• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන බැංකුව දළදා මාලිගාවත් එක්ක ලොකු සමාජ සුබසාධන වැඩකට අතගහයි! බෞද්ධ සුබසාධන අරමුදලක් අරඹයි! දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමයි! I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි. මෙහි සමාරම්භය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා සිදුකෙරිණි.Sri Lanka Latest News

මෙහිදි මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් මහජන බැංකුව විසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ වෙත පරිත්‍යාගයක් සිදුකළ අතර, සිසු දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමිමද සිදුකෙරිණි.

මෙම බෞද්ධ සුබසාධන අරමුදල මහජන බැංකුව හා ශ්‍රී දළදා මාලිගාව එක්ව මුල්වරට 1995 වසරේදි පිහිටවූ අතර, ජාති ආගම් භේදයකින් තොරව, එය හෙට දින ලොව දිනන දරු පරපුරේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ඉමහත් ශක්තියක් විය. මේ තුළින් සිය අධ්‍යාපන දිවිය අලෝකමත් කරගත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ පාසල් දූ දරුවන් දහස් ගණනකි.

මෙහි නව වැඩපිළිවෙල 2024 මැයි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එමඟින් දැනට ලැබෙන ප්‍රතිලාභ වැඩි කර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බොහෝමයක් අතරින්, එක් කොට්ඨාශයකින් සිසු සිසුවියන් 10 බැගින් තෝරාගනිමින් දියත් කරන මෙම වැඩසටහන තුළින් 6-11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2000කට මාසිකව ශිෂ්‍යත්ව පිරිනැමෙයි. එසේ වසර පහක් තුළ සිසු සිසුවියන් 10000කට පමණ ශිෂ්‍යත්ව පිරිනැමිම මෙහි අරමුණයි. මෙම වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස මහජන බැංකුව සහ එහි කාර්ය මණ්ඩලය මේ අරමුදල සඳහා දායකත්වය පිරිනමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා – ‘ලොව පුරා බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාවෙන් සිදුකරන ආගමික කටයුතු වලට අමතරව ජාතික ආගම් භේදයකින් තොරව මෙරට සෑම ජාතියකම, ආගමකම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ‘අපේ සත්කාරය’ යන තේමාව යටතේ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනවා. මේ වෙනුවෙන් මහජන බැංකුව, ශ්‍රී දළදා මාලිගාව සමඟ නිරන්තරයෙන්ම අත්වැල් බැඳගත්තා. එසේ 1995 වසරේදි බෞද්ධ සුබසාධන අරමුදල පිහිටුවන ලද්දේද මෙරට දූ පුතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්.

ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් පමණක් මේ වන විට රුපියල් මිලියන 500ක මුදලක් මේ ශිෂ්‍යත්ව අරමුදල සඳහා ප්‍රදානය කර තිබෙනවා. අදින් ඇරඹෙන මේ නව වැඩපිළිවෙලත් සමඟ ‘බෞද්ධ සුබසාධන අරමුදල’ තවත් ශක්තිමත් වනු ඇති. හෙට දින දේශයේ ශක්තිය වන්නේ නැණ නුවනින් මෙන්ම ගුණ දහමින්ද පිරිපුන් දරු පරපුරයි. ඔවුන්ට ලෝකය දිනනු පිණිස මේ උත්තම සත්කාරය හේතුවනු ඇති බව අපගේ විශ්වාසයයි.’

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘රටේ ජීවනාලිය වන් දරු පරපුර වෙනුවෙන් මහජන බැංකුව හා ශ්‍රී දළදා මාලිගාව එක්ව ක්‍රියාවට නංවන මෙම ‘බෞද්ධ සුබසාධන අරමුදල’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා.

ශ්‍රී දළදා මාලිගාවේ නිල බැංකුකරු ලෙසද මහජන බැංකුව කටයුතු කරන අතර, ජාතියේ මුදුන්මල්කඩ බඳූවූ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව හා අප බැංකුව අතර ඇත්තේ දශක ගණනාවක් මුඵල්ලේ පැවත එන ගෞරවනීය බැඳීමක්. ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයටද දශක ගණනාවක් මුඵල්ලේ මහජන බැංකුව අඛණ්ඩව අනුග්‍රාහකත්වය දක්වනවා. මේ නව වැඩසටහන තුළින් අප අතර ඇති එම බැඳීම තවදුරටත් තහවුරු වනු ඇති.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘පුරා හැට තෙවසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව පියවර ගත්තා. ඒ ලාභයම මූලික අරමුණ කර නොගත් මෙරට පොදු ජනතාව හා බැඳුනු බැංකුවක් වශයෙන්.

මේ වන විට මහජන බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව ‘මහජන මෙහෙවර’ යන නමින් ක්‍රියාත්මක වන අතර, එහි තවත් එක් පියවරක් ලෙස මෙසේ දිවයිනේ අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව සමඟ එක්ව මෙලෙස ‘බෞද්ධ සුබසාධන අරමුදල’ දියත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඉදිරියේදීද මෙවන් උතුම් සමාජ සත්කාරක වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම අපගේ අරමුණයි.’

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තවෙල, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ඇතු`ඵ මහජන බැංකුවේ සහ ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරින් සහභාගි වූහ.

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යවල බොරුවට කෑගහන්න එපා! මැයි මාසෙ විවාද දෙකටම අපි සූදානම්! දින දාගන්න නලින්ද එන්නෙ නැති නිසා මම සූදානම් ජවිපෙ කාර්යාලයට ඇවිත් දින දාගන්න! එතකොට රටටම බලාගන්න පුලුවන් කයියනායකලාගේ වැඩ ගැන! නලින් ජවිපෙ මූලස්ථානයට යන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න රට දියුණු කළා කියලා කරලා තියෙන හැටි! ලක්ෂ 10ක් මිනිස්සුන්ගේ ලයිට් කපලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.