• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිසාපාමොක්ලා තාමත් අපේ රටේ ඉන්නවා…! මුහුදු රකුසාගෙන් සිසුවිය බේරාගන්න ජීවිතය පූජා කළ මොනරාගල විදුහල්පතිතුමා! Sri Lanka Latest News

May 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
දිසාපාමොක්ලා තාමත් අපේ රටේ ඉන්නවා…! මුහුදු රකුසාගෙන් සිසුවිය බේරාගන්න ජීවිතය පූජා කළ මොනරාගල විදුහල්පතිතුමා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුහුද ලස්සනයි. ඒත් ඒ ලස්සන ඇතුළේ සැඟවුණු භයානකකම මිනිස්සුන්ට තේරෙන්නේ සමහර විට ජීවිතයක් අහිමි වුණාට පස්සෙයි. කිරින්ද මුහුදු වෙරලේ එදා සවසත් සිදුවුණේ එවැනිම හදවත කම්පා කරවන සිදුවීමක්.Sri Lanka Latest News

ගුරුවරු කියන්නේ මහ පුදුමාකාරයි. අපේ දුකේදීත් සැපේදීත් අපි ළඟ අපිට සම සිතින් සලකන එයාලා දෙවිවරු වගේ මිනිස්සු. ඔවුන් අපේ ජීවිතවල සාර්ථකත්වය බලලා අහිංසක සතුටක් ලබනවා. අපේ අම්මාට තාත්තාට පස්සේ අපට ඉන්න දෙවැනි මවුපියන්. අපේ සතුට අපේ සාර්ථකත්වය දැකලා හදවතින් සතුටුවන අහිංසක මිනිස්සු. ඔවුන් අපිට අයහපතක් කරදරයක් වෙනකොට අපිව පස්සට දාලා ඉස්සරහට පනින්නේ ඒ නිසයි.

මොනරාගල බඩල්කුඹුර ඥානමුදල්වා දෙමළ විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට පසුගිය 25 වැනිදා සතුටුදායක දවසක් වුණා. ඒ, එදින විදුහලේ එම දරුවන් සහ ගුරුවරුන් අධ්‍යාපන චාරිකාවක් යෑමට යොදාගෙන තිබුණු නිසයි. දිනපතා උදේ ඇවිත් හවස ගෙදර යන ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් හරි මිදෙන්න කියලා හිතාගෙනයි මෙවැනි චාරිකාවක් පාසල විසින් සංවිධාන කර තිබුණේ. දරුවන් මේ චාරිකාවට එක්ව සිටියේ මහත් උද්‍යෝගයකින්. විදුහලේ විදුහල්පතිතුමාද ඊට සම්බන්ධ වුණේ දරුවන් සතුටු කිරීම ගැන දහසකුත් බලාපොරොත්තු ඇතිවයි.

එදින උදෑසන බඩල්කුඹුරෙන් ඔවුන් පිටත් වුණේ කතරගම බලා යෑම සඳහායි. බස් රථය සිනාහඬ, ගී හඬ, විහිළු තහළුවලින් පිරී ගියා. දරුවන්ගේ මුහුණුවල තිබුණේ නිදහස පිරුණු සතුටක්. සතුටින් පිරීගිය ඒ දරුවන්ගේ දිහා බලමින් විදුහල්පතිතුමාද සතුටු වුණා. දරුවන් සතුටු වෙනවා දැකීම ගුරුවරයකුට ලැබෙන ලොකුම සතුටක්. තමන්ගේ දරුවන් වගේ ආදරයෙන් රැකබලා ගන්න ඒ ජීවිත ටික සතුටින් ඉන්නවා දැකීම ඔහුගේ හදවතටත් සතුටක් ගෙනදෙන්නට ඇති.

