මෙරටට ගෙන්වූ ගල්අඟුරු තොග සාම්පල පරීක්ෂාවේ දී අවශ්‍ය කරන කිලෝ කැරලි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගැනීමට හැකිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
කෙසේ නමුත් ප්‍රසම්පාදනය ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නැති බවත්, ඒ හේතුවෙන් අදාළ ගල්අඟුරු තොගය ගෙන්වූ සමාගමට එරෙහිව දෙගුණයක දඩයක් නියම කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස,
“ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් වෙලා නෑ. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා” යැයි පැවසීය.










