• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දෙ කේස් එකට අල්ලන් ගිය මෙහෙකාරියගේ නම වැලිකඩ පොලිසිය රඳවා තබාගැනීමේ නාම ලේඛනයේ සටහන් කොට නෑ! නුගේගොඩ ASPට නොතීසි! I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදරින් නැතිවූ මුද්ද මහා අවුලක් වෙයි! අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට ‌පොලිසිය ඇතුළෙදි හොඳටම ගහලා! අල්ලන් ගිහින් තියෙන්නෙත් නීති විරෝධීව! පොලිස් ලොක්කෙක් වැලිකඩ පොලිසියට දීපු ඕඩර් එකක් ගැනත් තොරතුරු එළියට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය වැලිකඩ පොලිස් ස්ථානයේ රඳවා තබාගැනීමේ නාම ලේඛනයේ මෙහෙකාරියගේ නම ඇතුළත් කර නැති බවට වැලිකඩ පොලිසිය ඊයේ (19) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත දැනුම් දුන්නේය.

සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ රන් මුදුවක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ඇයගේ නිවෙසේ මෙහෙකාරිය රෝගි වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය යෑමේ සිද්ධිය ඊයේ (19) කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය විය. මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් මෝසමක් ගොනු කරමින් තමාගේ බිරියගේ මරණය සැක සහිත බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසටත් අධිකරණයට දැක්වූ කරුණු අනුව මේ සිද්ධිය අධිකරණය හමුවේ කැඳවිණි.

මෙහිදී මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සේනක පෙරේරා, මංජුල පතිරාජ ඇතුළු නීතිඥවරුන් පවසා සිටියේ මේ සිද්ධියේ විමර්ශන වෙනත් උසස් පොලිස් නිලධාරියකු යටතට පත් කරමින් භාර දෙන ලෙසටය. තවද සැකකරුවන් අත්අඩංවගුවට ගෙන රඳවා තබන්නේ නම් පොලිසිය විසින් ඒ සම්බන්ධිතව නාම ලේඛනයක් පවත්වාගෙන යන බවත් පොලිස් උප සේවා අංශය මඟින් පවත්වාගෙන යනු ලබන මේ රැඳවූවන් රඳවා තබා ගැනීමේ නාමලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ පොලිසියෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වැලිකඩ පොලිසිය පවසා සිටියේ එකී නාම ලේඛනයේ මේ මරණකාරියගේ නම සඳහන් නොවන බවයි.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපාරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්ති ප්‍රකාරව විමර්ශන කටයුතු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කළේය. රාජගිරිය රෝයල් ගාර්ඩ්න්හි පදිංචි සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකම සම්බන්ධයෙන් ඉකුත් 11 දින ලද පැමිණිල්ල අනුව බොරැල්ල ප්‍රදේශයේදී සැකකාර මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ස්ථානයට රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබිණි.

SendShareShare
Previous Post

ගිය සැරේ අබේගෙ මළගෙදරට ගියා! රනිල් ආයෙමත් ජපානයට යන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

ජනපති මහනුවරට ගිහින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරු බැහැදකී! ථෙරවාදී බුදුදහම හදාරන්න ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් හදන බව කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.