මේ ගමන යන අතරතුර එදින සවස 4ට පමණ ගුරුවරුන් සහ සිසු සිසුවියන් කිරින්ද මුහුදු තීරයට සේන්දු වුණේ ගමනේ විඩාව නිවාගැනීමේ අදහසින්. මේ ගිය පිරිසෙන් කිහපදෙනකු කිරින්ද මුහුදු තීරයට ගොස් මුහුදු රැල්ල පාගන්නට පටන් ගත්තේ ඉහ වහා ගිය සතුටකින්. එදා මුහුද ඉතාම සුන්දරයි. රළ පහර හරි ලස්සනට ගොඩට එනවා. දරුවන් ලස්සනට හිනාවෙවී විනෝද වුණා. ඒත් ජීවිතය කියන්නේ එක මොහොතකින් වෙනස් වෙන දෙයක් බව ඒ පුංචි දරුවන්ට මොහොතකටවත් මතකෙට නොඑන්නට ඇති.
දරු දැරියන් මුහුදු රළ සමග සෙල්ලම් කරන අතරතුර එකවරම එක් සිසුවියක් සැඩ දිය රළකට හසුව ගසාගෙන යන්නට වුණා. එලෙස මුහුදු රළ පහරට හසුව ගසාගෙන යන සිසුවිය දුටු විදුහල්පතිතුමා දෙවරක් නොසිතාම මුහුදු රළ දෙසට පැන්නේ දැරිය බේරාගැනීමේ චේතනාවෙන්. ඒත්, ඒ උත්සාහය ව්‍යාර්ථ කරමින් සිසුවිය මෙන්ම මේ විදුහල්පතිවරයාද ගැඹුරු මුහුද දෙසට ගසාගෙන ගියා. පසුව පොලිස් නිලධාරීන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් වගේම ගම්වාසීන්ද එක්ව දැඩි උත්සාහයකින් පසුව විදුහල්පතිවරයා සහ සිසුවිය ගොඩට ගෙන එනු ලැබුවා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙරළ තීරය අවට ගම්වාසීන් පවසා සිටියේ මෙවැන්නකි.
‘මෙතැන අනතුරුදායකයි. ගමේ මනුස්සයෙකුගෙන් හරි මෙතැන නාන්න සුදුසු තැනක්ද කියලා අහන්න තිබුණා. අර කොඩිය දාලා තියෙන්නේ එතැනට බහින්න එපා කියලා. හමුදාවෙන් හිටියොත් බේරගන්නවා. අපිටත් කියලා බේරගන්න කිව්වාට බේරගන්න බැහැ…’ යනුවෙන් පවසා සිටියේ ශෝකාන්තයකින් නිමාවූ පාසල් චාරිකාවක් දරුවන්ගේ මතකයට එක්කරමිනි.

දැරිය මුහුදට ගසාගෙන යනවිට අවට සිටි කිසිවකු හට කරකියා ගැනීමට දෙයක් නැතිවුණා. වහම ක්‍රියාත්මක වුණු විදුහල්පතිතුමා තමන්ගේ ජීවිතය පරදුවට තියලා ‘මම කොහොම හරි මේ දැරිය බේරගන්නවා’ කියලා හිතාගත්තා. ඒ පිම්මෙන්ම විදුහල්පතිතුමා වතුරට පැන්නා. මුහුදු රළ දරුණුයි. ඒත් ඒ මොහොතේ විදුහල්පතිතුමාගේ හිතේ තිබුණේ එක දෙයයි. ඒ, මේ දැරිය බේරගන්නවා කියන චේතනාවයි. අවසානයේ දරියගේ මවුපියන්ට තමන්ගේ දියණිය නැවත ලැබුණා. ඒත් රටකට වටිනා ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් අහිමි වුණා.

මෙසේ මියගොස් තිබුණු විදුහල්පතිවරයා වුණේ බඩල්කුඹුර අළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි නගුර පිච්චෙයි මොහොමදු නම් ගුරු පියෙක්. මේ අනතුරින් දිවි බේරාගත් අභිලාෂි නමැති 14 හැවිරිදි පාසල් සිසුවිය රෝහල්ගත කළ අතර, ඇගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරින්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.

මුහුද කියන්නේ සුන්දරත්වයත් භයානකත්වයත් එකට මුසුවුණු තැනක්. රළ පහරක් ඇවිත් එක මොහොතක මිනිස් ජීවිතයක් උදුරාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඒ මොහොතේ තවත් මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව අනෙකාගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් ඉදිරියට එන්නත් පුළුවන්. නමුත් අද බොහෝ දෙනකු කාට හරි විපතක් වෙනකොට මගහරිනවා. කවුරු හෝ මුහුදට බිලි වුණොත් පීනන්න පුළුවන් වුණත් මගහරිනවා. අද අපේ සමාජයේ ඇතැම් ගුරුවරුන් තුළින් අහිමි වෙමින් යන ඒ උතුම් මනුෂ්‍ය ගුණය ඒ ආදරය ඒ කැපවීම අපට නැවත මතක් කර දුන්නේ මේ පාසලේ විදුහල්පතිතුමායි.

