මැතිවරණ ඉලක්ක කර ගෙන මත්පැන් බලපත්‍ර ලබා දීම නතර කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ බලපත්‍ර සියල්ල අහෝසි වන බවත් ඒ සම්බන්ධයෙන් උසාවි ගියහොත් පාර්ලිමේන්තුවේ පනතක් හරහා හෝ ඒවා තහනම් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංගහවල මංසන්ධියේ මත්පැන් බලපත්‍ර සහිත අවන්හලක් ගැන මීට පෙර තමා පාර්ලිමේන්තවේ අවධානයට යොමු කළ බවත් මහා සංඝරත්නයේ විරුද්ධතාව මැද එය නැවත වරක් විවෘත කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.