මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. (Sri Lanka Latest News)
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වා ඇති මෙම පුද්ගලයා එම සංගීත කණ්ඩායම පිට පළාත්වල සංගීත සංදර්ශන පවත්වද්දී එම සංදර්ශන සංවිධායකයින්ගෙන් අවසර රැගෙන ගීතයක් දෙකක් ගායනා කරන, ගීත ගායනා කිරීමට හැකි නමුත් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙක් නොවූ පුද්ගලයෙක් බව හෙළි වී ඇත. එහෙත් ඔහු කටඋත්තර ලබා දී ඇත්තේ තමන් සංගීත ශිල්පියෙක් බව හඳුන්වා ගනිමිනි.
දුරකථනයෙන් මරණීය තර්ජනය කර මෙම ලක්ෂ 15ක මුද බලෙන් ලබාගැනීමට අදාල පැමිණිල්ල ජනක රත්නායක විසින් පසුගිය මස 16 දා ( ඔක්තොම්බර් 16) කිරුළපන පොලිස් ස්ථානය වෙත ගොනුකර තිබිණි.
මේ අනුව කළ විමර්ශන ක්‍රියාවලියේ දී මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ඊයේ (11) උදෑසන වැල්ලම්පිටිය හන්දිය තැපැල් කාර්යාලය අසල දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 240 පොලිස් භාරයට ගෙන ඇත. වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු මාතර සුල්තානාගොඩ පදිංචිකරුවෙකි.
සැකකරුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
lankasara