අද සමාජයේ බොහෝ දෙනෙක් මුදල්, බලය, තනතුරු පසුපස දිව යනවා. තමන්ගේ ආරක්ෂාව ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිසුන් සමාජයේ වැඩිවෙලා. මේ වගේ සමාජයක තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකා දැරියකගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වීම උතුම් ක්‍රියාවක්. ඒක හුදෙක් රාජකාරියක් නෙවෙයි. ඒක සැබෑ මනුෂ්‍යත්වයයි. සැබෑ ගුරුවරයකුගේ ස්වභාවයයි. ගුරුවරයෙක් කියන්නේ පොතට පතට පමණක් සිමාවෙච්ච කෙනෙක් නෙවෙයි. දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන කෙනෙක්. ඔවුන්ට මාර්ගය පෙන්වන දෙවැනි පියෙක්. දෙවැනි මවක්. මේ විදුහල්පතිතුමා ඒ දේ තම ජීවිතයෙන්ම ඔප්පු කළා. දරුවකුගේ ජීවිතය වෙනුවෙන් තම ජීවිතය කැපකළ ඔහු සැබෑ වීරයෙක්. ලාංකිකයන් වශයෙන් අපි ඒ ගුරු පියාට හිසනමා අචාර කළ යුතුයි.

අද ඒ පාසලේ දරුවන්ට තමන්ගේ විදුහල්පතිතුමාව මතක් වෙන්නේ හදවතේ නැගෙන මහා වේදනාවක් සමගයි. ඔහුගේ හිනාව, ඔහුගේ කරුණාව, ඔහුගේ ආදරණීය වචන හැම හදවතකම ජීවත් වෙනවා. තමන්ගේ පියා අහිමි වූ දරුවන්ට වගේම තමන්ගේ ස්වාමියා අහිමි වූ බිරිඳට ඒ දුක ජීවිත කාලය පුරාම වේදනාවක් ගෙන ඒවි. ඒ හදවත් සනසා ගැනීමට ඔවුන්ට ශක්තිය ලැබේවා…

පුංචි කාලයේ අපි ඉගෙන ගන්න දේවල් අපේ පෞරුෂයටම බලපාන බව සමහර මවුපියන් හිතන්නේ නැහැ. මේ වගේ පියවරුන්ට මවුවරුන්ට එහා ගිය සෙනෙහසක් දෙන ගුරුවරු දරුවන්ට ලැබෙන්නේ කලාතුරකින්. වර්තමාන සමාජයේ මෙහෙම මිනිසත් බවක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ වගේ ගුරුවරුන් තමයි තව තවත් බිහිවිය යුත්තේ. අපේ රටට ගුරු වෘත්තියේ උතුම් බව දරුවන්ගේ හදවත් තුළ රැඳෙන්නට නම් ඔබ වැනි සිතුම් පැතුම් ඇති මිනිසුන් තව තවත් මේ මිහිපිට බිහිවේවායි ප්‍රාර්ථනය කරමු. ඔබ වැනි ගුරු පියවරුන්ට ජාතියේම ආචාරය හිමිවෙනවා නොඅනුමානයි. මනුෂ්‍යත්වය තවමත් මේ ලෝකේ ජීවමාන බව මේ විදුහල්පතිතුමා පසක් කළා. තවත් කෙනකුගේ ජීවිතය වෙනුවෙන් තමන්ව කැප කරන උතුම් මිනිස්සු මේ මහ පොළොවේ තවමත් ජීවත් වෙනවා. ජීවිතයක් බේරාගන්න තම ජීවිතය පුද කළ ඒ විදුහල්පතිතුමාට අපගේ උත්තමාචාරය. ඔහුගේ නාමය දරුවන්ගේ හදවත්වල සදාකාලිකව ජීවත් වේවා…. ඉතින් එතුමාගේ අවසන් ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සඵල වේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුව ඡන්දෙකට ලෑස්ති වෙයි! IMF එකෙන් අයින් වෙලා අත දිග ඇරලා දෙන්නයි හදන්නේ…! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ දුම්පානය නවත්වයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.