• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු වනසන රටම එකට ජාතික මෙහෙයුම් සභාව තුන්වන පාරට රැස්වෙයි! අනුර වගකීම පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News

January 6, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශ මගින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම ඉලක්ක කර ගනිමින් “විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” තේමාව යටතේ “ඉවත් වෙනු – රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ට එරෙහිව දැවැන්ත සමාජ බලපෑමක් සහ පීඩනයක් ගොඩනැගීමටත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය සඳහාත් රජය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ සියලු පුරවැසියන් ඒකාබද්ධ වූ ජාතික පෙරමුණක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළව මේ වන විට සිදු කෙරෙන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට කැප වී කටයුතු කරන සියලු ආයතන, නිලධාරින් සහ ජනතාවට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

2025.01.01 සිට 2026.01.05 දක්වා කාලය තුළ, හෙරොයින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.

පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය. එමෙන්ම, දැනට අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මෙම ජාතික වැඩසටහන පුළුල්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ කලා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ගම සහ ආගමික සිද්ධස්ථාන අතර ඇති සබැඳියාව භාවිතයට ගනිමින් ආගමික නායකයන්ගේ දායකත්වය ඇතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්ක්‍රම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-01-06

SendShareShare
Previous Post

සිරසට බෝම්බ ගහලා අවුරුදු 17යි! ගහපු එවුන් අල්ලනවා කියලා බලයට ආපු හැම ජනාධිපති කෙනෙක්ම කිව්වා! මෛත්‍රී ආවා! ගෝඨා ආවා! රනිල් ආවා! අනුර ආවා! තාමත් අපරාධකරුවන් අල්ලලා නෑ! අල්ලන පාටකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇඹිලිපිටියේ පොලිස් නිලධාරියාත් එක්ක පැටලිලා රටම දැනගත්ත මාලිමා මන්ත්‍රී අපරාධ වරදකට වසර 5කට අත්හිටවූ සිර දඬුවම් ලැබූ අයෙක්! ලොකු හෙළිදරව්වක් එළියට එයි! පොලිස් නිලධාරියාගේ නම් වැඩ තහනම් වුණා! ඒත් මාලිමා මන්ත්‍රීට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.