරත්න!
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් , ජනාධිපතිවරයෙක් , පොලිස් ඇමැතිවරයෙක් , නොදැක්ක බවත් එම නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය දැඩිලෙස හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News

සාමකාමී උද්ඝෝෂණ සිදුකිරිමට , අදහස් ප්‍රකාශ කිරිමට ව්‍යවස්ථාවෙන් ජනතාවට අයිතියක් තිබෙන බවත් නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණක් බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ආණ්ඩුවට විරුද්ධ විරෝධතා ව්‍යාපාර රට පුරා පවත්වන බවත් ආණ්ඩුව පලන්නා දමනකන් ජනතාව සමඟ එකතුවී ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය දිගින් දිගටම සිදුකරගෙන යන බවත් රෝහිණි කවිරත්න මහත්මිය හෙතෙම කීය.

අද (01) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් රෝහිණි කවිරත්න මහත්මිය මේ බව පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට එස් එම් මරික්කාර් මහතා සහ සුජීව සේනසිංහ මහතා ද එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘අවුරුදු 26 ක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටිකාපු මිනිස්සු තමයි ජනවාරි 30 කොළඹට ආවේ. ඒ ආපු ජනතාවට රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිස් හමුදාව යොදවලා ප්‍රහාරයක් එල්ල කළ. එය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඓතිහාසික දිනයක්.

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ. දරුවන්ට පහර දුන්න පොලිස් ඇමැතිකෙනෙක් දැක්කේ නෑ. . ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ. මහජන පුස්තකාලයට චෙස් තරඟ සඳහා ලමුන් විශාල ප්‍රමානයක් ඇවිත් සිටියා. ඒ දරුවන්ටත් පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

රටේ දරුවන්ගේ අධ්‍යාපනයට මේ ආණ්ඩුව පහර දිලා ඉවරයි. දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. රටේ දරුවන්ට කදුළු ගෑස් විතරයි ගහන් බැරි වුණේ. ඒකත් වර්තමාන ආණ්ඩුව සිදුකළා. මේ නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය හෙළා දකිනවා.

උද්ඝෝෂණය කරන්න , අදහස් ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන්ම ජනතාවට අයිතියක් තිබෙනවා. නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණයි.

ආණ්ඩුවේ තිබෙන වැරදිවලට එරෙහිව පාර බහින්නේ සමගි ජන බලවේගය විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඇයි පාරට බහින්නේ නැත්තේ. ඔවුන් ආණ්ඩුව සමඟ ඩීල් දේශපාලනයක නිරත වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කඳුලු ගැස් , ජල ප්‍රහාර එල්ල කරන්නේ සමගි ජනබලවේගයට විතරයි. රතු අලි පැටවුන්ට ගහන්නේ නෑ. ඒ නිසා සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන සිදුකරන මර්දනය හෙළා දකිනවා.

රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න , කාන්තාවන්ගේ ප්‍රශ්න , සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න තිබෙනවා ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදීත් කතා කරන්නේ නෑ. ජනතාව දන්නවා ඩිල් දේශපාලනයේ නිරත වෙන්නේ කවුද කියලා. ඔවුන්ට ජනතාව නිසි පිළිතුර මැතිවරණයේදී ලබාදෙයි.

ඖෂධ වංචාව සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරින් අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවය පළ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජය කරන්නේ හොරු රකින එක. හොරු රැකිම තුළ තමයි ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ. හොරුන්ගේ අත්තිවාරමක් තුළ ගොඩනැගුණ ආණ්ඩුවක් තමයි තිබෙන්නේ.

ආණ්ඩුවේ මර්දනය සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. පරිපාලන සේවයටත් ආණ්ඩුව අත තියලා ඉවරයි. උඩපළාතේ අම්බුලුවාව ආශ්‍රිතව රාජ්‍ය ඇමැතිවරයෙකු විසින් අවුරුදු 10 ක් තුළ සිදුකළ කෝටි 20 ක වංචාවක් සම්බන්ධයෙන් කතා කළ ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කරලා තිබෙනවා. මහ ජනතාවට කඳුලු ගෑස් ගහලා මර්දනය කරනවා. පරිපාලන සේවයට බය කරලා මර්දනය කරනවා. සභ්‍යත්වයක් තිබෙන ඇමැතිවරයෙක් නම් තමන්ගේ වරදක් වුණානම් පරික්ෂණ අවසන් වනතුරු අනුරාධ ඇමැතිවරයා ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙන්න. ප්‍රාදේශීය ලේකම්වරිය නිවැරදියි. ඇය විගණකාධිපතිගේ වාර්තා අනුව කටයුතු කරලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් විගණන වාර්තාව පැත්තකට දාලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණ ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරිවලින් ඉවත් කරලා තිබෙනවා. මෙවැනි රටක් නම් ඉදිරියට යන්නේ ජනතාවට සිදුවෙනවා මේ අසාධාරණකම්වලට විරුද්ධව පාරට බහින්න.

ආණ්ඩුවට විරුද්ධ විරෝධතා ව්‍යාපාර ලංකාව පුරාම පවත්වනවා. ආණ්ඩුව ගෙදර යවනකන් ජනතාව සමඟ එකතුවෙලා විරෝධතා ව්‍යාපාරය දිගටම කරගෙන යනවා.‘‘

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාව කියන්නේ පඹයෙක් නෙමෙයි! කාගේවත් රූකඩයකුත් නෙමෙයි! විධායකයට බෑ එක එක ප්‍රකාශ-නිවේදන නිකුත් කරලා අධිකරණයට බලපෑම් කරන්න! ඒක වැරදියි! අධිකරණයට අයිතියක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්න! අධිකරණයට එල්ල වන බලපෑම් අපි පරද්දනවා! විපක්ෂනායක සජිත්‌ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සෝෂල් මීඩියාවලින් ළමයින්ට වන හානිය වෙනුවෙන් ‌ෆේස්බුක් (මෙටා) හිමිකරු සකර්බර්ග් අමෙරිකානු සෙනෙට් සභාවේදී මව්වරුන්ගෙන් සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයේදී ජාතිකාභිමානී ගීත වාදනය කරමින් රැස්ව සිටි...

Read more
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.