• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලෙකට පස්සේ ජනාධිපති සිංහල සිනමාවේ කලාකරුවෝ නළුනිළියෝ එක්ක ගත කරපු රාත්‍රිය! PHOTOS I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
කාලෙකට පස්සේ ජනාධිපති සිංහල සිනමාවේ කලාකරුවෝ නළුනිළියෝ එක්ක ගත කරපු රාත්‍රිය! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවද අවධාරණය කළේය.

වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙන අතර එමගින් කලාකරුවන් මහත් අපහසුතාවකට පත් වන බවත්, එය වළක්වා ගැනීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම සියලු නීති ලබන වසරේ සිට බලාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.
2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරිණි.
මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවත්ය.
ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර මහතා ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි මහත්මිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු මහත්මිය ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්තාය.
2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.
2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “The newspaper” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය
වයස අවුරුදු 12 ක 13ක සිසුවෙකු ලෙස පළමු සරසවි සම්මාන උළෙලට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම පළමු ජනාධිපති සිනමා සම්මාන උළෙලට ද සහභාගිවීමට මට අවස්ථාව හිමි වුණා. එම කාලය සහ අද අතර විශාල වෙනසක් තිබෙනවා. විශාල තාක්ෂණික විප්ලවයක් සිදුවී තිබෙනවා.
අද අපට සිනමාව වගේම රූපවහිනියද තිබෙනවා. වෙන් වශයෙන් තිබු මෙම ක්ෂේත්‍ර දෙක අද එකට මුසු වෙලා. ඒ වගේම අපට ජංගම දුරකථනයෙන් මෙම සියලු චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ හරහා අද සියලු රටවල් ජාත්‍යන්තර සිනමාව සමග එක්වී සිටිනවා. මේ අයුරින් සිනමාව විශාල කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. අපත් එම කර්මාන්තය සමඟ ඉදිරියට යා යුතුයි. එම තරගාකාරිත්වට මුහුණදීමේ හැකියාව අපේ නිර්මාණකරුවන් සතුව තිබෙන බව මම දැඩිව විශ්වාස කරනවා. එසේනම් අප අලුතින් සිතා මෙරට සිනමාව නව ගමනට සූදානම් කළයුතුයි.

එහිදී ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එසේම චිත්‍රපට කර්මාන්තය සහ රූපවාහිනි මාධ්‍ය එක් කර්මාන්තයක් ලෙස සැලකිය යුතුයි. මීට අමතරව සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාදන පසුබිම් ස්ථාන සියල්ල සංවර්ධනය කිරිමට කටයුතු කළයුතුයි.
එම කටයුතු එක් මණ්ඩලයක් යටතට පවරා ඊට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කිවයුතුයි. එහිදී මූල්‍ය ආධාර ලබා දීම වගේම ජාත්‍යන්තරව විශිෂ්ටතා දක්වන පිරිස් මෙරටට ගෙන්වා මෙරට කලාශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම කාර්මික ශිල්පීන්ට එම දැනුම ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි.
එසේම රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා.
එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා. සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් දේශපාලනයෙන් තොරව සියලුදෙනා මෙම වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක ආශූ මාරසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ද, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීන චිත්‍රපට නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-15

SendShareShare
Previous Post

ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News

Next Post

ගියපාරත් අයවැයෙන් යෝජනා 120ක් දැම්මා! බාගෙට හරි ක්‍රියාත්මක කළේ 30යි! මේ පාරත් යෝජනා 120ක් දාලා! පල් බොරුනේ! මරික්කාර් එකින් එක පාර්ලිමේන්තුවේදී දිගහරියි! නාමල් කියලා තිබුණු කතාවලටත් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.