• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ රැල්ල ළඟ ළඟ එනවා! මේ ටික නොකළොත් රටම ඉවරයි! වෛද්‍ය සංගමය ආපහු ජනපතිට ලියයි!

October 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!!
Share on WhatsAppShare on Facebook

සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එම අවදානම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

තවත්‌ කෝවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළැක්වීම සඳහා සීමා කිරීම්‌ සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින්‌ පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේ දී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත්‌ වන බව ඔවුහු අවධාරණය කරයි.

නැවත කොවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කරනු ලැබූ පියවරයන් පහත දැක්වේ.

*ඉතා හොද අධීක්ෂණයක්‌ යටතේ වත්මන්‌ නීති හා සීමා කිරීම්‌ දැඩි ලෙස බලාත්මක කිරිම.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්‌ කොවිඩ්‌ පැතිරිම වැළැක්වීමේ අරමුණින්‌ පිළිගත හැකි හා සාධාරණ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිකුත්‌ කර ඇතත්‌, මෙම ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමේ දී අතිශයින්‌ ලිහිල්‌ බවත්‌, මහජනතාව විසින්‌ ඒවාට අවනත නොවන බවත්‌ පෙනී ගොස්‌ තිබේ. බොහෝ දෙනෙක්‌ මුඛ ආවරණ පැළඳීම නිසි පරිදි සිදු නොකරන බව පෙනී ගොස්‌ ඇනි අතර කඩ සාප්පු, මහජන පොළ, පූජනීය ස්ථාන සහ අවමංගල්‍ය උත්සව වැනි පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්‌ පියවර ගන්නා ලෙස අපි රජයෙන්‌ ඉල්ලා සිටිමු. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ චිසින්‌ නිකුත්‌ කරන ලද සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.

*ප්‍රමුඛතා කණ්ඩායම්‌ සඳහා ෆයිසර් එන්නතෙ හි තූන්වන මාත්‍රා බූස්ටරය.

ශ්‍රී ලංකාවේ සයිනොෆාම්‌ එන්නත ලබා ගත්‌ වැඩිහිටියන්ගෙන්‌ 7%ක්‌ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රමාණවත්‌ ප්‍රතිශක්තියක්‌ වර්ධනය කර ගෙන නොමැති බව තහවුරු වී ඇත. පාසල්‌ නැවත විවෘත කිරීම සහ සංචරණ සීමාවන්‌ ඉවත්‌ කිරීම නිසා සිය මුණුපුරු මිණිපිරියන්‌ වෙත වැළඳී ඒ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි කරුණු නිසා මෙම වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය චීමේ අවදානම වත්මන්‌ තත්ත්වය තූළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇත. මෙම වැඩිහිටි පිරිස අනෙකුත්‌ වයස්‌ කාණ්ඩවලට වඩා කොව්ඩ්‌ වෛරසය නිසා දරුණු ලෙසින්‌ රෝගී තත්ත්වයට හා මරණයට ගොදුරු වේ.

තවද, කොච්ෂීල්ඩ්‌ එන්නන ලබා ගත්‌ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දෙවන එන්නත ලබා දී මාස හයක්‌ ගත වෙමින්‌ ඇති බැවින්‌ මාස 6 ඉක්මවීමෙන්‌ පසු ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ක්‍රමයෙන්‌ අඬු වීමට පටන්‌ ගනී. මේ නිසා ඔවුන්‌ පහසුවෙන්‌ ම කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම බෙහෙවින් ඉහළ යනු ඇත. එබැවින්‌, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්‌, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60 ට අඩු රෝගීන්‌ සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්‌ හට ෆයිසර්‌ එන්නතෙහි තූන්වන මාත්‍රාව / බූස්ටර්‌ මාත්‍රාව ප්‍රමාදයකින්‌ තොරව ලබා දිය යුතුය. නුදුරු අනාගතයේදී තවත්‌ ආසාදන රැල්ලක්‌ ඇතිවීම වැලැක්වීම සඳහා මෙය ඉහළම ප්‍රමුඛතා කාර්යයක්‌ ලෙස සැලකිය යුතුය.

*අධි ව්‍යාප්ත වීම්‌ තත්වයන්‌ සහ සිදුවීම්‌ සීමා කරමින්‌ කටයුතු කිරිම.

පුද්ගලයන්‌ වැඩි වශයෙන්‌ ගැවසෙන සංවෘත පරිසරයන්‌ කොවිඩ්-19 ආසාදනය සඳහා අධි ව්‍යාප්ත වීමේ තත්වයන්‌ නිර්මාණය කරයි. එබැවින්‌ සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම්‌ ආදියේ සංඛ්‍යාව සීමා කරමින්‌ පොදු උත්සවවලට අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන්ම ලිහිල්‌ කිරීම තවත්‌ කාලයක්‌ ප්‍රමාද කරන ලෙස අපි රජයෙන්‌ ඉතා ඕනෑකමින්‌ ඉල්ලා සිටින්නෙමු.

*පරීක්ෂණ සිදු කරමින්‌ කොවිඩ්‌ වැළඳී ඇති පුද්ගලයන්‌ සම්බන්ධයෙන්‌ නිරන්තර අවධානයක්‌ පවත්වා ගැනීම.

මීළඟ ආසාදන රැල්ල වැලැක්වීමට නම්‌, ආසාදනවල වැඩිවීමක්‌ කලින්‌ හඳුනා ගැනීම අතිශයින්‌ වැදගත්‌ වනු ඇත. සුපරීක්ෂාකාරිව කොව්ඩ්‌ ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන්‌ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ඇත. එබැවින්‌ කොවිඩ්-19 සම්බන්ධ නිරන්තරයෙන්‌ සිදු කරනු ලබන පරීක්ෂා කිරීම්‌ ක්‍රියාවලිය ශක්තිමත්‌ කිරීම ඉතා වැදගත්‌ වේ. එබැවින්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රජාව තූළ කොවිඩ්-19 සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යෑම ශක්තිමත්‌ ආකාරයෙන්‌ සිදු කරනු ඇතැයි අප විශ්වාස කරන අතර සියලුම ප්‍රධාන රෝහල්වල බාහිර රොගී අංශයන්හි ‘උග්‍ර ශ්වසන කලාප ආසාදන’ (SARI) නිරීක්ෂණ පද්ධති ශක්තිමත්‌ කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

SendShareShare
Previous Post

එළවා දමන්නට නියමිතයි! නිකම් නෙමෙයි ගල් ගහලා! (VIDEO)

Next Post

අල්ලෙ ලෙවකාලා කන්නවත් සීනි ටිකක් ගෙවල්වල නෑ!

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

Load More
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News දුම්රිය බලධාරීන් සඳහන්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.